සොබාදහමේ මනරම් නිමැවුමක් වූ අයිස්ලන්තයේ කළු වෙරළ

 

සොබාදහමේ මනරම් නිමැවුමක් වූ අයිස්ලන්තයේ කළු වෙරළ 


❄️ අයිස්ලන්තයේ අගනුවර වන  රේක්ජවක් සිට කිලෝමීටර් 180 ක් පමණ දුරින් පිහිටා ඇති රෙනිස්ෆ්ජාරා වෙරළ තීරය වෙනත් වෙරළ තීරයන් වලට වඩා විශේෂත්වයක් ගන්නවා. මෙහි තිබෙන වැලි කළු පැහැයෙන් යුක්ත වීම ඊට හේතුවයි. මීට වසර 120 කට පමණ පෙර සක්‍රීයව තිබූ ගිනි කන්දකින් නිකුත් වූ සියුම් ලාවා කුඩු මගින් මෙම කළු වෙරළ තීරය නිර්මාණය වී ඇති බව විද්‍යාඥයන්  විසින් සොයාගෙන තිබෙනවා.මෙහි ඇති අසාමාන්‍ය සුන්දරත්වය හේතුවෙන් බොහෝ සිනමාකරුවන් විසින් තම චිත්‍රපට මෙහි රූගත කෙරීම් සිදුකරනු ලබන අතර Game of thrones, Dilwale  ඉන් කිහිපයක් වෙනවා . කළු පැහැ වැල්ල සමග ගැටෙන සුදු පැහැති පෙණ නගන රැලි මෙම වෙරළ තීරය තුළ මනස්කාන්ත දසුන් මැවීමට සමත්වී තිබෙන අතර ඒ හේතුවෙන් මෙය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට ද පත්ව  තිබෙනවා.1991 වසරේ දී නැෂනල් ජෝග්‍රැෆික් සඟරාව විසින් රෙනිස්ෆ්ජාරා වෙරළ පෘථිවියේ  සංචාරය කළ හැකි හොදම නිවර්තන නොවන වෙරළ තීර දහයෙන් එකක් ලෙසද නම් කර තිබෙනවා.........

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form