රොරයිමා කන්ද (Roraima Mountain )
මේ විශ්මිත මුදුනක් නැති කන්ද පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය, වෙනිසියුලාව හා ගයනා යන රටවල් තුනටම අයත් භූමියකයි. ඒ කියන්නේ රොරයිමා කන්දේ තියෙන විශේෂත්වය තමයි මෙය රටවල් තුනකටම අයිති කන්දක්. මේ කන්දේ ඇති විශ්මයජනක බව වන්නේ මීටර 2840 ක උසකින් යුක්තව කඳු මුදුන සමතලා ස්වරූපයක් ගැනීම. එය හරියටම විශාල මේසයක් වගේ නියමිත ජ්‍යාමිතික හැඩතල මැන නිර්මාණය කරවූවක් ලෙසයි දිස් වන්නේ. මේ අද්භූත පිහිටීම ගැන පර්යේෂණ පවත්වපු භූ විද්‍යාඥයන් පවසන්නේ මේ ප්‍රදේශයට නිතර නිතර බලපාන අධික වැස්සෙන් හා සුළඟින් කඳු මුදුනේ සිදුවූ පාංශු ඛාදනය බොහෝ කාලයක සිට නොනවත්වා සිදුවීම නිසා මේ ආකාරයට කඳු මුදුනක් නැති වී තිබෙන බවයි. මේ ආශ්රිතයට සුලබව ලැබෙන වැසි සහිත කාළගුණික තත්වය නිසාම ඉතාම අලංකාර ස්වාභාවික දියඇළි පවා නිර්මාණය වී තිබෙනවා. කෙසේ නමුත් මෙය තරණය කළ හැක්කේ වෙනිසියුලාව දෙසින් පමණක් වන අතරම මෙය කනාමියා ජාතික උද්‍යානය මධ්‍යයේ පිහිටලා තියෙනවා.
මේ රොරෙයිමා කන්ද ආශ්‍රිතව තිබෙන ශාක හා සත්ව වර්ගයන් ගත්තොත් අන්කිසිම තැනක දක්නට ලැබෙන්නේ නැති තරමටම ආවේණික සතුන් සහ ශාක රාශියක් මෙම ස්ථානයේ තියෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඒ වගේම මේ කන්ද අවට ජීවත් වන බ්‍රසීලය, වෙනිසියුලාව සහ ගයනාවට අයත් පැරැණිම ස්වදේශික ජනතාව සතුව ඔවුන්ටම ආවේණික ජීවන රටාව හා සංස්කෘතියක් තිබෙන අතරම මේ නිසාම මේ ප්‍රදේශයේ ජීවත් වන බොහෝ සත්ව විශේෂ මේ ස්වදේශික ගෝත්‍රිකයන් තමන්ගේ ආහාර ලෙස භාවිත කරනවලු. මෙහි වාසය කරන ජීවීන් ඉතා ඉක්මණින්ම වඳවී යැමට එය බොහෝ සෙයින් ඉවහල් වෙන බවයි විද්‍යාඥයන්ගේ මතය වෙන්නේ. 🧚
ඊට අමතරව තවත් විද්වතුන් පවසන අන්දමට පුරාණයේ පිටසක්වල ජීවීන් ඔවුන්ගේ යානා නවතා තැබීමට සහ ගොඩ බෑමට රොරයිමා කන්ද භාවිතයට ගෙන තියෙනවලු. ඔවුන් පෙන්වා දෙන්නේ මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවයි. ඒ වගේම මෙම කන්දේ හැඩයට හේතු වන්නේ එහි මතුපිට පිහිටන ඝනකාභ හැඩයක් ඇති විශාල පාෂාණයක් නිසා මෙය සොබාදහම විසින් ඉබේ නිර්මාණය කරවූවක් කියා නිකන්ම බැහැර කළ නොහැකි බවයි ඔවුන්ගේ අදහස.
ඒ වගේම මෙහි මතුපිට ඇති සමතලා හැඩය නිසා පුරාණ පිටසක්වල පිළිබඳ පරීක්ෂණ පවතින්නන් පවසන්නේ, මෙය පිටසක්වල ජීවීන්ගේ ගුවන් තොටුපලක් ලෙස භාවිතා කළ බවයි. මෙය ආශ්‍රිතව ඉතා ආකර්ශණීය ජනශ්රැති රැසක් තිබෙන අතරම එය මේ මතයන් සනාථ කිරීමට මහඟු පිටුවහලක් සපයනවා. ඒ අනුව පැවසන්නේ මෙය මතුපිට ජීවත් වූ අමරණීය මිනිසෙකු ගැන විස්තරයි. ඒ වගේම ඔහු හමුවීමට අහසින් පැමිණි දෙවි වරුන් පිළිබඳවත් විස්තර එම ජනශ්රැති වල සඳහන් වෙනවා.