අපේ කප්රුක
* උද්භිද නාමය - Cocousnucifera
* උප වර්ගය - Monoeicia
* ගෝත්‍රය - Herandria
* කුලය - Palme
* ගණය - Cocus
* විශේෂය - Nucifera
පොල්වල ඉතිහාසය
🍀 පොල් සම්බන්ධව ඇති ඉතිහාසය ඉතා දිගු ය.සම්භවය මධ්‍යම ඇමරිකාවෙන් හා අග්නිදිග ආසියාවේ න් සිදු වූ සිදු වූ බවට පිළිගැනේ.ලංකාවේ පොල් වගා කටයුතු ඇරඹුණේ මුහුදු දියරළ මගින් හා නාවිකයන් විසින් බවට විශ්වාසයක් පවතී.ජනප්‍රවාද වල සඳහන් වන ආකාරයට විජය රජු මෙරටට ගොඩබසින විටත් පොල් හා තැඹිලි තිබී ඇත. ක්‍රි.පූ. 161- 137 අතර දුටුගැමුණු රාජ සමයේ පොල් රා ඉතා ජනප්‍රියව තිබූ බව මහාවංශයේ තොරතුරුවල සඳහන් වේ.මහාවංශයේ සඳහන් වන ආකාරයට දෙවන අග්බෝ රජතුමා පොල් වගාවට පළමුව රාජානුග්‍රහය ලබා දී ඇති අතර වැලිගම සිට දෙවුන්දර දක්වා යොදුන් තුනක පමණ දුරකට පොල් වවා ඇත.අනුරාධපුර යුගයේ කලා ශිල්ප වල මුරගල් හා දොරටුපාල රූප ආදියේ පොල් මල භාවිතයෙන් කළ නිරමාණ හමුවේ.දඹදෙණිය යුගයේ දී දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කළුතර සිට බෙන්තර දක්වා පොල් වගා කරන ලද බව චූල වංශයේ සඳහන් වේ. හයවන පැරකුම්බා රජු සමයේ තොටගමුව ප්‍රදේශයේ පොල් ගස් දහස් ගණනින් යුත් විශාල පොල් උයන් තිබූ බව චූල වංශය පවසයි.
ක්‍රි.ව.5 වන සියවසේ ලංකාවට පැමිණි පාහියන් භික්ෂුව තැබූ ලංකාව පිළිබඳ සටහන් වල පොල් ගැන ද සඳහන් කර තිබේ.
පොල් වගාව.
🍀 2 වන අග්බෝ රජු පොල් වගාවේ ව්‍යාප්තිය සදහා කටයුතු කර ඇති අතර ඉන් පසුව ලන්දේසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ අවධියේ දී පොල් වගාවට විශේෂ තැනක් ලබා දුන් බව සඳහන් වේ. බ්‍රිතාන්‍යයන් ද පොල් වගාව දියුණු කිරීම සඳහා කටයුතු කළ බවට තොරතුරු හමුවේ.
දේශගුණය හා පස.
🍀 අතීතයේ දී පොල් වගාව සරුවට සිදුව ඇත්තේ මුහුදු බඩ ප්‍රදේශ වලය. ලුණු සහිත පස පොල් වගාව සඳහා ඉතාම සුදුසු පසය. නමුත් ඕනෑම පසක වගා කළ හැකිය. ඕනෑම පළාතක වැවිය හැකිය.මිලිමීටර 2000 - 2500 අතර වසර පුරා පැතිරුණු වර්ෂාපතනයක් තිබීම වැදගත්ය. සෙල්සියස් අංශක 27 ක පමණ උෂ්ණත්වයක් තිබීම යෝග්‍ය වේ.
අපේ රටේ වගා කරන පොල්.🥥
🫐 නවසි තැඹිලි
🫐 කමදලා
🫐බෝදරි
🫐උසකොළ
🫐නවසි
🫐ගොන් තැඹිලි
🫐කුන්දිරා
🫐රන් තැඹිලි
පොල් වගාවට හානි කරන සතුන්.
