රැල්ලට ඇවිත් ගසාගෙන ගිය ගැජට්ස්
“තාමත් මොකද මේ? දැන් ඔය ළමයි ගෙදර යන්න” කියනවා වගේ කාලෙන් කාලෙට අපි පාවිච්චි කරන ගැජට් වෙනුවට අලුත් ගැජට් ඇවිත් දැන් පාවිච්චි කරන ඒවා නැති වෙයි කියන මට්ටමට අපි බය කරන රැළි එනවා. ඒත් ඒ විදිහට එන සමහර ඒවා රැළි ගහන තරම් උඩ යන්නේ නැහැ. මාස කිහිපයකින් බැලුවාම ආයේ මුල තැනම නතර වෙනවා. ඉතින් මේ විදිහට ලෝකේ ලොකු රැළි එක්ක ආපු, එත් උඩට ගියේ නැති ගැජට් 7ක් ගැන විස්තර අපි බලමු.
1. සැම්සන්ග් ගැලක්සි නෝට් 7 (Samsung galaxy note 7)
සැම්සන්ග් සමාගමේ ආපු නිෂ්පාදන වලින් අයහපත් පැත්තෙන් ලෝකෙම ජනප්‍රිය වුණු නිෂ්පාදනයක් තමයි සැම්සන්ග් ගැලක්සි නෝට් 7. හදිසියේ ගිනි ගන්නා අවදානමක් ආ නිසා සැම්සන්ග් ගැලක්සි නෝට් 7 ගුවන් යානා වල රැගෙන යාම පවා තහනම් කෙරුණා. සැම්සන්ග් සමාගම විකිණූ ෆෝන් නැවත බාරගත්තා. නැවත ඒ ෆෝන් නිකුත් කරන්න කටයුතු කළත් ඒත් දෙවනි වතාවෙත් ෆේල් වුණා. ඒ ගමන සැම්සන්ග් සමාගම ඒ නෝට් 7 වර්ගය අත හැරලා දැම්මා අසාර්ථක නිමැවුමක් විදිහට.
2. ඇමසන් ෆයර් ෆෝන් (Amazon Fire Phone)
ඇමසන් ෆයර් කියන්නේ නෝට් සෙවන් වගේ එකක් නෙමෙයි. ඇමසන් කියන්නෙත් ඩේටා බිස්නස් එකේ ගූග්ල් වගේම ඉන්න කාණ්ඩයක්. ඉතින් ඇමසන් අයටත් ඕනි වුණා ෆෝන් එකක් හදන්න. ඒත් ගූග්ල් දායකත්වය අඩු ෆෝන් එකක් තමයි ඇමසන්ලට හදන්න ඕනි වුණේ. ඇමසන්ලාගේ ෆිල්ම් ස්ට්‍රීමින් සර්විස්, පොත් සර්විස්, ඔන්ලයින් ස්ටෝරේජ් සර්විස් ඒ හරහා වඩාත් ව්‍යාප්ත කරන්න තමයි එයාල හැදුවේ. ඒත් ඇමසන් ෆයර් ෆෝන් එක එච්චර සාර්ථක වුණේ නැහැ. ඒක මාස කිහිපයකින් නවත්වලා දාන්න ඇමසන් සමාගමට සිදු වුණා.
3. ද ඖයා (The Ouya)
ද ඖයා කියන්නේ මයික්‍රොසොෆ්ට්, සෝනි, නින්ටෙන්ඩෝ වගේ ලොකු සමාගම් එකතු වෙලා සැලසුම් කරපු ගේමින් කන්සෝල් එකක්. ඒ හරහා මොබයිල් ෆෝන් එකෙන් ගහන ගේම් ඊට වඩා ලොකු ස්ක්‍රීන් එකක ගහන්න පහසුකම සලසන්න තමයි ලෑස්ති වුණේ. ඒත් ඒ වැඩේ තාක්ෂණික බාධාවන් නිසා ජයගන්න බැරි වුණා. ෆෝන් ගේම් වල තියෙන ඒ පරිසරය කෙලින්ම තිරයකට ගනිද්දි එන අවුල් ටික ගොඩදාගන්න ඖයාට අමාරු වුණා.
4. Nexus Q
ගූග්ල් සමාගමේ සාර්ථක නෙක්සස් ෆෝන් දැන් නැහැ. ඒත් තිබුණ කාලේ නෙක්සස් කියන්නේ ෆෝන් ලෝකේ රජ බඩු වෙලා හිටියා. මේ නෙක්සස් කිව් (Nexus Q) කියන්නේ ගූග්ල් අයගෙම ෆෝන් නොවන වෙන වැඩක්. මේකෙන් අදහස් කළේ ස්ට්‍රීමින් සර්විස් එකක්. මේකේ හැඩය තරමක කොමඩු ගෙඩියක් වගේ. මේ හරහා අන්තර්ජාලයේ ප්ලේස්ටෝ වල තියෙන චිත්‍රපට, යූටියුබ් සහ වෙනත් ස්ට්‍රීමින් සේවාවන් වල අත්දැකීම ලබාගන්න පහසුකම තිබුණා. ඒත් ගූග්ල් ක්රෝම්කාස්ට් වගේ පොඩි බඩුවක් නෙමෙයි මේක. ඇපල් ටීවී වගේ පැත්තක තිබුණ මාකට් එක ඉලක්ක කළත් නෙක්සස් කිව් එකත් සාර්ථක වැඩක් වුණේ නැහැ.
5. ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට්
ඇන්ඩ්‍රොයිඩ් ආපු මුල් කාලේ ගැලක්සි ටැබ් නෝට් 1, මෝටරෝලා සූම් වගේ නම් වලින් ටැබ් සීරීස් ආවා. මේවායෙන් පස්සේ කාලේක ගැලක්සි ටැබ් එහෙම සාර්ථක වුණා. ඒත් අනෙක් ඇන්ඩ්‍රොයිඩ් ටැබ් සාර්ථක වුණේ නැහැ. දැනටත් ටැබ් කිව්වොත් ඇපල් අයි පෑඩ් එක හැර වෙනත් එකක් අපිට මතක් වෙන්නේ නැහැ. ඒ අයි පෑඩ් වලට තියෙන ආකර්ෂණය දිනාගන්න ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් ඇතිවුණත් ඒ මට්ටමට එන්නට නම් කිසිම ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකකට හැකි වෙලා නැහැ. ගැලක්සි ටැබ්, මී ටැබ් ආදී ටැබ් තිබුණත් ඔවුන්ගේ ජනප්‍රියත්වය තවමත් සාපේක්ෂව අඩුයි.
6. මයික්‍රොසොෆ්ට් ලුමියා 950
ලුමියා සීරීස් එකේ ලුමියා 550, 620 වගේ ෆෝන් ලංකාවෙත් ජනප්‍රිය වුණා. ඒත් ටික කාලයයි. මේ ලුමියා සීරීස් එකේ 950 ආවේ ලොකු සද්දයක් දාගෙන. ඒකේ කැමරාව ඒ වෙද්දි තිබුණ ලොකුම කැමරාවක්. ඒත් මේ ලුමියා ෆෝන් එකත් සාර්ථක වුණේ නැහැ. වින්ඩෝස් මොබයිල් ඕ එස් එකට නැතුව නොකියා සමාගම කෙලින්ම ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුණා නම් ඔවුන්ට මොබයිල් ලෝකයේ ජනප්‍රියත්වය දිගටම තියාගන්න තිබුණා කියලා අදටත් සමහර තාක්ෂණික විශේෂඥයන් විශ්වාස කරනව.
7. වී ආර් කණ්ණාඩි
වර්චුවල් රියලිටි තියෙන දේවල් ගැන ලොකු කතාබහක් පසුගිය කාලෙ ඇතිවුණා. ත්‍රීඩී තාක්ෂණය ඔස්සේ ෆෝන් එකෙන් වුණත් වීඩියෝ බලන්න පුළුවන්කම ගැන කියවුණා. ඒ වගේම ගූග්ල් සමාගම ගූග්ල් ග්ලාස් කියලා වෙනමම කණ්ණාඩි දෙකකුත් සැලසුම් කළා. ඒත් මේ වර්චුවල් රියලිටි හරහා ඒ දේවල් නරඹන එක සැරට ජනප්‍රිය වුණේ නැහැ. වී ආර් බොක්ස් වරක් දෙකක් පාවිච්චි කළත් ඉන්පසු දිගින් දිගටම පාවිච්චි කරන අය හොයාගන්න දුර්ලභයි.
ලෝකයේ ගොඩක් ගැජට් හදන සමාගම් ගැජට් වලින් හොයන ලාභය විවිධ අලුත් දේවල් වලට ආයෝජනය කරනවා. ඒ කරන හැම ආයෝජනයක්ම ලොකුවට ලකුණු ගන්නේ නැහැ. ඒත් එහෙම නොකරත් බැහැ. මොකද මාකට් එකට අලුත් අත්දැකීමක් නොදී හැමදාම ටෙක් ලෝකයේ එකම දෙයක් හදාගෙන පවතින්න බැහැ. ඉස්සර නම් ටීවි එකක්, රේඩියෝ එකක් කියන්නේ සරල දෙයක්. ඒත් කාලෙත් එක්ක ගැජට් වලට එහෙම ස්ථාවර අගයක්, පෙනුමක් ලැබෙන එක නැවතිලා තියෙනවා. දැන් ටීවි එකක් වුණත් ගන්නකොට ඉස්සරට වඩා දේවල් අපි හොයනවා. දේවල් සලකා බලන්න තියෙනවා. ඉතින් මේ ආටිකල් එකෙන් ඒ විදිහට අලුතින් ආවත් වැඩිය ජනප්‍රිය වුණේ නැති ටෙකි දේවල් ගැන ඔයාලට අවබෝධයක් එන්න ඇති. .