කෙසෙල් ගැන දැන ගමු.... 🍌😍
ලංකාවේ කෙසෙල් කාණ්ඩ තුනයි. ඒවා නම්…
01) මයිසෝර් කාණ්ඩය (ඇඹුල් කෙසෙල් සහ සීනි කෙසෙල්)
02) කැවෙන්ඩිශ් කාණ්ඩය (ආනමාළු , ඇම්බුන් , බිම් කෙසෙල් , නේත්‍රාපලම්)
03) කෝලිකුට්ටු කාණ්ඩය (පුවාළු, සුවඳැල් , රත් කෙසෙල්)
✨️ කුලය: Musaceae
✨️ගණය: Musa
✨️ගෝත්‍රය: Zingiberales
✨️රාජධානිය: Plantae
✨️විද්‍යාත්මක නාමය: Musa acuminata, Musa balbisiana, and Musa × paradisiaca
🍌➖සීනි කෙසෙල්➖🍌
⭕ප්‍රදේශය අනුව උස මීටර් 2 - 4 අතර වෙනස් වේ.
⭕කඳ දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත ය.
⭕පත්‍ර වෘන්තයේ දාර මුළුමනින්ම ඇතුලට නැමී ඇත.
⭕පත්‍ර තලය පළල්ය.
⭕කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත තැඹිලි පාටට හුරු රතු පැහැයෙන් යුක්ත ය.
⭕කොළපුවල නාරටි මතු වී ඇත. ⭕කැන්වල ප්‍රමාණය පාලන තත්ත්වය මත වෙනස් වේ.
🍌➖ඇම්බන්➖🍌
⭕කඳ මීටර් 4 - 4.5 පමණ උස් වේ.
⭕කොළ පැහැයෙන් යුක්ත කදේ දම් පාට පැල්ලම් ඇති වේ.
⭕පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පැහැති ය.
⭕යටි පෘෂ්ඨය ලා කොළ පැහැති ය. ⭕කෙසෙල් මුහයේ කොළපු දම් පැහැයෙන් යුක්ත ය.
⭕ඇවරි කිට්ටුවෙන් ඇහිරී ඇත. ⭕ගෙඩියක් සෙ.මී. 16 - 18 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 14 - 16 පමණ වේ.
🍌➖ආනමාළු➖🍌
⭕මීටර් 3 - 5 පමණ උස් වන ප්‍රභේදයකි.
⭕කඳ කොළ පැහැතිය.
⭕පත්‍ර තලය පළල්ය.
⭕පත්‍ර නටුව පිටතට වක්‍ර වනසේ හොඳින් විවෘතව ඇත.
⭕කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත දම් පැහැයට හුරු කොළ පාට වන අතර ඇතුලත පෘෂ්ඨය කහ පාටට හුරු කොළ පැහැය ගනී.
⭕මුල් අවස්ථාවේ කෙසෙල් මුහය කොළ පැහැයට හුරුය.
⭕ගෙඩි සාමාන්‍යයෙන් සෙ.මී. 25 පමණ දික් වන අතර පරිධිය සෙ.මී. 1.5 -1.8 පමණ වේ.
⭕කැනක බර කි.ග්‍රෑම් 12 - 18 පමණ වේ.
🍌➖කෝලිකුට්ටු➖🍌
⭕ගසක් මීටර් 2 1/2 - 3 ක් පමණ උස්ව වැඩේ.
⭕කඳ කොළ පැහැති ය.
⭕පත්‍ර නටුව කෙළවර දම් පාටට හුරු රෝස පැහැයෙන් යුත් දාරයක් සහිතය.
⭕පත්‍ර කඳ කොළ පාටය, පළල්ය. වැඩි වශයෙන් කඩුපත් මොරෙයියෝ හටගනිති.
⭕කෙසෙල් මුහය දම් පාටට හුරුය. ⭕කැන පහළට එල්ලා වැටෙන අතර කැනේ මැද නාරටිය දම් පැහැයට හුරුය.
⭕මිහිරි සුවඳක් ඇති අතර ගෙඩි තරමක් වක්වී ඇත.
⭕ලාක්ෂණික වශයෙන් මෙම ප්‍රභේද ඉදෙන විට ගෙඩිවල පුල්ලි මතුවන අතර ඉදෙන විට ලෙල්ල දික් අතට පිපිරීම සිදුවේ.