📍කලු කුරුමිනියා
📍රතු කුරුමිනියා
📍පොල් කොළ කන දළඹුවා
📍වේයා
📍මයිටාවන්
කුරුම්බා හා තැඹිලි පානය.🧉🌰
🍀 කුරුම්බා හා තැඹිලි ගෙඩියකින් අමුත්තන්ට සංග්‍රහ කිරීම ආදී කාලයේ පටන් පැවැතුණු සිරිතකි. විවිධාකාරයේ පැණිබීම වර්ග වලට වඩා මේවායේ ගුණාත්මක බව වැඩි අතර ගුණාත්මක බව ද වැඩිය.පිරිසිදු හොඳම පානයක් වේ. වතුර මෙන්ම මදය ද රසවත් ආහාරයකි.මල බද්ධය, මුත්‍රා දැවිල්ල, දාහය, පිපාසය ,පණු වමනය,කුෂ්ඨ රෝග,සඳහා තැඹිලි හා කුරුම්බා ගුණදායක ඖෂධයකි.
පොල් ප්‍රභේද 🌴
පොල් ප්‍රභේද තුනකි.
🍀 උස පොල් ප්‍රභේදය
🍀අතරමැදි පොල් ප්‍රභේදය
🍀මිටි පොල් ප්‍රභේදය.
පොල් මදයේ සංයුතිය 🥥
📌 මේදය = 38
📌 සීනි = 3
📌ජලය = 45
📌ප්‍රෝටීන = 5
📌 කාබෝහයිඩ්රේට් = 9
*පොල් පරිභෝජනය
🍀අපේ රටේ පොල් පරිභෝජනයේ ඉතා ඉහළය.ආහාර පිළියෙල කිරීමේදී ගාන ලද පොල්,පොල් කිරි,පොල් සම්බෝල ,පැනි පොල්,පොල් මැල්ලුම,පොල්තෙල්,විනාකිරි, ආදී විවිධාකාරයෙන් පොල් භාවිත කරයි.පුද්ගලයකුගේ ආහාර වේලකින් 22ක් ශක්තිය ,විටමින් හා ඛනිජ වර්ග ලබා දෙන්නේ පොල් මගිනි.සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණයෙන් 1/5ක් ලබා දෙන්නේ පොල්ය.සාමාන්‍ය පුද්ගලයකු වසරකට පොල් ගෙඩි 100 - 110 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරයි.
🌴පොල් ගසේ ප්‍රයෝජනයට නොගෙන ඉවත දමන කිසිවක් නැති තරම්ය .ලබාගත හැකි ප්‍රයෝජනය එතරම්ය.
🫐 පොල් ගෙඩි
පොල් ගෙඩියේ මදය ආහාර පිළියෙල කිරීමේදී භාවිතයට ගනී .පොල් වතුර රසවත් මෙන්ම ගුණදායක පානයකි .
🫐 පොල් මල
පොල් මල සෞභාග්‍යයේ හා සශ්‍රීකත්වයේ සංකේතය සේ සැලකේ. මංගල උත්සව ආදී උත්සවවලදී පුන් කලස සලසන්නේ පොල් මලේ යෙදීමෙනි. බලි, තොවිල්, යාග හෝම ,දෙවොල් මඩු, ගම්මඩු ,කංකාරිය ආදියෙහි පොල් මල භාවිතයට ගනී.
🫐 පොල් අතු
වහල සෙවිලි කිරීම සඳහා අතීතයේ භාවිතා කළේ පොල් අතු ය .අද ද ග්‍රාමීය ප්‍රදේශවල භාවිතයට ගනී. මීට අමතරව ලිප ගිනි මොලවීම වන්නේ ද වියළි පොල් කොළ භාවිතයෙනි අලි, ඇතුන් වැනි සතුන්ගේ ආහාරය සඳහා සඳහාද අමු පොල්කොළ භාවිතයට ගනී, පොල් කොළ තම්බා වියළා වර්ණ ගැන්වීමෙන් මලු, පෙට්ටි ආදිය සකස් කරගැනීම සිදුවේ.
🫐 පොල් ඉරටු.
ඉදල් සෑදීමටත් මල් වට්ටි ,බිත්ති සැරසිලි , ආදී විසිතුරු නිර්මාණ සඳහාත් ඉරටු යොදා ගැනීම සිදුවේ .
