ලෝක ළමා දිනය
ඒ අද, ඔව් ඔක්තෝම්බර් පළවෙනිදා ලෝක ළමා දිනය (children's day). ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය එකම වගේ ආදරණීය ලෝකයක් බලාපොරොත්තු වෙන ළමයින්ටත්, වැඩිහිටියන්ටත් පළමුවෙන්ම ඔවුන්ට වෙන්වූ දවසේ නිරෝගී සම්පත්තිය පතන්න මම කැමතියි.
විශේෂයෙන් පුංචි දරුවෝ ගැන ලෝකයම හිතනවා. මුළු ලෝකයක්ම ඒ වෙනුවෙන් සූදානම් බොහෝ සැණකෙළි, වැඩසටහන්, තෑගි බෝග ඔවුන් වෙනුවෙන් සූදානම්, ඒත් ඒ සියල්ලටම ඔබ්බෙන් ගිය ඔවුන්ගේ ළමා කාලය අපිට ඔවුන් වෙනුවෙන් දෙන්න බැරිද?
ඉස්සර අපේ ළමා කාලය කොච්චර සුන්දරද? අපිට සෙල්ලම් කරන්න, වෙන්න පරිසරයත් එක්ක ජීවත් වෙන්න ගුණාත්මක කාලයක් තිබුණා. ඒ වගේම අපිත් ඉගෙන ගත්තා. ඒ කාලේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු බිහි වුණා. ඒත් ළමාවිය මේ තරම් සංකීර්ණ වුණේ නෑ.
ඇත්තටම මොකද වුණේ
පුංචි දරුවෝ "අ"යන්න "ආ"යන්න කියන්න පටන් ගත්තු දවසේ ඉඳලා වැටෙන්නේ නොනවතින තරගෙකට, ඉස්සර වගේ ළමයින්ට ගෙදර ඉන්න කාලයක් නෑ. ඉස්සර නම් ඉස්කෝලේ බාලාංශ යෙන් පටන් ගත්තා. ඒත් දැන් එහෙම නෑ.
play group, lower nussery, apper nussery කියලා පෙර පාසල් ම යනවා අවුරුදු තුනක්. ඊට අමතරව english, art dancing වගේ ටියුෂන් යවනවා. උපාධිය ගන්න දරුවෙකුට තරම් දරුවන්ගේ හිස පැටවිලා.
ඉස්කෝලේ යන්න ගත්ත දවසේ ඉඳන් ශිෂ්‍යත්වය, o/Level, A/Level, campus කවදද මේ තරඟෙ ඉවර වෙන්නෙ? වැඩිහිටියන් වූ පසු ද?
නෑ ඒක එහෙම වෙන්නෑ. ඔවුන් වැඩිහිටියන් වූ පසු ආයෙමත් තමන්ගේ දරුවන් අරන් තරගෙ දුවනවා.
ඇත්තෙන්ම අපි අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනි. ඒක අපේ වගකීම වෙනවා. ඒත් දරුවන්ව ඔවුන්ගේ ළමා කාලය තුළ පමණට වඩා වෙහෙස වීම තුළ ඔවුන්ට ඒ සුන්දර කාලය අහිමි වී යනවා. අපි අද ආදරයෙන් මතක් කරන ළමා කාලය අනාගතයේ දවසක අපේ දරුවන්ට මතක් කරන්න වෙන්නේ වේදනාවෙන්.
අපි අවුරුද්දට එක දවසක් ඔවුන්ට වෙන් කරනවා. ලෝක ළමා දිනය එදාට නම් ඇති නොවෙන විනෝදයක් ඔවුන්ට ලබා දෙනවා. අවුරුද්දට එක දවසක් ඔවුන් ළමුන් වීම ප්‍රමාණවත්ද?
අම්මේ,තාත්තේ මොහොතක් හිතන්න තරගෙක දුවන හැම කෙනෙක්ම ජයග්‍රහකයන් වෙන්නෙ නෑ. ඒ වගේම තමයි ජීවිතය ජය ගන්නෙත් නෑ.
ඇත්තට දරුවන්ට හැකි උපරිමයෙන් අපි උගන්වන්න ඕනි. හැබැයි ඉගෙන ගැනීම වේදනාවක් නොවෙන්න අවුරුද්දට එක දවසක් ළමා දිනයක් නොකර අවුරුද්දේ හැම දවසක්ම ලෝක ළමා දිනයක් කරමු.
දරුවාව ඉගෙනීමට යොමු කරන අතර ඔවුන්ට සෙල්ලම් කරන්න, විනෝද වෙන්න අවස්ථාවක් දෙන්න හැබැයි ඒ computer game හා රූපවාහිනිය නැරඹීම නම් නොවේ. ඔවුන්ට ඇඟ වෙහෙසා අනෙක් ළමුන් හා මිශ්‍ර වෙමින් සෙල්ලම් කරන්න දවසේ වේලාවක් වෙන් කරන්න. ඔවුන්ට ජීවිතය පිළිබඳ අත්දැකීම් ලැබිය හැකි චාරිකා මෙන්ම වෙහෙස මහන්සිය නිවෙන චාරිකා රැගෙන යන්න.