අත්ලන්තික් සාගර පතුලේ සිරවී ඇති ටයිටැනික් නෞකාවේ ඇතැම් කොටස්


 අත්ලන්තික් සාගර පතුලේ සිරවී ඇති ටයිටැනික් නෞකාවේ ඇතැම් කොටස් ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව වසර 15ට පමණ පසු එම නෞකාව නිරීක්ෂණය කළ පළමු පර්යේෂණ කණ්ඩායම පවසයි.


අත්ලන්තික් සාගරයේ මීටර් 3800ක් ගැඹුරින් ඇති මෙම නෞකාව, ගැඹුරු මුහුදු ගවේෂණය පිළිබඳ ජාත්‍යන්තර කිමිදුම් කණ්ඩායම විසින් විමසා බලන ලද්දේ විශේෂ උපකරණ භාවිත කරමිනි.


නෞකාවේ ඇතැම් කොටස් විස්මයජනක ලෙස ඉතා හොද තත්ත්වයක පවතිද්දී, එහි කොටස් කිහිපයක් මුහුදට ක්ෂය වී තිබේ.


වැඩි වශයෙන් ම පරිහානියට පත්ව ඇත්තේ, නෞකාවේ කාර්ය මණ්ඩල නේවාසිකාගාරයේ කොටසකි.


වෙළෙඳ දැන්වීමක්


ටයිටැනික් නෞකාවේ ඉතිහාසය පිළිබද විශේෂඥයෙකු වන පාර්ක්ස් ස්ටීවන්සන් පැවසුවේ, මෙම කිමිදුම් ව්‍යාපෘතිය අතරතුර තමන් නිරීක්ෂණය කළ දේ පිළිබදව "කම්පනයට පත්වූ" බවය.


"ටයිටැනික් නැව ගැන උනන්දු වන ගොඩක් අයගේ ප්‍රියතම ඡායාරූපයක් වුණ කැප්ටන්ගේ නාන බේසම (bathtub) දැන් පේන්නවත් නෑ," ඔහු පැවසීය.





"ඒ පැත්ත සම්පූර්ණයෙන් ගරාවැටෙමින් තිබෙනවා. ඒක තවදුරටත් පරිහානියට පත්වෙමින් තිබෙන්නේ."


ඔහු පැවසුවේ, නෞකාවේ ඉදිරිපස කොටසේ ඇති ශාලාවේ වහලය බොහෝ විට ඊළඟට අහිමි විය හැකි බව පෙනී යන බවය.


"ටයිටැනික් ආයෙත් ස්වභාවධර්මයට එකතු වෙමින් තිබෙනවා," ඔහු සදහන් කළේය.


දැඩි මුහුදු රළ ප්‍රවාහ, ලවණ ඛාදනය සහ වානේ දිරාපත් කරන බැක්ටීරියා වර්ග නෞකාව ආක්‍රමණය කරමින් සිටී.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form