කොටියන් සාමාන්‍යයෙන් දකුණු හා නැගෙනහිර ආසියාවේ සුලබව දක්නට ලැබෙන සත්ව විශේෂයකි.

 cats

ලෝකයේ වෙසෙන විශාල බළලුන්ගේ විශ්මිත සුන්දරත්වය හා හැකියාවන් ඔබ අප කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි. බොහෝ අය ඔවුන්ගේ ලොම් ලබා ගැනීම සඳහා උන් පිළිබඳව නිතරම විපරමෙන් සිටින නිසා, ඔවුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින පහත වැටෙමින් තිබේ.

පහතින් දැක්වෙන්නේ පුදුමාකාර විශාල බළලුන් 10 දෙනෙකු පිළිබඳ සැකසු දත්ත සමුහයකි. එලෙස විශාල වූත් පුදුමාකාර වූ ත් බළලුන් දස දෙනා තෝරාගනු ලැබුවේ ඔවුන් දඩයම් කිරීමේ නිර්මාණාත්මක ක්‍රමයක්, විස්මිත වූ වර්ණ රටාවක් හෝ හුදෙක් බිය උපදවන බැවිනසුළු බව පදනම් කරගෙනය.

10. බොබ්කැට්

බොබ්කැට් පවුලේ උතුරු ඇමරිකානු විශාල බළල් පවුලකට අයත් එක් සාමාජිකයෙකි. මේ බොබ්කැට්, විලෝපිකයෙකු ලෙස හැසිරෙමින් වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව, කාන්තාර සහ අර්ධ කාන්තාර සිමාවන් ආසන්නයේ සහ වගුරුබිම් පරිසරවල වාසය කරයි. බොබ්කැට් හාවුන්, මුවන්, කුඩා මීයන් සහ කෘමීන් පවා තම ආහාර වේල ඇතුලත් කරගනී. වෙනත් බොහෝ විශාල බළලුන්ට සමානව, බොබ්කැට් ද හුදකලා දඩයම්කරුවෙක් ලෙස හ්න්දින්විය හැකියි. සෑම බොබ්කැට් කෙනෙක්ම තමාට අයත් භූමියේ අයිතිය තහවුරු කරගනු වස් තම භූමිය සලකුණු කිරීම සඳහා ඔහුටම අවේනික වූ ක්‍රමයක් භාවිතා කරනු දක්නට ඇත. ක්‍රීඩාවට මෙන්ම ලොම් ලබනගනු පිණිස මිනිසා විසින් බොබ්කැට් බළලුන්ව දඩයම් කරනු ලැබුවද, ඔවුන්ගේ ජනගහනයට එය එතරම් තර්ජනයක් නොවේ. ඒ කෙසේ වෙතත්, බොබ්කැට් බළලුන්ව දඩයම් කිරීම ඔවුන්ගේ ජනගහනය අනතුරේ හෙළිය හැකිය.

බොබ්කැට් බළලුන් සූර්යාලෝකයේ අවසාන පැය තුන සහ හිරු උදාවෙන් පසු පැය තුනක් ඔබ මොබ ගමන් කරයි. නව පරිසරයකට අනුවර්තනය වීමට ද ඔවුන් ඉතා දක්ෂය. මෙය සත්වයාට ඉතා වැදගත් කුසලතාවයක් ලෙස දැක්විය හැක්කේ නිතරම මිනිසුන් ඔවුන්ගේ වාසස්ථානය ආක්‍රමණය කිරීමේ ප්‍රවණතාවක් පවතින බැවින් එලෙස ඉවක් වැටුණු වහාම තම වාසස්ථානයෙන් ඉවත්වන බොබ්කැට් බළලුන් ඉක්මනින්ම නව වාසස්ථානයට හුරුවෙයි. අළු පැහැයට හුරු දුඹුරු පැහැති ලොම් සහිත සම, කළු පැහැති කන් සහ රැවුල් ගස් වලින් පිරුණු මුහුණ බොහෝ ලින්ක්ස් විශේෂ වලට සමාන ය. බොබ්කැට් “ලොකු බළලෙකු” ලෙස සැලකිය හැකි නමුත් අනෙකුත් විශාල බළලුන් හා ගත් කල ඔවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩාය. ඔවුන්ගේ සැබෑ ශරීර ප්‍රමාණය පිළිබඳව කිවහොත් ඔවුන් සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිතව ඇති කරනු ලබන බළලෙකු මෙන් දෙගුණයක් පමණ විශාලය.