🍌➖ඇඹුල් කෙසෙල්➖🍌
⭕මීටර් 3 - 3.5 පමණ උස්ව වැඩෙන දම් පාටට හුරු රතු පැහැයෙන් යුත් කඳක් ඇත.
⭕බොහෝ විට දම් පාට වර්ණක ව්‍යාජ කදේ දැකිය හැකිය.
⭕පත්‍ර නටුවේ දාර දම් පාටය.
⭕පත්‍ර මැද නාරටිය දම් පාටට හුරු කොළ පැහැති ය.
⭕ගෙඩි තරමක් වක්වී සිලින්ඩරාකාරව පවතී.
⭕ඉදෙන විට දීප්තිමත් කහ පැහැයක් ගනී.
⭕ගෙඩි ඇඹුල් රසයෙන් යුක්තය. ⭕මනා පාලන තත්ත්ව යටතේ කිලෝ ග්‍රෑම් 25 - 30 දක්වා වූ කැන් ලබා ගත හැකිය.
🍌➖රතඹලා➖🍌
⭕ගසක් උසින් මීටර් 3 - 3.5 දක්වා වැඩේ.
⭕රතු පාට පැල්ලම් දැකිය හැකිය.
⭕පත්‍ර වෘන්තය යටි පැත්තට වක්‍ර වී ඇති අතර එහි දාරය දම් පාට දාරයකින් සීමා වී ඇත.
⭕පත්‍රයේ උඩු පෘෂ්ඨය කොළ පාට වන අතර යටි පැත්ත රතු පැහැයෙන් යුක්ත ය.
⭕කැන අර්ධව තිරස්ව වර්ධනය වේ.
⭕පොත්ත තද පාට වන අතර මදය තැඹිලි පාටය.
⭕කැනක බර සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 8 - 18 පමණ වේ.
⭕කෙසෙල් ගුල්ලාගේ හානියට අධික ලෙස පාත්‍ර වේ.
🍌➖කණ්ඩුල➖🍌
⭕චතුර්ගුණ ප්‍රභේදයකි.
⭕දෙමුහුම් වර්ගයකි.
⭕මෙය පලතුරක් හා එළවළු වශයෙන් භාවිත කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි.
⭕කඳ කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය.
⭕උස මීටර් 2 - 2.5 පමණ වේ.
⭕කඳ ඉතා ශක්තිමත්ය.
⭕පත්‍ර තද කොළ පාට වන අතර මුහයේ පැහැය තද දම් පැහැයෙන් යුක්ත ය.
⭕නියං ප්‍රතිරෝධීය.
⭕කළු සිගටෝකා පත්‍ර ලප රෝගයට ප්‍රතිරෝධීය.
⭕ශක්තිමත් කඳක් සහිත නිසා අහිතකර දේශගුණික හා පාංශු තත්ත්වයන්ට ඔරොත්තු දෙයි.
🍌➖නදී➖🍌
⭕ඇඹුල් කෙසෙල් වගා දර්ශයන් අතරින් උසස් ගුණාත්මයෙන් යුතු කෙසෙල් වගා දර්ශයකි.
⭕පලතුරක් ලෙස පමණක් ගැනෙන ප්‍රභේදයකි.
⭕ළා කොළ පාට කඳක් ඇති අතර පත්‍රවල ස්වභාවය ඇඹුල් කෙසෙල් ආකාර වෙයි.
⭕මනා පාලන තත්ත්ව යටතේ විශාල කැන් හටගනී.
⭕පිසීමට ගන්නා කෙසෙල් ප්‍රභේද
🍌➖පුලතිසි➖🍌
⭕චතුර්ගුණ ප්‍රභේදයකි.
⭕දෙමුහුම් ප්‍රභේදයකි.
⭕කඳ මීටර් 1 1/2 - 2 පමණ උසක් ඇත.
⭕කඳ තද කොළ පාට, පත්‍ර පළල්ය. ⭕කෙසෙල් මුහ විශාලය, මුහයේ කොළපු හැලීමක් සිදු නොවේ.
⭕දිගු කලක් කැනෙහි මධ්‍ය නාරටියට ඇලී පවතී.
