ජලයේ දැල්වෙන චීනයේ කපුරු


 ජලයේ දැල්වෙන චීනයේ කපුරු


චීනය යනු කෘෂිකාර්මික රටවල් අතරින් ලෝකයේ පළමු තැන ගන්න රටයි. ලෝක කෘෂි නිෂ්පාදන වල වැඩි ප්‍රතිශතයකට උරුමකම් කියන්නේ චීනයයි. ලෝකයේ ජනගහනය අතින් මුල් තැන ගන්නා චීනයේ ප්‍රධාන අභියෝගය වන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා කෘෂි භුමි වල හිග තාවයයි. මෙය ජය ගැනීම සඳහා ඔවුන් දිනෙන් දින විවිධ අත්හදා බැලීම් සිදු කරන අතර නවීන තාක්ෂණ උපක්‍රමද භාවිතා කරයි. 


මල් වගාවෙන්ද චීනය ප්‍රමුඛ තැනක් හිමි කරගෙන සිටින අතර ලෝකයේ විශාලතම මල් වෙළඳ පොලටද ඔවුන් හිමිකම් කියයි. කපුරු වගාව එසේත් නැතිනම් chrysanthemum වගාවේ ප්‍රමුඛයන් වන චීනය 30 වඩා වැඩි කපුරු වර්ග කැපුම් මල් ලෙස වාණිජව වගා කරයි. වසරකට අක්කර 10,000 පමණ වපසරියක කපුරු වගා කර මල් කිනිති බිලියන 02 පමණ අස්වැන්නක් ලබා ගන්න චීනය කපුරු වගාව සඳහා විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. ඔවුන්ට ප්‍රධාන ගැටලුව වන භුමියේ හිගකම ජයගනිමින් ඔවුන් වගුරු වැනි ජලය එක රස වන භුමි තුල කණු සිටවා ඒ මත කපුරු වගා කිරීම සිදු කරයි. මිට අමතරව කුඹුරු මතුපිටද කණු සිටවා ඒ මත කපුරු වගා කිරීම සිදු කරනු ලබයි. එකම භුමිය බෝග දෙකක අස්වැන්නක් ලබා ගනිමින් භුමියේ උපරිම පලදායිතාව ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.


ශ්‍රී ලංකාවේ මල් සඳහා ගොඩ නැගුනු සංකෘතියක් නොමැති වුවත් මේ වන විටත් මල් සැරසිලි සඳහා යොදා ගන්නා ඕකිඩ් සහ රෝස වැනි කැපුම් මල් අපනයනය කරයි. කැපුම් මල් කර්මාන්තයේ සියලු මල් වර්ග ශ්‍රී ලංකාව තුල වගා කිරීමට යෝග්‍ය දේශගුණය සහිත නිසා කැපුම් මල් වගාව දියුණු කිරීමෙහි ලා නව කෘෂි ව්‍යවසායකයින්ගේ නැඹුරුතාවය, ගවේෂණය අවශ්‍යම අවස්තාවක් ලෙස මෙම යුගය හැදින්විය හැක.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form