🫐 ගොක් කොළ
මංගල අවස්ථාවලදී මෙන්ම අවමංගල අවස්ථා වලදීත් ,පිරිත් දේශනා වැනි ආගමික කටයුතුවලදී ද යාග හෝමාදියේදී ද , සැරසිලි කටයුතු සඳහාත් පහන් පැල සෑදීමටත් පාපිස්න සකස් කිරීමටත් ගන්නේ ගොක්කොලයි.
🫐 *පොල් ලෙලි හා පොල් කෙදි
පොල් කෙඳි භාවිතයෙන් බොහෝ උපකරණ සකස් කර ගනී.කොස්ස,කඹය,ලණු,මෙට්ට,පාපිස්න,බුරුසු,වැනි දෑ පොල් කෙදි ඇසුරෙන් නිපදවා ගනී.පොල් ලෙලි හා කෙදි ආශ්රිත නිෂ්පාදන ගෘහ කර්මාන්ත ලෙස අතීතයේ පටන් ප්‍රකට ව තිබුණි.පොල්ලෙලි ලිප ගිනි මෙලවීමට ගන්නා ඉන්ධනයකි.
🫐 කොහු බත්
පොල් ලෙලි තලන විට ඉවත් වන කොහුබත් වගා කටයුතු සඳහා භාවිතයට ගනී.
🫐 හනස්ස
පොල්මල ආවරණය වී ඇති කොපුව හෙවත් හනස්ස විසිතුරු නිර්මාණ සඳහා නිපදවීමටත් භාවිතා කරයි .
🫐 කුරුම්බැට්ටි
වැටීම් නිසා සිදුවුන සීරිම් වන දී කුරුම්බැට්ටියක් ගලගා ගෑමෙන් අත් බෙහෙත් සකසා ගැනීම අතීතයේ දී සිදුවිය.අද ද ගැමියන් ගේ අත් බෙහෙතක් ලෙස කුරුම්බැට්ටි යොදා ගනී.
කුරුම්බැට්ටි මැෂිම ළමුන් අතර ජනප්‍රිය සෙල්ලම් භාණ්ඩයකි.
🫐 පොල් පිති
වියලි පොල් පිති ඉන්ධනයක් ලෙස භාවිතා වේ.
🫐 පොල් කටු
පොල්කටු හැදි සෑදීමට යොදා ගනී .මාල,මුදු,කරාබු,ආදිය ආභරණ සෑදීමටත් විසිතුරු නිර්මාණ සඳහා භාවිතයට ගනී .
🫐 පොල් ලී
පොල් ගසේ කද ශක්තිමත් දැවයකි. කද ඉරා ගන්නා දැවය පරාල හා යටලී සඳහා ගනියි.
🫐 පොල් මදය ආශ්රිත නිර්මාණ
කොප්පරා,පුන්නක්කු,පිසීමට ගන්නා තෙල්,හිසේ ගාන තෙල්,සුවද සබන්,ෂැම්පු,බිස්කට් ,කේක්.
🫐 පොල් මල ආශ්රිත නිර්මාණ
පැණි,හකුරු,විනාකිරි
🫐 පොල් තෙල්
පොල් තෙල්වල මේදය බහුලය. ශරීරයට අවශ්‍ය මේදය ලබා ගන්නේ පොල්තෙල්වලිනි.පොල්තෙල් සදා ගන්නේ පොල් මිරිකා උනු කිරීමෙනි.ආහාර රසවත් කිරීමට, ආහාර වර්ග බැදීමට ගන්නේ පොල්තෙල් ය.
🫐 විනාකිරි
ආහාර රසවත් කිරීමට ගන්නා විනාකිරි නිෂ්පාදනය කරන්නේ පොල්වතුරෙනි.
☘️ දැනුමට යමක්.........
🍒 පොල් තාල වර්ගයට අයත් ගසකි.
🍒පොල් ගසේ මාතෘභූමිය මලයාව ට අයත් නිකොබාර් දූපත් යැයි අනුමාන කරයි.
🍒ශ්‍රී ලංකාවේ පොල් වගා කර ඇති බිම් ප්‍රමාණය28% ක් පමණ වේ.
🍒 කොළඹ,කුරුණෑගල, හලාවත පොල් ත්‍රිකෝණයට අයත් වේ.
🍒 පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පරියේෂණායතනය, පොල් සම්බන්ධ උපදෙස් දෙන ආයතනය වේ .