හෙලිකොප්ටර පවා ඔසවන ලොව විශාලතම හෙලිකොප්ටරය - MI
MI-26
OKB මිල් නම් හෙලිකොප්ටර සමාගම නිපදවූ MI-26 හෙලිකොප්ටරය 1997 දෙසැම්බර් 14 වැනිදා පළමු ගුවන්ගත වීමත් සමග සේවයට එක් විය. 1983 සිට එය සෝවියට් ගුවන් හමුදාවට එක් විය. සාමාන්‍යයෙන් හෙලිකොප්ටරයක් උපරිම තල බමන 5 ක් ඇතත් මෙහි ප්‍රධාන තල බමන 8ක් ඇති ලොව එකම සහ ප්‍රථම හෙලිකොප්ටරයයි. මෙහි ප්‍රධාන තල බමනය අඩි 105 විෂ්කමභයකින් යුක්තය. වලිගයේ ඇති උප, කුඩා තල බමනයේ විෂ්කම්භය මීටර් 7.6 කි. එය කුඩා හෙලිකොප්ටරයක තල බමනයට සමානය. මෙහි විශාලත්වය කොපමනද කියා ඔබටම සිතා ගත හැකිද? MI-26 උපරිම එසවුම් බර කිලෝග්‍රෑම් 56,000 හෙවත් රාත්තල් 123,500 වන තරමට ඉහළය. MI-26 හිස් බර කිලෝග්‍රෑම 28,600කි. එහි වරකට ටොන් 20ක් පටවාගෙන යා හැක! මෙයට මිනිසුන් 100 ක් රැගෙන යා හැකි අතර, මීටර 4600 ඉහල පියාසරකල හැක. අමතර ඉන්ධන සහිතව 1,200 km දුරක් පියාසර කල හැක. උපරිම වේගය පැයට කිලෝ මිටර 295 වන අතර ඉහල නැගීමේ වේගය තත්. මීටර 4.9 ක් තරම් ඉහල අගයක් ගනි. අශ්වබල 11,400 ලොටරෙව් Turb0shaft(ටර්බෝසාෆ්ට්) එන්ජින් දෙකකින් මෙය පනගැන්වේ යානයේ දිග 40 m දිගකින්ද, 8.14 උසකින්ද යුක්තවේ . මෙවැනි ඉහල තාක්ෂණික යානයක් 1997 වැනි වසරක සැදීම සැබවින්ම විස්මයජනකය.
කාර්යභාරය
ගුවන් දොඹකරයක් ලෙස ප්‍රසිද්ධ MI-26 යුධ ටැංකි, රථවාහන්, විශාල කන්ටේනර, ජෙනරේටර, කාලතුවක්කු, බැලස්ටික් මිසයිල, බුල්ඩෝසර, වානේ නල ආදි අධික බරකින් යුක්ත භාණ්ඩ ප්‍රවාහනයට MI-26 යොදාගනී. උපක්රමික වශයෙන් සතුරාට නොපෙනන පරිදි සගවාතැබූ ගුවන් යාන නැවත ධාවන පථය මත තැබීමටද, ඉදිකිරීම් කටයුතු සදහාද MI-26 යොදාගනී. මෙය ඉන්ධන ගබඩා කරගෙන ගොස් ගුවනේදී ජංගම ඉන්ධන ගබඩාවක් ලෙසද, ජංගම රෝහලක් ලෙසද, ගිනි නිවීම් කටුයුතු සදහාද මෙය යොදා ගතහැක.
