ටයිටැනබෝවා-ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා


 ටයිටැනබෝවා-ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා                                                                                       


යිටැනබෝවා යනු ටයිටැනික් බෝවා යන්නයි (ටයිටැනික්=අතිවිශාල). ඒ අනුව ටයිටැනබෝවා මීට වසර මිලියන 50කට පමණ පෙර ප්ලෙයෝසීන යුගයේ ජීවත්වුනු බෝවා කුළයට අයත් අතිවිශාල සර්පයෙකි.


අමෙරිකාවේ ප්‍රමුඛතම පර්යේශණ ආයතනයක් වන ස්මිත්සෝනියන් ආයතනයේ හා ෆ්ලෝරිඩා විශ්වවිශ්‍යාලයේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් 2004 වසරේදී දකුණු ඇමරිකාවේ කොලොම්බියා රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ කරන ලද ගවේශණයකදී ටයිටැනබෝවාගේ ෆොසිල මුල්වරට සොයාගන්නා ලදී.මෙම ෆොසිල සම්බන්ධයෙන් සිදුකල පර්යේශණ වලට අනුව ටයිටැනබෝවාට සිය මුඛය අංශක 180ක් තරම් පලලට විවෘතකල හැකි බව සොයාගැනුනු අතර ඒ අනුව ඔහුට හොඳින් වැඩුනු කිඹුලෙකු එකවර ගිලදැමීමේ හැකියාව ඇතැයි නිගමනය කෙරුණි.


මෙම සත්වයාගේ විශාලත්වය කොතරම්ද යන්න සිතා ගැනීමට පලමු  ඡායාරූපය ඔබට උපකාරීවනු ඇත. මෙම ඡායාරූපයේ සිටිනා ජේසන් බර්ක් නම් විද්‍යාඥයා ටයිටැනබෝවා සොයාගත් ගවේශණ චාරිකාවේ සාමාජිකයෙකු වන අත ඔහුගේ දකුණතේ (රූපයේ වම්පස ) ඇත්තේ ටයිටැනබෝවාගේ කශේරුකාවේ එක් ෆොසිලකරණය වූ අස්ථියක් වන අතර ඔහුගේ වම් අතෙහි ඇත්තේ දැනට බරින් වැඩිම, ශක්තිමත්ම සර්පයා වන කොළපැහැති ඇනකොණ්ඩාගේ කශේරුකාවේ අනුරූප අස්ථියයි. අස්ති දෙකෙහි විශාලත්ව වෙනස බැලීමෙන් ටයිටැනබෝවා මොනතරම් විශාල සර්පයෙකු වන්නට ඇතැයිද යන්න ඔබටම සිතාගන්නට පුලුවන් නේද? 


ටයිටැනබෝවා ෆොසිල සොයාගත් පර්යේශණ චාරිකාව සංවිධානය කල ස්මිත්සෝනියන් ආයතනය ඔවුන්ගේ සුප්‍රසිද්ධ ස්මිත්සෝනියන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ටයිටැනබෝවාගේ ජීවප්‍රමාණ ප්‍රදර්ශණාකෘතියක් නිර්මාණය කොට මහජන ප්‍රදර්ශණයට තබා ඇති අතර ස්මිත්සෝනියන් ආයතනයට අයත් ස්මිත්සෝනියන් චැනල් නම් රූපවාහිනී නාලිකාව මෙම සර්ප විශේෂය ගැන අධ්‍යාපනික වාර්තා චිත්‍රපටයක්ද නිමාණය කොට තිබේ. ටයිටැනබෝවා බරින් ටොන් එකක් පමණ වන්නට ඇතැයි ගණන් බලා ඇත

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form