අපූර්වතම ආරක්ෂිත ඉරියව්ව සහිත සර්පයා - නාගයා


 අපූර්වතම ආරක්ෂිත ඉරියව්ව සහිත සර්පයා - නාගයා


ලෝකයේ නාග විශේෂ 20ක් පමණ දක්නට ලැබෙයි. නාගයා යනු ලෝකයේ සර්පයන් අතර විශාලතම හෝ වේගවත්ම හෝ උග්‍රම විෂ සහිත සර්පයකු නොවූවත් අන් කිසිදු සර්පයකුට නොමැති අපූර්ව ඉරියව්වක් නාගයාට ලැබී තිබේ.

එනම් නාගයාට පහර දීමේදී හෝ පහර දීමට සූදානම් වීමේදී තම සිරුරේ ඉදිරි කොටස ඉහළට එසවීමේ ඇති  සුවිශේෂී හැකියාවයි. සිරුරේ ඉදිරි කොටස ඉහළට ඔසවා ප්‍රහාරක ඉරියව්වෙන් සිටින නාගයකු ඕනෑම අයකු තුළ බිය ජනිත කිරීමට සමත් වෙයි. සාමාන්‍යයෙන් නාගයකුට තම සිරුරේ දිගින් තුනෙන් එකක් පමණ මේ ආකාරයට ඉහළට ඔසවා ගැනීමේ හැකියාව පවතී.

මෙතෙක් වාර්තා වී ඇති දිගින් වැඩිම නාගයා අඩි 18ක් පමණ දිගින් යුක්ත විය. එවැනි නාගයකු පහර දීමේදී සාමාන්‍ය මිනිසකුටත් වඩා උසට එනම් අඩි 6ක් පමණ උසට තම හිස කොටස ඔසවා ගැනීමේ හැකියාව පවතී. එසේම නාගයාට තම ගෙල ප්‍රසාරණය කර ගැනීමටත් විෂ දළ ප්‍රදර්ශනය කිරීමටත් තදින් පිඹීමටත් හැකියාව පවතී.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form