⭕නියං කාලයට එක් ඇවරියක් බැගින් ගසේ කැන තිබියදීම කපා ගෙන පරිභෝජනය කළ හැකිය. ⭕සැකසීම සදහා ඉතාමත් සුදුසු ප්‍රභේදයකි.
🍌➖ප්‍රසාද්➖🍌
⭕දේශීය අළු කෙසෙල් වර්ගයකි. ⭕සාමාන්‍ය අළුකෙසෙල් ලක්ෂණ මේ වර්ගයටද පොදු වේ.
⭕ගෙඩිවල කෙළවර ප්‍රමුඛ ඉදිමුමක් ඇත.
⭕අළුකෙසෙල් වියළි කලාපයට පමණක් නිර්දේශ කර ඇති නමුත් ප්‍රසාද් කෙසෙල් ප්‍රසාදය වියළි හා තෙත් කලාප දෙකටම නිර්දේශ කර ඇත.
⭕කැනක බර කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ වේ.
🍌➖මොන්දන්➖🍌
⭕පිසීම සඳහා පමණක් යොදා ගනී. ⭕ව්‍යාජ කඳ කොළ පැහැයෙන් යුක්ත ය.
⭕පත්‍ර නටුව ළා කොල පාටය.
⭕පත්‍ර තලයේ උඩු පෘෂ්ඨය තද කොළ පාටය.
⭕කෙසෙල් මුහය ඉලිප්සාකාරය. කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පැහැති ය.
🍌➖මැටි කිතල➖🍌
⭕කදේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත.
⭕පත්‍ර තලය දම් පාටට හුරු කොළ පැහැය ගනී.
⭕පත්‍ර නටුවේ දම් පාට දාරයක් ඇත. ⭕එය පිටතට වක්වී නොමැත.
🍌➖ඇටමුරු➖🍌
⭕පිසීම සඳහා යොදා ගනී.
⭕සමහර ගෙඩිවල බීජ කිහිපයක් ඇත.
⭕කඳ කොළ පාට වන අතර ළා දම් පාට පැල්ලම් ඇත.
⭕පත්‍ර තලයේ උඩු පැත්ත තද කොළ පැහැයෙන් යුක්ත ය .
⭕යටි පැත්ත ළා දම් පැහැය ගනී.
🍌➖අළු කෙසෙල්➖🍌
⭕ඉතාමත් ජනප්‍රිය එළවළුවක් වශයෙන් යොදා ගන්නා ප්‍රභේදයකි.
⭕කඳ කොළ පැහැතිය.
⭕පත්‍ර තලය අදුරු කොළ පැහැතිය.
⭕කෙසෙල් මුහයේ කොළපු දම්පාටය.
⭕පැහැදිලි කොළපු නාරටි බේරී ඇත.
⭕නොමේරූ කැන් ඇන්ත්‍රැක්ස්නෝස් දිලීර රෝගයට පාත්‍රවේ.
🍌➖පූවාළු➖🍌
⭕ව්‍යාංජ කඳ මීටර් 03 පමණ උස්වේ.
⭕පත්‍ර පාදවල දුඹුරු පාටට හුරු කළු පාට සලකුණු ඇත.
⭕පත්‍ර නටුවේ දම්පාට දාරයක් ඇත.
⭕කොළපු වල පැහැදිලි නාරටි ඇත. ⭕කෙසෙල් කැන තරමක් කෝණයකට තිරස්ව පිහිටා ඇත. ⭕කැනේ නටුව දම් පාටට හුරු කොළ පාටය.
⭕ගෙඩියක් සෙ.මී. 12 - 15 පමණ දික්වේ. එහි පරිධිය සෙ.මී. 15 - 18 පමණ වේ.
⭕ගෙඩිය හරස්කඩකට කැපූ විට ත්‍රිකෝණාකාරය.
⭕සාමාන්‍යයෙන් කැනක් කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ යහපත් පාලන තත්ත්ව යටතේ ලබා ගත හැකිය.
🍌➖බිං කෙසෙල්➖🍌
⭕සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ.
⭕ද්්වෝෆ් කැවෙන්ඩිෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි.
⭕කඳේ උස මීටර් 1.5 - 1.7 පමණ වන අතර කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය.
⭕පත්‍ර නටුව දාරයේ දම් පාට බෝඩරයක් ඇත.
