මා මියගිය පසු මාගේ සුරතලාව මා අසලින්ම තබන්න.


 මා මියගිය පසු මාගේ සුරතලාව මා අසලින්ම තබන්න...........


අදින් වසර තිස් තුන්දහසකට පෙර අතීතයේ දිනයක වයඹදිග ආසියානු භූමියකදී මානවයා සහ සුනඛයා අතර නොබිඳෙන මිතුදම මුලින්ම ආරම්භ වූ බව පැවසෙනවා.එතැන් පටන් මිනිසාට මිනිසා විසින් උරුම වන ආදරයට වඩා ශක්තිමත් බැඳීමක් සුනඛ පවුලේ සාමාජිකයන් වෙතින් උරුම වූ බවට ඉතිහාසයේ සෑම යුගයකක් විසින්ම හඬනගා පවසන කරුණක්.


සත්ව පරිණාමය පිළිබඳ ග්‍රන්ථ 10ක් සහ නිබන්ධන 30ක් පමණ රචනා කර ඇති කීර්තිමත් ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයෙකු සහ ගුරුවරයෙකුද වූ මහාචාර්ය "ග්‍රෝවර් ක්‍රාන්ට්ස්" සහ අයිරිශ් වුල්ෆ්හවුන්ඩ් වර්ගයේ "ක්ලයිඩ්" නම් එතුමාගේ ආදරණීය සුනඛ මිතුරා අතර පැවති මිතුදම ඉතිහාසයේ තවත් එවැනි එක් පරිච්ඡේදයක්.


" මම ගුරුවරයෙක්.! ජීවිතේ වැඩිම කාලයක් කරේ උගන්නන එක.මරණින් පසුව වුනත් උගන්නන්න මම කැමතියි.ඒ නිසා මාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර විශ්වවිද්‍යාලයට දීමට මා තීරණය කරනවා...! නමුත් ඒ එක් කොන්දේසියක් මත පමණයි.මා මියගිය පසු මාගේ සුනඛ මිතුරාව මා අසලින්ම තබන්න.එයයි මාගෙ අවසාන ඉල්ලීම.මාගේ කොන්දේසිය..!" 


අග්න්‍යාශ පිළිකාවට එරෙහි සටන පරාජය වී මරණයේ දොරටුව අසල සිටියදී මරණින් පසු සිය විශ්‍රාම දිවිය තමන්ගේ ආදරණීය සුරතලා සමග ගත කිරීමේ අරමුණින් සිදුකල ඔහුගේ අවසාන ඉල්ලීම වූයේ එයයි.


2002 වසරේදී ග්‍රෝවර් ක්‍රාන්ට්ස් මියගියා.ඉන්පසුව ඔහුගේ දේවය රැගෙන යන්නේ ටෙනිසීස් මානව ගොවිපළටයි.මියගිය මිනිසි සිරුරු තැන තැන නිදැල්ලේ තබා දිරාපත්වීම ඉඩහැර ඒවායේ වෙනස්කම් අධ්‍යනය කරන විශේෂ වෝහාරික වෛද්‍ය විද්‍යා පරීක්ෂණාගාරයක් වූ එහි වසරක් පමණ තිබූ ග්‍රෝවර් ක්‍රාන්ට්ස්ගේ අවශේශ කොටස් අවසානයේ 2003 වසරේදී ලොව විශාලතම කෞතුකාගාර සංකීර්ණය හිමි ස්මිත්සෝනියානු කෞතුකවස්තු අධ්‍යනායතනට රැගෙන යනවා.ඒ වන විටත් ග්‍රෝවර්ගේ සුරතලාගේ අස්ථි කොටස් සිය ස්වාමියා එන තෙක් එහි බලාසිටියා.


ස්මිත්සෝනියානු ආයතනයේ දක්ෂ නිර්මාණකරුවෙන් අස්ථි කොටස් සැකසීම සිදුකරනවා.ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ ග්‍රෝවර් ක්‍රාන්ට්ස්ගේ නිවසේ වූ චායාරූපයක දැක්වුනු ඉරියව්වක්.සුරතලා සිය ඉදිරි ගාත්‍රා ස්වාමියාගේ උරිසේ තබාගෙන සිටිනා ඉරියව්වක් වූ එය ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය වෙනවා.අවසානයේදී ස්මිත්සෝනියානු ජාතික කෞතුකාගාරයේ වීදුරු කුටියක් තුල ඒ ආදරණීය වැළඳගැනීම තැන්පත් කෙරෙනවා...

එදා සිට අද දක්වාමත්,අදින් පසු තවත් යුග ගණනාවකුත් අනාගතයට කාල රේඛාව ඔස්සේ ග්‍රෝවර් ක්‍රාන්ට්ස්ගේත් ක්‍ලයිඩ් නම් ඔහුගේ සුරතලාගේත් මේ ආදරණීය වැළඳ ගැනීම විසින් ආදරයේ පණිවිඩ සම්ප්‍රේෂණය කරනු ඇති.පහත චායාරූපයේ දැක්වෙන්නේ ඒ අපූරු සබැඳියාවේ ආමන්ත්‍රණයයි.


--- සංකල්ප ගුණතිලක✍|02-12-2020


(කතෘ අයිතිය සුරකින්න)

1 Comments

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form