කුරුලු මල් දැකල තියෙද.??
☘️මේ තමයි හරිත කුරුලු මල්..19 වන සියවසේ මුල් භාගයේ උද්භිද විද්‍යාඥයෙක් වුන ඇලන් කනිංහැම්ගේ නමින් නම් කරල තියන ෆැබේසී රනිල කුලයට අයත් ශාකයක් තමයි මේ... මධ්‍යම ඕස්ට්‍රේලියාවේ බහුල ශාකයක් වන මෙය වෙරළ තීරය ආශ්‍රිතවද දක්නට ලැබේ.......🍃🍃
☘️ හරිත කුරුළු පුෂ්පය බහු වාර්ෂික පඳුරක් වන අතර එය උසින් මීටර් 1-3 ක් පමණ වේ. ඕවලාකාර කොළ සහිතයි.ශාකයේ මල් එහි අතු වල කෙළවරේ දිගු කරල් මත වැඩේ. .🌿🌿
☘️අක්ෂි ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා ආදිවාසීන් විසින් මේවායේ කොළ වල යුෂ භාවිතා කරන ලද බව දන්නවාද...🍃🍃
☘️හරිත කුරුලු මල් උණුසුම් ප්‍රදේශවල වගා කළ හැකියි. එයට හොඳින් ජලය බැස යන පස් හා පූර්ණ හිරු එළියක් අවශ්‍ය වේ. සීතල දේශගුණය සුදුසු නොවේ. ප්‍රචාරණය බීජ වලින් සිදුවේ....🌿🌿
☘️මෙම ශාකය නයිට්‍රජන් නිපදවන බැක්ටීරියා සමඟ සහජීවනයක් ඇති අතර එය පසෙහි නයිට්‍රජන් මට්ටම වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මෙම නයිට්‍රජන් හරිත කුරුළු පුෂ්පය සහ අවට ඇති අනෙකුත් ශාක භාවිතා කරයි.🍃🍃