🐢🦈🐟🐒පෘෂ්ඨවංශින් පිලිබද කෙටි විස්තරයක්...... පෘශ්ඨවංශින් යනු

 🐢🦈🐟🐒පෘෂ්ඨවංශින් පිලිබද කෙටි විස්තරයක්......

පෘශ්ඨවංශින් යනු

💥කොදු අැට පෙළක් සහිත සතුන් වේ..


🐒🐢ඔහුන්ගේ ව්‍යූහමය ලක්ෂණ පදනම් කර ගෙන කාණ්ඩ 5️⃣ බෙදා අැත.

       1️⃣ පිස්කේස්🐟

       2️⃣අැම්ෆිබියා🐸

       3️⃣රෙප්ටිලියා🐢

       4️⃣අාවේස්🦢

       5️⃣මැමේලියා🦇



1️⃣.පිස්කෙස්

      (මත්ස්‍යයින්)

💥 පහත ලක්ෂණ දරයි.

🐟 අස්ථිමය  හෝ කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි.

🐟 දේහය කොරපොතු වලින් අාවරණය වි අැත.

🐟 පිහිනිම සදහාත්, සංතුලතා සදහාත් වරල් දරයි.

🐟 චලතාපි සතුන් වේ.

🐟 උදා: සමනල මත්ස්‍යයා,මඩුවා,මුහුදු අශ්වයා

2️⃣.අැම්ෆිබියා

     (උභය ජිවින්)

💥පහත ලක්ෂණ දරයි.

🐸 සංචරණය සදහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.

🐸 චලතාපි සතුන් වේ.

🐸 සමෙහි කොරපොතු නොපිහිටයි.

🐸 ශ්වසනය පෙනහැලි හෝ තෙත සම හෝ මුඛය මගින් සිදුකරයි.

🐸 උදා: ගෙම්බා,මැඩියා,සලමන්දරා,නුට්ටා,පණු ගෙම්බා


3️⃣.රෙප්ටිලියා

      (උරගයින්)

💥පහත ලක්ෂණ දරයි.

🐢 ශ්වසනය පෙනහැලි මගින් සිදු කරයි.

🐢  චලතාපි සතුන් වේ.

🐢 අභ්‍යන්තර සංසේචනය සිදු කරයි.

🐢 සංචරනය සදහා පාංචාංගුලික ගාත්‍රා පිහිටයි.

🐢 උදා: ඉබ්බා, කැස්බෑවා,කිඹුලා ,නයා

4️⃣.අාවේස්

      (පක්ෂින්)

💥 පහත ලක්ෂණ දරයි.

🦢 මුඛයේ දත් නොපිහිටයි.

🦢 හෘදය කුටිර 4කි.

🦢  අචලතාපින් වේ

🦢  අැස්පිය සහිත , තියුණු දෘෂ්ටියක් අැති අැස් දරයි.

🦢 සංචරණය සදහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.

🦢උදා: වළිකුකුලා,පැස්බරා, පෙන්ගුවින් ,ගිරවා තාරාවා,හංසයා


5️⃣.මැමේලියා

    (ක්ෂිරපායින්)

💥පහත ලක්ෂන දරයි.

🦇 අභ්‍යන්තර සංසේචනය සිදු වේයි.

🦇 අචලතාපි සතුන්ය.

🦇 දේහයෙන් බාහිරව වෘෂණ කෝෂ පිහිටයි.

🦇 බාහිර කන්පෙති දරයි.

🦇  රෝමවලින් අාවරණය වු සමක් දරයි.

🦇උදා: රිලවා,වවුලා, ඩොල්ෆින්,ගොරිල්ලා, චිම්පන්සියා

වැනි පොදු ලක්ෂණ  මේම සත්තව  කාණ්ඩ පෙන්නුම් කරයි.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form