රසවත් ෆලුඩා ගැන දැනගනිමු... 🍧🍸🥤🧋

 රසවත් ෆලුඩා ගැන දැනගනිමු... 🍧🍸🥤🧋






ෆලූඩා යනු ඉන්දියානු උපමහාද්වීපියේ සීතල ජනප්‍රිය අතුරුපස විශේෂයකි. සම්ප්‍රදානුකුලව එය සාදනු ලබන්නේ රෝස සිරප් , හින් මුරුක්කු , පැණිරස කසකාසය ඇට , ජෙලි කැබලි , කිරි යොදාගන්නේය. තවද මිට බහුල වශයෙන් අයිස් ක්‍රීම් ස්වල්පයක්ද එකතු කරයි. මේ සදහා යොදාගන්නා හින් මුරුක්කු සාදනු ලබන්නේ තිරිගු පිටි, අරලුපිටි, ඉරිගු පිටි හෝ සව් යොදාගෙනය. 


 ෆලුඩා.... 


රෝස සිරප්, " kulfi" සහ කසකාසය ඇට සමග ෆලුඩා


 ආරම්භවූ ප්‍රදේශය 


❗ඉන්දියානු උපමහාද්වීපය

Region or state

❗ඉන්දියාව

❗නේපාලය 

❗ පකිස්ථානය 

❗බංගලාදේශය

❗ ම්යන්මාරය 

❗ශ්‍රී ලංකාව

Details

Course

පානයකි

Main ingredient(s)

කිරි, රෝස සිරප්, හින් මුරුක්කු, කසකාසය ඇට


 ඉතිහාසය.. 


ෆලූඩාවල මුලාරම්භය පර්සියාව දක්වා විහිදේ. පර්සියාවෙහි ෆලූඩාවලට සමාන ෆාලූඩ්හ් නම් වු ජනප්‍රිය අතුරුපසක් ද විය.මෙම අතුරුපස ඉන්දියාවට පැමිණියේ මුස්ලිම් වෙළෙන්දුන් සහ දාසය වන සියවසේ සිට දහඅට වන සියවසේ දක්වා කාලය තුල වු ඉන්දියාවෙහි වාසයට පැමිණි අධිපතින් මගිනි. වර්තමාන ෆාලූඩ්හ්වල සුවරූපය මුගල් අධිරාජය විසින් ගොඩනගන ලද්දක් වන අතර එය විජයග්‍රහනයන් හරහා පැතිරුණි. විශේෂයෙන් වර්තමාන හයිද්රාබාද් සහ කර්ණාටක ජයක්ග්‍රහණ ලද මුස්ලිම් පාලකයන් මෙයට විවිධ දේ එක්කරමින් අනුග්‍රහය දැක්විය. මෙය අද වනවිට පකිස්ථානු සංස්කෘතියේ ප්‍රධාන අතුරුපසක් වන අතර විශේෂයෙන් මුස්ලිම් උත්සව වලදී භාවිත කරයි.


හින්දුස්ථානයේ මුල් අවදියේ ෆලූඩා “අඩුකොට/පහත් ලෙස” දක්වනලදී. එය හින් මුරුක්කු භාවිතය නිසා සිදුවන්නට ඇතැයි විස්වාස කෙරේ. උදාහරණයක් වශයෙන් ගත්කල අපකීර්තියට පත්වූ අයෙක් තමන්ගේ කීර්ති නාමය ෆලූඩා ඒකකට හැරවුණු බවට ප්‍රකාශකල යුතුයි. ඒනම් එය දළ වශයෙන් “මගේ කීර්තියට වෙඩි තබන ලදී” වශයෙන් අදහස් වේ.


 ප්‍රභේද...  


මුම්බායිහි ජුහු වෙරළෙහි වෙලදසැලක් තුල වු ෆලූඩාහි චායාරූපයකි.

අද වනවිට ෆලූඩාවල ස්වරූපයන් විශාල ප්‍රමාණයක් දැකිය හැක. ඉන් සමහරක් හින් මුරුක්කු රහිතව පළතුරු මිශ්‍රකොට සාදනු ලැබේ.


බංගලාදේශයේ මෙය සැදීමේදී " Ketaki (pandan) " සාරය, "pistachios", සව් ඇට, යොදය සහිත පොල්, අබ, කිරි.හින් මුරුක්කු සහ සැර අධික "black tea" ද යොදාගනු ලැබේ.

මැලේසියාව සහ සිංගප්පූරුවෙහි මිට සමාන බිමක් ඇත එය නමින් "බන්ඩනග්"".

තායි පානයක් වන "නාම් මන්ග්ලක්" ෆලූඩා වලට සමාන වන අතර එය සදා ඇත්තේ ජෙලි කැබලි, "tapioca pearls","Job's Tears" නම් වු කුඩා ඇට වර්ගයක් සිනි, වතුර සහ රෝස වතුර භාවිතා කරමින්ය.

ඉරාකයේ ඔවුනට අවේනික වු ආකාරයට සාදන නමුත් තරමක් මහතා හින් මුරුක්කු භාවිතා කරයි.

මිට සමාන නවීන පෙරදිග ආසියානු පානය වන්නේ " bubble tea" ය.

"Andrea" නම්වු ප්‍රසිද්ධ ෆලූඩා සැදීම සදහා විවිධ රෝස සිරප් උකු කිරි සහ ළපටි "tapioca pearls " භාවිත කරයි .


මුරුසියානුවන් "alouda" නමින් හදුන්වන අතර , එය "ෆලුඩා" වචනයෙහි ප්‍රබෙධයක්ද වේ. තවද මෙය බොහෝ අතින් රසයටද සැදීමට යොදාගන්නා ද්‍රව්‍ය වලින්ද සමාන වේ. 

දකුණු අප‍්‍රිකාවේ තවත් මෙවැනිම බිමක් ඇති අතර එය ෆලුඩා නමින්ද හැදින්වේ. එය අහාර වේලක් සමග හෝ පසුව පිළිගන්වනු ලබයි...


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form