09. ඔසෙලොට්

ගෘහස්ථව ඇති කරනු ලබන බළලෙකුට අතිශයින්ම සමාන පෙනුමක් තිබීම නිසා ocelot වඩාත් ප්‍රසිද්ධය. ඔවුන්ගේ ලොම් වලාකුළු පෙනුමක් සහිත දිවියෙකුගේ හෝ ජගුවර් කෙනෙකුගේ ලොම් වලට බොහෝ සෙයින් සමාන විය හැකිය. කනගාටුවට කරුණක් නම් මෙම පුදුමාකාර දුර්ලභ ලොම් සහිත සම නිසාම ඔවුන් දඩයම් කරුවන්ගේ වටිනා දඩයම් ඉලක්කයක් බවට පත් කර තිබීමයි. ඔසෙලොට් බොහෝ විට කටුස්සන්, උභයජීවීන්, මුවන්, මීයන් සහ ගෙම්බන් දඩයම් කිරීමට දක්ෂයෝ වෙති. ඔසෙලොට් වැඩිපුරම දක්නට ලැබෙන්නේ දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව සහ මෙක්සිකෝව වැනි ප්‍රදේශ වලය.

1980 ගණන් වලදී ඔසෙලොට් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව ප්‍රකාශයට පත් වුවද, නමුත් පසුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ලැයිස්තුවෙන් ඔසෙලොට්ව ඉවත් කර ඇත. ඔවුන් තනිව ගැවසෙන්නට ප්‍රිය කරන්නන් වන අතර කලාතුරකින් එකට එක්ව ආහාර ගනිමින් විවේකිව සිටිනු දැකිය හැකිය. ඔවුන් අතිශයින් භෞමික ජීවින් වන අතර සමහර අවස්ථාවන් වල තම බිම් තීරුව ආක්‍රමණය කරන්නට පැමිණෙන්නන් මරා දැමීමට වුවද මේ ඔසෙලොට් බළලුන් දෙවරක් සිතන්නේ නැත. ඔසෙලොට් නිශාචර සත්ව විශේෂයක් වන බැවින් විශාල බළලුන් හිමි හොඳම රාත්‍රී පෙනුම ඔවුන්ට ඇත.

08. කැරකල් කැට්

කැරකල් බළලා පර්සියානු ලිනක්ස් හෝ අප්‍රිකානු ලින්ක්ස් ලෙසද හැඳින්වේ. ඔවුන් අප්‍රිකානු ගෝල්ඩන් කැට් සමඟ සමීපව සම්බන්ධයක් දක්වන බළල් විශේෂයකි. ඔවුන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔවුන් තුල පවතින අසාමාන්‍ය කඳු නැගීමේ සහ පැනීමේ කුසලතා නිසාය. කැරකල් බළලුන් අප්‍රිකාව සහ බටහිර ආසියාව පුරා විහිදී සිටින අතර සාමාන්‍යයෙන් රාත්‍රියේදී තනිවම දඩයම් පිණිස යන්නවුන් වෙති. අහසේ ඉගෙමින් සිටින කුරුල්ලන් අහසින් උදුරා ගැනීමේ විස්මිත හැකියාව පවතින කැරකල් බළලුන් ඒ නිසාම වඩාත් ප්‍රසිද්ධ වී ඇති නමුත් ඔවුන්ගේ ආහාර වේලෙහි ඇන්ටිලොප්, ගැසල්, මීයන් සහ ඉඳහිට පැස්බරාවන් ද ඇතුළත් වේ.

කැරකල් ගොදුරක් අල්ලා ගත් විට, එය සමෙන් සෙමෙන් ඉරා මස් කපා වෙන් දමා ගනී. එවිට ඔවුන්ට සත්වයාගේ ලොම් අනුභව කිරීමට සිදු නොවේ. මෙය ඔවුන්ගේ තවත් එක සුවිශේෂී උපක්‍රමයකි. එළඹෙන්නේ ආහාර හිඟ කාලයක් නම්, ඔවුන් කුරුලු පිහාටු සහ කුණු වූ මස් පවා අනුභව කරමින් තම කුසගින්න නිවාගන්නට උත්සුක වෙති. කැරකල් බළලෙකු දැකීම අතිශයින් දුර්ලභ වන අතර ඔවුන් මිනිස් ඇසෙන් සැඟවී සිටීමට ඉතා දක්ෂ වන නිසාම කැරකල් බළලෙකු දැකීම අතිශයින් දුර්ලභ වී ඇත.

07. ජගුආරුන්දි

ජගුආරුන්දි සත්වයන් මෙක්සිකෝවේ සහ මධ්‍යම හා දකුණු ඇමරිකාවේ බහුලව දක්නට ලැබේ. තද දුඹුරු පැහැයට සමාන වර්ණයක් සහිත සමකට උරුමකම් කියන ජගුආරුන්දි වරුන්ගේ (උපතේදී ඔවුන්ගේ සම මතුපිට පිහිටන ලප හැර) පිහිටන වටකුරු කන් නිසා ඔවුන් දියබල්ලෙකුට සමාන යැයි කියනු ලැබේ. මෙම සත්වයාගේ ලොම් සඳහා කිසිදු ආශාවක්, ඉල්ලුමක් මිනිසා තුල නොතිබුණද ජගුආරුන්දි වරුන් වාසස්ථාන අහිමි වීම නිසා දැඩි ලෙස විඳිමින් සිටිති.

