තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටි 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් වාර්තා වේ. ඇය ක්ලේරා ලෙනන්ය. ඇගේ සුරතලා සාරා නම් කිකිළියකි.


 තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටි 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් වාර්තා වේ. ඇය ක්ලේරා ලෙනන්ය. ඇගේ සුරතලා සාරා නම් කිකිළියකි. 


දිනක් ක්ලේරා තම සුරතලිය කර මත තබා ගෙන සිටියදී ඇයට කන් පෙත්තේ වේදනාවක් දැනී බැලීමේදී සුරතලා ඇගේ කරාබුව ගිල දමන අයුරු දුටු බව ඇය පවසයි. 


දිනපතා සාරාගේ මළපහ පරීක්‍ෂා කර බැලූවත් තම කරාබුව සොයා ගැනීමට නොහැකි වී ඇත. පසුව පරීක්‍ෂණයක් මගින් කිකිළිගේ උදරයේ කරාබුව සුරක්‍ෂිතව තිබෙන බව සොයා ගැණිනි. සැත්කමකට භාජනය කර දියමන්ති කරාබුව ගැනීමට හැකි බවද පශු වෛද්‍යවරුන් පවසා ඇත. 


නමුත් එයින් තම සුරතලාට විඳීමට සිදුවන වේදනාව දරා ගත නොහැකි බවත් එයින් සාරාගේ ජීවිතයට අනතුරක් වුවහොත් තම 6 හැවිරිදි දියණිය නැති වීම හා සමාන බවත් ඇය පවසයි. 


කිකිළිය දැන් ඉතා වයස්ගත බවත් තව ටික දිනක් බලා සිටීමට හැකි බවත් ඇය පැවසුවාය. 


එම දියමන්ති කරාබුව ඇගේ පෙම්වතා ඇඩම් විසින් ඇයට තෑගි දෙන ලද්දකි. එහි වටිනාකම පවුම් 300ක් වන බව සඳහන්ය.


උපුටා ගැනීමකි

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form