⭕පත්‍ර තලය තද කොළ පැහැයෙන් යුක්ත ය.
⭕කෙසෙල් මුහෙහි කොළපු කෙසෙල් කැනෙහි කඳට අවසානය දක්වාම ඇලී පවතී.
⭕මෙය වඳ පීදීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
⭕ඉතා රසවත් ප්‍රභේදයකි.
♠️කෙසෙල් වගාවේ රෝග හා පලිබෝධ♠️
✳️දිලීර රෝග✳️
➖පැනමා රෝගය➖
✨️රෝග කාරකයා - ෆියුසාරියම් ඔක්ඩිස්පෝරම්(Fusarium oxysporum cubense)
⭕කෙසෙල් වගාවට ඇති විය හැකි දරුණුම දිලීර රෝගයකි.
⭕ලංකාවේ වගා කරන කෙසෙල් රෝග අතරින් ඇඹුල් හැර අනෙකුත් සියළුම වර්ග පැනමා රෝගයට ග්‍රාහී වේ.
⭕රෝග කාරකයා පාංශු දිලීරයකි. එමනිසා ආසාදිත පස් මගින් හෝ ආසාදිත රෝපණ ද්‍රව්‍ය මගින් හෝ රෝගී ක්ෂේත්‍රයක් නඩත්තු කරන ගොවිපළ උපකරණ මගින් රෝග කාරකයා නිරෝගී ක්ෂේත්‍රයකට ව්‍යාප්ත විය හැක.
⭕එසේම රෝගී ශාක කොටස් ජල මාර්ගවලට දැමීමෙන්ද ආසාදිත පඳුරු හරහා වන ජල සම්පාදනයෙන්ද රෝග කාරකයා ව්‍යාප්ත විය හැක.
⭕රෝග කාරකයා මූල මණ්ඩලයට ආසාදනය වීමෙන් සනාල පටක අවහිර කරයි.
⭕ව්‍යාජකඳේ මෙන්ම කෝමයේද දුඹුරු පැහැයට හුරු දුර්වර්ණ ප්‍රදේශ දැකිය හැක.
⭕ජල අවශෝෂණයට වන බාධාව නිසා මැලවීමේ රෝග ලක්ෂණ පෙන්වයි.
⭕පත්‍ර කහපාට වී පිති වලින් කඩා වැටේ පසුව ශාකය මිය යයි.
⭕රෝග ලක්ෂණ දැකිය හැක්කේ කෙසෙල් කැන් ඇති වීමට ආසන්න පඳුරු වලයි.
⭕කුඩා පැලවල රෝග ලක්ෂණ දැකිය නොහැක.
✨️රෝග පාලනය
⭕රෝග පාලනය සඳහා දිලීර නාශක යෙදීම සාර්ථක නොවේ. ⭕එමනිසා රෝගය වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
⭕ජලවහනය ක්‍රමවත්ව කල යුතුයි.
⭕රෝගී ශාක කොටස් ජල මාර්ග වලට නොදැමිය යුතුය.
⭕ඇඹුල් වැනි ප්‍රතිරෝධී ප්‍රභේද සමඟ මාරුවෙන් මාරුවට වගා කිරීම කළයුතුයි.
⭕නිරෝගී මව් ශාක වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම කළ යුතුයි.
⭕ආම්ලික පාංශු තත්ව රෝග කාරක ඝනත්වය වැඩි කිරීමට හේතු වන බැවින් ඩොලමයිට් හෝ අළු හුණු යෙදීම මගින් පසේ ආම්ලිකතාවය අඩු කිරීමට කටයුතු කළයුතුයි.
⭕පටක රෝපිත පැළ නිරෝගී රෝපන ද්‍රව්‍ය ලෙස යොදාගත හැක. ⭕නමුත් ආසාදිත ක්ෂේත්‍රයක සිටුවීමෙන් ඒ පැළ වලටද රෝගය වැළදීමේ හැකියාවක් ඇත.
➖ඇවරිමුල කුණුවීම (crown rot)➖
⭕මෙම රෝගය පසු අස්වනු රෝගයකි.
⭕මෙම රෝගය ඇති කිරීමට රෝග කාරකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරිත්වය හේතු වේ.