බොහෝ ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවල් ස්පන්ග්න වල සිටින්නන් ජගුආරුන්දි වරුන් “ලියොන්සිලෝ” නමින් හඳුන්වයි. “කුඩා සිංහයා” යන්න එයින් කියවෙයි. බොහෝ විශාල බළලුන් මෙන් නොව, මෙම බළලා දිවා කාලයේදී දඩයම් කිරීමට පුරුදුව සිටියි. ඔවුන් සාමාන්‍යයෙන් හාවුන්, කුරුල්ලන් හා සමහර විට පලතුරු ද අනුභව කරති. බොහෝ ජගුආරුන්දි වරුන් වාසය කරන්නේ ජලය ගලා බසින පහත් ස්ථානවල ය.

06. මාබල්ඩ් පූසා

ගෘහාශ්‍රිත බළලෙකුගේ ශරීර ප්‍රමාණයට බොහෝ දුරට සමාන මාබල්ඩ් පූසා විශාල බළලුන් අතරින් සිටින කුඩාම බළලාවේ. සෙන්ටිමීටර 45 ක් පමණ දිගකින් යුත් මාබල්ඩ් පූසා ගේ වලිගය සමහර අවස්ථාවන් වලදී ඔවුන් දඩයම් කිරීමේදී සමබරතාවය පවත්වගන්නක් ලෙස ද ලෙස භාවිතා කරයි. මාබල්ඩ් පූසා ඉන්දියාවේ සමහර ප්‍රදේශවල සිට ගිනිකොනදිග ආසියාව දක්වා විහිදී පැතිරී ඇත. ඔවුන්ගේ ආහාර වේලට ලේනුන්, උරගයින් සහ පක්ෂීන් අන්තර්ගත වේ. අවාසනාවකට මෙන්, මෙම බළලා හඳුනා ගැනීම අතිශයින් දුෂ්කර එකක් වන බැවින් ඉතාමත් කලාතුරකින් මොවුන්ව අධ්‍යයනය කරනු ලැබේ.

වනාන්තර තුල ඇති ඔවුන්ගේ වාසස්ථාන දිනෙන් දිනම විනාශ වී යාම නිසා වර්තමානය වන විට ඔවුන්ගේ ජනගහනය 10,000 ට අඩු යැයි කියනු ලැබේ. මාබල්ඩ් බළලා ආසියාතික ගෝල්ඩන් බළලුන්ට වඩාත් සමීපව සම්බන්ධ බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. ඉහත පින්තූරය දෙස බලන විට, බළලාට එහි නම ලැබුණේ කොහෙන්ද යන්න ඔබට පැහැදිලි වනු ඇත.

05. ජගුවාර්

විශාල බළලුන්ගේ ලෝකයේ තෙවන විශාල බළලා ලෙස සැලකෙන්නේ ජගුවාර්ය. ජගුවාර් බ්‍රසීලයේ ජාතික සත්වයා ද වේ. . ජගුවාර් සතුන් දිවියන්ට වඩාත් සමීපව සමානකම් දක්වන නමුත් ඔවුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලය. . ජගුවාර් යනු පිහිනීමට ප්‍රිය කරන විශාල බළලුන් කිහිප දෙනාගෙන් එකෙකි. ඔවුන් හුදකලාව ජිවත් වීමට ප්‍රිය විලෝපිකයන් වන අතර ගොදුරු විශේෂවල ජනගහනය නියාමනය කිරීමට දන්නා සත්ව විශේෂයකි. ජගුවාර් සතුන්ගේ ප්‍රබල දෂ්ට කිරීම මඟින් කටුව සහ දැඩි උරගයින්ගේ සම බිඳ දැමීමට ඔවුන්ට හැකියාව ඇත.

කනගාටුවට කරුණක් නම්, ඔවුන්ගේ සංඛ්‍යා ඉතාමත් ඉක්මණින් පහත වැටෙමින් තිබෙන අතර ඔවුන් බොහෝ විට මිනිසුන් විසින් මරා දමන නිසා . ජගුවාර්වරු තර්ජනයට ලක් වූ සත්ව විශේෂයක් ලෙස සැලකිය හැකිය. . ජගුවාර්ගේ ඇති කෙටි නිය සහිත අත් පා පසුව කඳු නැගීම, බඩගා යාම සහ පිහිනීම සඳහා ඔවුනට ප්‍රයෝජනවත් වේ.

