ශ්‍රීලංකාවේ විශාලතම බුදුපිළිම
🔷 ලෝකයේ විශාලතම සහ උසම බුදු පිළිම සැලකුවහොත් ඒ බොහෝ පිළිම බුදු පිළිම බව පෙනි යනවා ඇත. ඒ පිළිම අතරින් සුවිසල් පිළිම වහන්සේලා දෙනමක් වූ බාමියන් ප්‍රතිමා අප ලෝකයට ඉතාම අවාසනාවන්ත ලෙස අහිමි විය ..... නමුත් චීනය, කාම්බෝජය,ජපානය ආදී රටවල විශාල බුදු පිළිම වහන්සේලා වැඩ සිටිනවාය.... අපේ රටේ අප මූර්ති ශිල්පීන් සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ අප අමාමෑණි තිලෝ ගුරු ගෞතම බුදුන්ගේ පිළිම වහන්සේලායි...... ලෝකයේ වෙනත් තැන්වල මෛත්‍රී බුදුන්,අමිතාභ බුදුන්,ශාක්‍යමුනි බුදුන් ලෙස විවිධාකාරයේ පිළිම වහන්සේලා නිරූපණය කර ඇත. දැනට ලොව උසම බුදු පිළිමය ලෙස විරුදාවලිය ලබා ඇත්තේ චීනයේ අඩි 420 ක් උසැති පිළිම වහන්සේ නමක් වෙයි..........
අපි දැන් ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම පිළිම වහන්සේලා පිළිබඳව තොරතුරු සලකා බලමු ...........
🌀 අලුත්ගම කන්දෙ විහාරයේ පිලිමය .....
▫️ස්ථානය : කොළඹ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කලුවාමෝදර හන්දියෙ රට තුළට වන මාර්ගයේ මද දුරක් ගමන් කළ විට කන්දෙ විහාරය හමුවෙයි.......
▫️උස : අඩි 160, රියන් 107, දැනට ලංකාවේ ඇති උසම බුදු පිළිමය ලෙස සැලකේ .
▫️නිම කරන ලද වර්ෂය : 2008
🌀 වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර පිලිමය
▫️ ස්ථානය : මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ලෙන් බෙලිඅත්ත පාරට හැරී කිලෝ මීටර් දෙකක් ගිය තැන වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර වෙයි.... දැන් මේ පිළිමය නව ප්‍රතිසංස්කරණ යටතේ කහ පැහැයෙන් දිස් වෙයි ......
▫️නිම කරන ලද වර්ෂය : 1969
▫️උස : අඩි 150, රියන් 100
🌀 වෙහෙරහේන බුද්ධ ප්‍රතිමාව
▫️ස්ථානය : මාතර තංගල්ල පරණ පාරේ කාර්මික විද්‍යාලය අසලින් හැරී කිලෝමීටර් දෙකක් ගිය තැන වෙහෙරහේන විහාරය වෙයි....
▫️නිම කරන ලද වර්ෂය : මුල්ගල තබා ඇත්තේ 1939 වර්ෂයේදීය .
▫️උස : අඩි 132,රියන් 88
වෙහෙර හේන විහාරයේ ලෝකයේ ඇති විශාලතම උමං විහාරය ඇති බවට විද්වතුන් මත පලකොට ඇත.එහි ඇති සිතුවම් ගණන දහස් ගණනකි .මෑත යුගයට අයිති විහාරයක විශාලතම සිතුවම් ප්‍රමාණය එහි ඇතැයි කාට හෝ සිතේ. ජාතක කතා වස්තු මහජනතාවට සමීප කරවීමෙ අරමුණින්ද ,අසා ඇති ජාතක කතා නැවත මතක් කොට ගැන්මටද, ධර්ම කාරණා පැහැදිලි කර ගැනීමට ද , මෙම සිතුවම් බොදු උපාසකවරුන්ට වැදගත් වේ .