⭕කෙසෙල් කැනෙන් ඇවරි වෙන් කිරීමේදී ආසාදිත කැනක ඇවරි කැපීමෙන් පසු පිරිසිදු නොකල පිහි වැනි උපකරන මගින් ද නිරෝගී කැන් වලට ආසාදනය වේ.
⭕මෙහිදී ඇවරි කැනට සම්බන්ධ වන ස්ථානයට (crown) මෙන්ම පසුව කෙසෙල් ගෙඩිවල නටුවටද පැතිරී යයි.
⭕තවද ආසාදිත ඇවරි සේදූ ජලය නැවත භාවිතය නිසාත් ගෙඩිවලට සිදුවන යාන්ත්‍රික හානි නිසාත් රෝග කාරකයා ඇතුළු විය හැක.
⭕තවද නියමිත පරිනතියට පත්නොවී කැන් කැපීම නිසාද මෙම තත්වය ඇති විය හැක.
✨️රෝග පාලනය
⭕කැන්වලට තුවාල නොවනසේ අස්වනු නෙලීම කලයුතුය.
⭕නියමිත පරිණතියේදී අස්වනු නෙලිය යුතුයි.
⭕ඇවරි සෝදන්නේ නම් පිරිසිදු ජලයෙන් වෙන් වෙන්ව සේදිය යුතුයි.
➖ඇන්ත්‍රැක්නෝස් රෝගය➖
✨️රෝග කාරකයා - colletortichum spp
⭕ශ්‍රී ලංකාවේ වගා කරන කෙසෙල් ප්‍රභේද අතරින් අළු කෙසෙල් මෙම රෝගයට වඩාත් පාත්‍ර වේ.
⭕අනෙක් වගා කරන කෙසෙල් ප්‍රභේදවල ගෙඩි ඉදෙන අවස්ථාවේදී තැන තැන ඇති වූ කළු පාට වලයාකාර ලප හා ඒවා ඒකරාශී වී සෑදුණු කළු පාට පැල්ලම් ලෙස දැකිය හැකි අතර ඒ තත්වය පසු අස්වනු අවස්ථාවේදී ඇතිවන රෝගී තත්වයකි.
✨️රෝග පාලනය
⭕ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව පිළිබඳව අවශ්‍ය කටයුතු කළ යුතුයි. ⭕එනම් පරඬැල් ඉවත් කර වගාව පිරිසිදු තත්වයෙන් තබාගත යුතුයි.
⭕අළු කෙසෙල්වලට නම් මුහයෙන ඇවරි වෙන්වීම ආරම්භ වූ පසු මැන්කොසෙබ් හෝ ක්ලෝරොතැලොනිල් අඩංගු දිලීර නාශකයක් සති 2 ක කාලාන්තර වලින් යෙදිය යුතුය.
⭕කැන් ආවරණය කිරීමද සුදුසුයි.
➖සිගටෝකා පත්‍ර ලප රෝගය➖
01) කහ සිගටෝකා රෝගය
✨️රෝග කාරකයා - Mycosphorella musicola
⭕පත්‍රයේ පාර්ශ්වික නාරටිවලට සමාන්තරව කහ දුඹුරු පාටට පැල්ලම් ඇති වේ.
⭕ඇතැම්විට මෙම රෝගය දරුණුම ආසාදනයවීම නිසා පත්‍ර වියලීයාම සිදුවිය හැක.
⭕අධි ඝණත්ව වගාවේදී හා වියළි කලාපයේ සුළං තත්ව සමඟ මෙම බීජාණු පැතිරීම වේගවත් වේ.
⭕අධි ඝණත්ව වගාවේදී මෙම රෝගය ආර්ථිකව හානිදායී රෝගයකි.
⭕තවද පොටෑසියම් ඌනතාව මෙම රෝගය වැළඳීමට පහසු තත්ව ඇති කරයි.
⭕තෙත් කලාපයේ නම් පරිනත පත්‍රවලට වැළඳෙන නිසා ආර්ථික වශයෙන් හානිදායී නොවේ.
⭕රෝග ලක්ෂණ ඇති වන්නේ සාපේක්ෂව පහල පත්‍ර වලයි.
