ලොව මිල අධිකම තේ පානය - ඩා හොං පාඕ ☕️☕️


 ලොව මිල අධිකම තේ පානය - ඩා හොං පාඕ ☕️☕️


🌱 ඩා හොං පාඕ යනු චීනයේ ෆුජියන් පළාතේ වූයි කඳුකරයේ වගා කරන තේ විශේෂයකි. 


🌱 ඩා හොං පාඕ හි සුවඳ සුවිශේෂී ඕකිඩ් සුවඳක් වන අතර පානය කිරීමෙන් පසුවද දිගු කල් පවතින මිහිරි රසයක් ඇත. 


🌱වියලි ඩා හොං පාඕ තේ කොල තදින් ගැට ගැසූ ලණු හෝ තරමක් ඇඹරුණු තීරු වැනි හැඩයකින් යුතු වන අතර කොළ සහ දුඹුරු පැහැයෙන් යුක්ත වේ. 


🌱පෙරීමෙන් පසු තේ පානය පැහැදිලි දීප්තිමත් තැඹිලි-කහ වර්ණයක් ගනී.


🌱මෙහි විශේෂත්වය නම් ඩා හොං පාඕ තේ පානය කිරීමෙදී එක තේ කෝප්පයක් වෙනස් වූ විවිධ රසයන්ගෙන් රස විඳිය හැකි වීමයි. 


🌱 මෙහි වටිනාකම තේ කොල එක් ග්‍රෑම් එකක් සඳහා 1,400$ කට ආසන්න මුදලක් හා තේ කොල බඳුනක් සඳහා 10,000$ ක් පමණ වේ.


1 Comments

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form