ඇමරිකන් හෙලිකොප්ටර් පවා ඔසවන රුසියානු හෙලිකොප්ටරය
MI-26 රුසියානු ගුවන් යානා තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයකි. ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව යුධ කටයුතු කරනා විට එරට විශාලතම ද්විත්ව භ්‍රමක හෙලිකොප්ටරය වන CH-47(චිනුක්) හෙලිකොප්ටර යානා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. මෙහෙයුම් අතරදී ඉහළ කදුකර පෙදෙස්හි එම ඇමරිකානු චිනුක් හෙලිකොප්ටර කාර්මික දෝෂවලට ලක් වූ විට එවා පිළිසකර කිරීමට කාබුල්හි ඇමරිකානු ගුවන් හමුදා කදවුරු වෙත ගෙන යාමට අවශ්‍ය විය. එය කළ හැකි එකම ක්‍රමය වන්නේ තවත් හෙලිකොප්ටරයක් මාර්ගයෙන් කේබල් වලින් අමුණාගෙන යෑමයි. නමුත් ඇමරිකාවේ විශාලතම හෙලිකොප්ටරය වන CH - 47(චිනුක්) මගින්ද එය කළ නොහැකි විය. චිනුක්හි අනවශ්‍ය උපාංග සියල්ලම ගලවා බර සැහැල්ලු කර දෝෂ සහිත යානා එසවීම නිෂ්ඵල වූයේ ඉහළ කදුකර පෙදෙස්වල වාතයේ ඝනකම අඩු නිසාය. මේ හමුවේ එකම විකල්පය වූයේ දැවැන්ත මුදලක් රුසියානු රජයට ගෙවා MI-26 හෙලිකොප්ටර කුළියට ගෙන එමගින් ආපදාවන්ට ලක්වූ ඇමරිකානු CH-47(චිනුක්) හෙලිකොප්ටර කාබුල් වෙත ගෙන යාමයි.
සුවිශේෂ ලක්ෂණ
MI-26 තුළ බඩු පැටවීම සදහා යානය තුළම දොඹකර පද්ධතියක් තිබීම මෙහි ප්‍රයෝජනය තව තවත් ඉහල නංවයි. පුලුල් ලෙස විවර කල හැකි විශාල ගබඩා දොරක්ද, හයිඩ්‍රොලික් බලයෙන් උස වෙනස් කර බඩු පැටවීම පහසු කරවන රෝද පද්ධතියකින්ද සමන්විත වේ. තවද ගිනි නිවීම සදහාම විශාල බටයක් ඇත.තවද මෙයට න්‍යෂ්ටික පරිසර තුළද ක්‍රියාත්මක විය හැක. MI-26හි සබ්මැරීන් නාශක, අරෝග්‍ය ශාලා, ගිනි නිවීම් ආදී මාදිලි 17 කට අධික ප්‍රමාණයක් ඇත.
වටිනාකම හා භාවිතා කරනා රටවල්
MI-26 ඩොලර් මිලියන 10ක්($ 10,000,000) ශ්‍රී ලංකා රුපියල්වලින් රූ.2,000,000,000 පමණ අධික වටිනාකමකින් යුක්තය. ප්‍රධාන වශයෙන් මෙම යානා රුසියාව, ඉන්දියාව, මෙක්සිකෝව, වෙනිසියුලාව, කැනඩාව, ග්‍රීසිය, ස්විට්සර්ලන්තය ආදී රටවල් 20 ක් භාවිතා කරයි.
#මෙයට සමත් වෙනත් හෙලිකොප්ටරයක් කිසිදු රටක නිපදවා නැත. එය මෙහි විශේෂත්වය තව තවත් ඉහළ නංවයි. මෙම හෙලිකොප්ටරය ලෝක වාර්ථා 65 කට අධික සංඛාවක්ද නිර්මාණය කර තිබීම පුදුමාකාරය. තවද මෙවන් සුවිශේෂි යානවක් 1997 තරම් අතීතයන් නිපදවීම සැබවින්ම විශ්මයජනකය. මෙවන් යානාවක් නිපදවීමට ඇමරිකාවට වර්තමානයේ පවා නොහැකිය. 1997 වර්ෂයේ රුසියාව MI-26 නිපදවන කල්හි ඇමරිකාව තාක්ෂණයේ ළදරු මට්ටමක සිටිය බවත් මතක් කරන්නට කැමතියි. මෙය රුසියානු ගුවන් තාක්ෂණයේ ආශ්චර්යකි