(4-5 වැනි පත්‍ර)
02)කළු සිගටෝකා පත්‍ර ලප රෝගය
✨️රෝග කාරකයා - Mycosphorella fijiensis
⭕පාර්ශ්වික නාරටිවලට සමාන්තරව විහිදෙන පැල්ලම් තද දුඹුරු පාටට හුරුය.
⭕රෝග ලක්ෂණ ඇතිවන්නේ සාපේක්ෂව ඉහල පත්‍ර වලයි. (2-4 වැනි පත්‍ර)
⭕කහසිගටෝකා පත්‍ර රෝගයට සාපේක්ෂව මේ රෝගය ආර්ථික වශයෙන් හානිදායී වේ.
⭕මේ නිසා අස්වැන්න 35-50 පමණ අඩුවීමක් වියහැක.
⭕සියළු වගාකරන කෙසෙල් ප්‍රභේද මේ සඳහා ග්‍රාහී වේ.
⭕සාමාන්‍යයෙන් පත්‍ර 5ක් වත් නිරෝගී ඵලදායී තත්වයේ පැවතීම අස්වැන්න වැඩිවීමට බලපායි.
⭕මෙම රෝගය වැලදීම නිසා අස්වැන්නට සැලකිය යුතු බලපෑමක් ඇති විය හැක. එනම් ගෙඩි අපරිණත අවස්ථාවේ ඉදීම හා ඒකාකාර ඉදීමක් සිදුනොවීම වැනි තත්ව ඇතිවියහැක.
✨️රෝග පාලනය
⭕මෙම රෝගය දැනට ලංකාවේ වාර්තා නොවේ.
⭕රෝග ලක්ෂණ පවතීනම් එම ශාක ඉවත්කිරීමට කටයුතු කළයුතුයි.
➖කෝඩානා පත්‍ර ලප රෝගය➖
✨️රෝග කාරකයා - Codana musqe
⭕පත්‍ර තලය මතුපිට ඕවලාකාර පැල්ලම් ඇති වී ඒවා පත්‍ර දාරය දෙපසට පැතිරී යයි.
⭕මෙම පැල්ලම් දුඹුරු අළු පැහැති මධ්‍ය ප්‍රදේශයකින් යුතු අතර සංකේන්ද්‍රීය වලලු ආකාරයේ මෝස්තරයක් ලෙසද දැකිය හැක.
⭕එසේම ඒ පැල්ලම් කහපාට දීප්තිමත් වලයකින් වටවී ඇත.
✨️රෝග පාලනය
⭕ආසාදිත පත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුය.
⭕ක්ලෝරොතැලෝනිල් අඩංගු දිලීර නාශකයක් හෝ මැන්කොසෙබ් දිලීර නාශකය භාවිතා කළහැක.
✳️වෛරස් රෝග✳️
➖කෙසෙල් වඳපීදීම➖
⭕කෙසෙල් වගාවේ බහුලව දැකිය හැකි වයිරස් රෝගයකි.
⭕මෙම වයිරස් ආසාදනය ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් සිදුවිය හැක.
⭕ප්‍රාථමික ආසාදනය සිදුවන්නේ රෝගී පඳුරුවලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලිනි.
⭕මෙහිදී පත්‍ර සෙව්වන්දියක ආකාරය ගනී.
⭕ඉදිරි වර්ධනයක් සිදුනොවේ. ⭕ද්විතීක ආසාදනය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නම් කූඩිත්තා යුෂ උරාබීම නිසා සිදුවේ. ⭕එමගින් රෝගී ගස්වලින් නිරෝගී ගස්වලට රෝගය පැතිරේ.
⭕ද්විතීකව ආසාදනයවීම නිසා අළුතෙන් ඇතිවන පත්‍ර පටුවීමත් ඒවායේ මැද නාරටිය හා පාර්ශ්වික නාරටි ආශ්‍රිතව තද කොළපාටට විහිදුනු ඉරිවැනි ස්වභාවයක් ඇතිවීමක් සිදුවේ.
⭕ඇතැම්විට ගොබ හිරවීමද දැකිය හැකිය.
⭕නොපීදුණු ගසක් නම් කැන් ඇතිවීම සිදුනොවේ.
⭕ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන් ඇතිවීම සිදුනොවේ. ⭕ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන සාමාන්‍ය ලෙස වර්ධනය නොවී කඳේ ස්ථානයකින් කැන එළියට මතුවේ.
