Whitehaven වෙරළ තීරය🌊
🌼 2021 Tripadvisor Travellers' choice ලෝකයේ හොදම වෙරළ තීරය ලෙස ඔස්ට්‍රේලියාවේ Whitehaven වෙරළ තීරය තේරී තිබෙනවා .ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට යාබදව ඇති Whitsunday දිවයිනේ දක්නට ලැබෙන මනස්කාන්ත Whitehaven වෙරළ තීරය සැලකෙන්නේ ලොව සුපිරිසිදු ම පරිසර හිතකාමී වෙරළ තීරයක් ලෙසය. කිලෝමීටර් 7ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී පවත්නා මෙම වෙරළ තීරයට සුනඛයන් ගෙන ඒම තහනම් වන අතර වෙරළ තීරයේ දුම්බීම ද තහනම් ය. Whitehaven වෙරළ තීරයේ දක්නට ලැබෙන 98% ක සුපිරිසිදු සිලිකා ප්‍රතිශතයක් අඩංගු දීප්තිමත් සුදු වර්ණයෙන් යුත් වැලි නිසා Whitehaven නාමය ලැබී ඇත.මේ දිවයින ආශ්රිත ප්‍රදේශයේ එතරම් සුපිරිසිදු වැලි දක්නට නොලැබෙන නිසා මේ වැලි මීට අවුරුදු මිලියන ගණනකට පෙර දියවැල් ඔස්සේ මේ ප්‍රදේශ වලට ගෙන එන්නට ඇතැයි සැලකේ.මේ සුපිරිසිදු සිලිකා වැලි , සාමාන්‍ය වැලි මෙන් නොව තාපය රඳවා නොගන්නා නිසා උණුසුම් දිනයක වුවද , පාවහන් නොමැතිව මෙම වෙරළ තීරයේ ඉතා පහසුවෙන් ගමන් කළ හැකි බව පවසයි ...... එමෙන්ම මෙම වැලි ඉතා සියුම් නිසා දූරකථන,කැමරා වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ වලට හානිදායකයි ........