නාගයෙක්ගේ උදරය පලා සැත්කම් කල බුද්ධාස රජතුමා ගැන අපි ඉතිහාසයේ අසා ඇත්තෙමු...අලි ඇතුන් පටන් සුරතල් සතුන්ට වෙදකම් කරන පශු වෛද්‍යවරුන් ඕනෑතරම් ලංකාවේ සිටිති.





නාගයෙක්ගේ උදරය පලා සැත්කම් කල බුද්ධාස රජතුමා ගැන අපි ඉතිහාසයේ අසා ඇත්තෙමු...අලි ඇතුන් පටන් සුරතල් සතුන්ට වෙදකම් කරන පශු වෛද්‍යවරුන් ඕනෑතරම් ලංකාවේ සිටිති.


මසුන් යනු ප්‍රාණය සහිත ජීවියෙකි අනෙක් සතුන්ට මෙන්ම ඔවුන්ටත් ජීවත් වීමෙ අයිතියක් ඇත. ඒ අයිතිය වෙනුවෙන් සටන් වදින මසුන්ට සැත්කම් කරන වෙදදුරෙක් ඔබ අසාතිබෙනවාද..?


 ඔහු වාරියපොල ඉරෝෂ් අකලංක බංඩාර.. මසුන්ට ප්‍රතිකාර කරන කිසිදු වෛද්‍යවරයෙක් නැහැ.ඒ පිලිබඳව ඉගෙගන්න කිසිදු ගුරුවරයෙක් පවා නැහැ එවන් පසුබිමක මත්‍යසය වගාව පමණක් තියන මසුන්ට ප්‍රතිකාර නොදී රෝගි වූ මසුන් වෙන් කරල තියන රටක ඉරෝෂ් මසුන්ට ප්‍රතිකාර කරන්න ඉගෙගන්නෙ අන්තර්ජාලයෙන් ගෙන්වු පොත පත මගින්...ඒ පොත පතේ කරුණු ඔහු ප්‍රායෝගිකව අත්හදා බලනවා..ඒ අත් හදා බැලීම් වල ප්‍රතිඵලයක් ලෙසින් ඔහු අද රෝගි වූ මසුන්ට ප්‍රතිකාර කරනවා...ඔහු මසුන් නිර්වින්දනය කර සාර්ථකව සැත්කම් කරනවා...මාලුන්ගේ ඇස් පාත්වීම ,කරමල වක්‍රවීම  වැනි රෝග සදහා ඔහු ශල්‍යකර්ම කර තිබේ..පණු රෝග ,ක්ෂුද්‍රජීවි ආසාදන මෙන්ම ඔහු මසුන්ගේ ගෙඩ් සඳහාත් ප්‍රතිකාර කරතිබේ.....කිසිදු හව් හරණක් නොමැතිව රෝගී වී මියයන මසුන්ගේ ජිවන අයිතිය වෙනුවෙන් ඔහු සටන් වදිනවා....


ඔහුට වැඩිපුරම සැත්කම් කිරීමට සිදුව ඇත්තේ අරවානා මසුන්ටයි..ඉස්සන් කොටුවල රෝග පැතිරුණ විට ඔහු යයි..දුරබැහැර ප්‍රදේශවලට පවා බසයේ නැගී ගොස් ප්‍රතිකාර කරයි...


උසස්පෙල ජීව විද්‍යා අංශයෙන් හදාරා විශ්ව විද්‍යාලයේ යන්න ලකුණු මදිවීම නිසා ඔහු කාර්මික පාඨමාලාවක් හදරා විදේශගතව හිද ඒ උපැයූ මුදලින් ශල්‍යාගාරයක් තනාගන අද මසුන්ට ජීවිතය දෙයි...


ගෘහාශ්‍රිතව මෙන්ම ව්‍යාපාරිකව මසුන් ඇතිකරන අයට ඔහු කරනා සේවය සුලු පටු නොවේ...නමුත් ලංකාවේ කිසිදු පශුවෛද්‍ය වරයකු පවා  සිදු නොකරන විෂය ක්ෂේත්‍රයක් තනිව හදාරා තනිව ප්‍රායෝගික පුහුණුව ලබා අද සාර්ථකව සැත්කම් කරන ඉරෝෂ්ගේ ඉදිරි පර්‍යේෂණ කටයුතු වෙනුවෙන් කිසිවෙක් සහය නොදෙන්නෙ ඔහුට විශ්ව විද්‍යාල උපාධියක් නොමැති නිසාය..නමුත් ඔහුවන් දක්ෂ තරුණයන්ට අතහිත දී ඉදිරි පර්‍යේෂණ කටයුතු වෙනුවෙන් සහය දී මෙම විෂය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට අතහිත දිය යුතු නොවෙද...

 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form