✨️රෝග පාලනය
⭕රසායනික මර්දන ක්‍රමයක් නැත.
නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුයි.
⭕රෝගී ශාක ගලවා විනාශ කළයුතුයි.
⭕කූඩිත්තන් පාලනයට කටයුතු කළයුතුයි.
⭕රෝගීපත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි.
⭕වියළි කලාපයේ විසිරුම් ජල සම්පාදනය මෙම රෝග ව්‍යප්තියට උදව් විය හැක.
⭕ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ක්ලෝරොතැලෝනිල් හෝ මැන්කොසෙබ් දිලීරනාශක පත්‍ර තෙමෙන ලෙස ස්ප්‍රේ කළහැක.
➖බෝවන හරිතක්ෂයසහ ගොබ කුණුවීම➖
⭕පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය
විවිධ පරිසර තත්වයන් යටතේ පිපිඤ්ඤා විචිත්‍ර වයිරසයේ විවිධ මාදිලි මගින් මෙම රෝගය ඇති වේ. ⭕රෝග ලක්ෂණද වෛරස් මාදිලිය, පරිසරයේ උෂ්ණත්වය අනූව වෙනස් වේ.
⭕ආසාදිත ශාකවල හරිතක්ෂය වීම කුරුවීම සහ පත්‍රවල කහ පැහැති විචිත්‍රයක් පෙන්නුම් කිරීම මූලික රෝග ලක්ෂණ වේ.
✨️පාලනය
⭕රෝගී වගාවන්ගෙන් පැළ ලබා නොගන්න.
⭕රෝගී ශාක ගලවා පුළුස්සා විනාශ කරන්න.
⭕රෝග පාත්‍රී කුකබිටේසි, සොලනේසි කුලවලට අයත් බෝග කෙසෙල් සමඟ මිශ්‍රව වගා නොකරන්න.
⭕වගාව වල් පැළෑටිවලින් තොරව තබා ගන්න.
✳️බැක්ටීරියා රෝග✳️
➖බැක්ටීරියා කුණුවීම - Erwinia➖
✨️රෝග කාරකයා - Erwinia chrysanthemr
⭕මෙම බැක්ටීරියාව ආසාදනය නිසා කෙසෙල්වල රයිසෝමය තෙත් කුණුවීමට භාජනය වේ.
⭕තවද කෙසෙල් පත්‍ර නටුව කඳ සමඟ සම්බන්ධ වන ස්ථානයෙන්ද තෙත් ගඳ කුණුවීමක් දැකිය හැක. ⭕බැක්ටීරියා රෝග පාලනයට රසායනික ප්‍රතිකර්මයක් නැත. ⭕කෙසෙල් රයිසෝමයට ආසාදනය වී තිබේනම් කෙසෙල් පඳුර ගලවා විනාශ කිරීම හැර රසායනික පාලන ක්‍රමයක් නැත.
⭕එසේම මෙම රෝගය ආසාදිත ශාකයකින් නිරෝගී ශාකයකට ආසාදනයවීම භාවිතාකරන උපකරන මගින්ද සිදුවේ.
⭕එනම් ආසාදිත ශාකයක පරඬැලි කපා ඒ පිහිය සේදීමකින් තොරව නිරෝගී ශාකයක පරඬැල් කැපීමට යොදාගත්තොත් මෙසේ නිරෝගී ශාකයකට ආසාදනය වීමද සිදුවිය හැක.
⭕එමනිසා මෙම රෝගය කෙසෙල් පත්‍ර නටුව ව්‍යාජ කඳට සම්බන්ධ වන ස්ථානය ආශ්‍රිතව පමණක් දැකිය හැකි නම් පරඬැල් කැපීම සිදුකර එම ස්ථානයේ ක්ලෝරීන් 0.1g ක් ජලය ලීටරයකට දියකර ආලේප කිරීම පමණක් කළහැක. ⭕එසේම මුලින්ම නිරෝගී ශාකවල පරඬැල් කපා පසුව රෝගී ශාකවල පරඬැල් කැපීම කළයුතුයි. ඒ සෑම වාරයකදීම පිහිය ක්ලෝරීන් ද්‍රාවණයක ගිල්වා සෝදා ගැනීමද වඩාත් සුදුසුයි.