රටවල් විසිදෙකක අය තේ සාදාගන්නා අකාරය
1. ජපානය
මැට්චා යනු ඉතා සියුම්ව කුඩු කරන ලද ජපානයේ වැවෙන ඉතා ඉහල තත්වයේ ග්‍රීන්ටී වර්ගයකි. එය ජපානයේ සාම්ප්‍රදායික තේ උත්සව වලදී භාවිතා කරයි.
ජපානයේ තේ සාදාගන්නා ආකාරය
2.ඉන්දියාව
ඉන්දියාවට විවිධත්වයෙන් පොහොසත් තේ පිලිබඳ ඉතිහාසයක් ඇත. තේ කර්මාන්තය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඇරඹීමට වසර දහස් ගණනකට පෙර සිටම දකුණු ආසියාවේ කුළුබඩු මිශ්‍ර චායි තේ පිරිනමා ඇත. පින්තූරයේ සටහන්ව ඇත්තේ ඉන්දියාවේ වැවෙන, සුදු දළු වලින් සාදන ඩාර්ජීලින් තේය.
3. බ්‍රිතාන්‍යය
කහට තේ ලෙස හෝ කිරිතේ ලෙස දිනකට කිහිප වතාවක් බ්‍රිතාන්‍යයන් පරිභෝජනයට ගන්නා අතර අවශ්‍ය නම් එයට සීනි එක් කර ගනිති. කිරි වක්කර ගන්නා විට රත්රන් පැහැ ගැනීමෙන් ඉලක්ක කර ගන්නේ දෙවියන් වෙත දක්වන භක්තියයි. ඒ සඳහා ප්‍රථමයෙන් තේ(කහට) සාදා ගනී.
එංගලන්තයේ තේ බොන හැටි
4. තුර්කිය
උණුසුම් පානයක් ලෙස තුර්කිය වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ කෝපි සඳහා වුවත්, එහි වැඩි ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇත්තේ සෑම කෑම වේලක් සමගම පිළිගන්වන, බොහෝවිට කෑම වේල් අතරද බොන, චයි(Cay) තේ එහි ජනප්‍රියම පානය වේ. කහට තේ සමග කිරි එකතු කර නොගන්නා අතර තට්ටු දෙකක තේ පෝච්චියක් මගින් පෙරා එය සාදා ගනු ලබයි(මෙය අපේ රටේ තේ සාදා බොයිලේරුව උඩ තබා ගන්නා අකාරයේ ක්‍රියාවකි. මෙමගින් සිදු වන්නේ සෑදෙන තේ නැවතත් තැම්බීමයි. නමුත් අපේ වැඩිහිටියන් කකාරා තේ බීම හොඳ නැති බව පවසයි).
5. ටිබෙටය
ටිබෙට් වරුන්ගේ පෝ කා(Po Cha) නැතිනම් බටර් තේ යනු තේ, ලුණු සහ යැක් (ගවයන්ගේ) බටර් වල එකතුවෙන් සාදා ගන්නා පානයකි. තිත්ත රස ඇතිකර ගැනීම සඳහා පැය ගණනාවක්ම තේ කකාරවන අතර ඉන්පසුව බටර් සහ ලුණු එහි කලතනු ලැබේ.
ටිබෙට් ජාතික තේ බොන ආකාරය ලුණු සහ බටර්
6. මොරොක්කෝව
ස්පියර්මින්ට් (මිංචි කොළ වර්ගයක්) ග්‍රීන්ටී හී තැම්බෙන්නට හැර මෙම පානය සාදා ගනී. මෙය මොරොක්කෝවේ මෙන්ම උතුරු අප්‍රිකානු කලාපයේ ජනප්‍රියයි.
මොරොක්කෝ වැසියන් තේ සාදාගන්නා හැටි මිංචි කොළ
7. හොංකොං
සීත කල කිරි තේ ලෙස හොංකොං හී ප්‍රසිද්ධ මෙම පානය "පෑන්ටිහවුස්"(Pantyhouse) තේ සහ "සිල්ක් ස්ටෝකින්"(Silk Stocking) තේ යනුවෙන්ද හඳුන්වනු ලබයි. එසේ හඳුන්වන්නේ එහි වර්ණය බොහෝසෙයින් නිරුවත් ස්ටෝකින්ස් වලට සමාන වීමයි. එය විහිළුවක් නොවේ. මෙම පානය සාදා ගනු ලබන්නේ සීත කල තද තේ කහට වලට හිඳවන ලද කිරි හෝ උකු කිරි මිශ්‍ර කර අයිස් කැට සමග පිරිනමනවා.
හොංකොං අය තේ හදන හැටි
8. තායිවානය
මුතු කිරි තේ(Pearl milk tea) නැතිනම් බුබුළු තේ(aka bubble tea) ලොව පුරා කථා වන මාතෘකා වී ඇති නමුත් එහි මූලයන් ඇත්තේ තායිවානයේයි. එය උණුසුම්ව හෝ සිසිල්ව පිළිගන්වනු ලබන අතර, සීනි සිරප් සමග පිසගත් ටැපියෝකා මුතු(මඤ්ෙඤාකකා වලින් සාදා ගන්නා කුඩා බුබුළු වර්ගයක්) මතට එක් කර සාදා ගනී. මෙනිසා ඔබට ෆ්රැපචිනෝ(ස්ටාර් බක්හී ඇති ජනප්‍රිය පානයක්) අවශ්‍ය නොවේ.
තායිවානයේ තේ බොන හැටි මුතු කිරි සීනි සිරප්
පැණිරස අයිස් තේ ඇමරිකානු දකුණු ප්‍රදේශයේ ජීවනාලිය බවට පත් වී ඇත. ඔවුන් බොහෝවිට තේ සාදාගන්නේ ලිප්ටන් තේ කකාරවා, සීනි මුසු කර පෙරා ගැනීමෙනි. ඔබට මෙයට ලෙමන් නැතිනම් බේකින් පවුඩර් ස්වල්පයක් එකතු කිරීමෙන් එහි මෘදු බවක් ඇති කර ගත හැක.
ඇමරිකානුවන් තේ බොන විදිය අයිස් american
10. රුසියාව
රුසියානුවන් කහට කෝප්පයක් සාදා ගැනීම සඳහා විවිධ වර්ග වල කළු පැහැති තේ කොළ වෙන වෙනම තැම්බෙන්නට හැර පෙරා ගන්නා අතර පසුව එය කොප්පයෙදී මිශ්‍ර කරයි. රුසියානුවන්ද සාම්ප්‍රදායිකව සැමොවාර් නමැති තට්ටු දෙකේ තේ පෝච්චියක් භාවිතා කරනු ලබන එහි එක් කුටීරයක් ජලය සඳහාද අනෙක් කුටීරය තේ සඳහාද භාවිතා කරයි.
රුසියන් rusiyan තේ බීම
11. පාකිස්තානය
චායි තේ ඉන්දියාවටම පමණක් විශේෂිත වුවක් නොවේ. පාකිස්තානු සන්ධ්‍යා යාමයේ ප්‍රසිද්දම තේ කෝප්පය වනුයේ සැර ත් ක්‍රීම් ස්වභාවයත් සහිත මසාල තේකය.
පකිස්තාන් තේ බීම පුරුද්දක් කහට puruddak
12. තායිලන්තය
චායි යෙන් යනු තායිලන්තයේ තරඟයට එළැඹී ඇති අයිස් යෙදු කිරි තේ වර්ගය වන අතර එය සාදා ගන්නේ උකු කිරි සහ තම්බා ගන්නා ලද තායි තේ මිශ්‍රනයෙනි.