04. හිම දිවියා

හිම දිවියා මධ්‍යම ආසියාව, ඇෆ්ගනිස්ථානය සහ ලෝකයේ බොහෝ රටවල කඳුකර ආශ්‍රිතව ජිවත් වෙයි. ඔවුන්ගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 15-18 පමණ වේ. මොවුන් සාමාන්‍ය දිවියෙකුගේ ශරීර ප්‍රමාණයට බෙහෙවින් සමාන වන නමුත් සාමාන්‍ය දිවියෙකුට වඩා තරමක් දිගු වලිගයක් හිමි සත්ව විශේෂයකි. එම වලිගය රළු බිම්වල ගමන් කිරීමේදී සමබරතාවය පවත්වා ගැනීම සඳහා ඔවුන් යොදා ගනී. ඔවුන් කඳුකර ප්‍රදේශවල ගුහා ආශ්‍රිතව වාසය කරයි.

දැනට ලොව පුරා හිම දිවියන් 5,000 ක් පමණ ඉතිරිව ඇති බවට සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දී ඇති අතර එයින් කියවෙන්නේ හිම දිවියන්ද විශාල බළල් පවුලේ අනෙක් සාමාජිකයන් මෙන්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් බවයි. හිම දිවියෙකු තම භූමිය වෙනුවෙන් දැඩි ලෙස සටන් නොකරනු ඇත.

03.සිංහයා

සිංහයන් සාමාන්‍යයෙන් සැවානා සහ තෘණ බිම්වල බහුලව වාසය කරන අතර සමහර අවස්ථාවන් වලදී වනාන්තරවල ද දක්නට ලැබේ. සිංහයන් බොහෝවිට සමූහයක් ලෙස ගැවසෙන අතර එකී කණ්ඩායමක් ගැහැණු සිංහයන් , සිංහ පැටවුන් සහ පිරිමි සිංහයන් කිහිප දෙනෙකුගෙන් සමන්විතවන අතර එම සිංහ පවුල ආඩම්බරයක් ලෙස හැඳින්වේ. ගැහැණු සිංහයන් සාමාන්‍යයෙන් කණ්ඩායම් වශයෙන් එක්වී සතුන් දඩයම් කිරීමට යයි.

වර්තමානය වන විට සිංහ ගහනය සියයට 30-50 කින් පමණ පහත වැටෙමින් තිබෙන අතර සිංහයා අවදානමට ලක්විය හැකි සත්ව විශේෂයක් ලෙස හැඳින්වේ. පිරිමි සත්වයෙකු ඔහුගේ දක්නට ඇති කේශර මගින් පහසුවෙන් හඳුනා ගත හැකිය. සිංහයා යනු ලොව වෙසෙන විශාලතම බළලුන්ගෙන් දෙවෙනියාය. ඔවුන්ගේ මතුපිට සමේ වර්ණය සාමාන්‍යයෙන් ලා කහ පැහැයක් ගනී. සිංහ පැටවුන් උපත ලබන විට ඔවුන්ගේ ශරීරයේ මතුපිට ලප දක්නට ඇති නමුත් ඒවා පරිණත වන විට ක්‍රමයෙන් අතුරුදහන් වේ.

02. චීටා

පැයට සැතපුම් 70 ක පමණ වේගයකින් ළඟා විය හැකි ලොව වේගවත්ම ගොඩබිම සත්වයා ලෙස බොහෝ අය චීටා හඳුන්වනු ලබයි. චීටාගේ සම මතුපිට දක්නට ඇති වටකුරු, කළු ලප දඩයම් කිරීමේදී තම ගොදුර මුළා කිරීමට ඔවුන් උපයෝගී කර ගනී. අනෙකුත් විශාල බළලුන් හා සසඳන විට චීටාගේ හිස කුඩා යැයි කියනු ලැබේ. සීබ්‍රා ඇතුළු ක්ෂීරපායින් ඔවුන් වැඩිපුරම අනුභවයට ගනී.

චීටා ගොදුරක් සඳහා වේගයෙන් දිව යන විට, ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමකට ළඟා වන අතර එය දීර්ඝ කාලයක් එම මට්ටමේ තබා ගත හොත් එය ඔහුට මාරාන්තික වනු ඇත. චීටා ලෝක සංරක්ෂණ සංගමයේ අවදානමට ලක්විය හැකි විශේෂ ලැයිස්තුවේ සිටී. ලොව පුරා චීටාවන් 12,400 ක් පමණ දැනට වනයේ ඉතිරිව සිටින බව කියනු ලැබේ.

1. කොටියා

කොටියන් සාමාන්‍යයෙන් දකුණු හා නැගෙනහිර ආසියාවේ සුලබව දක්නට ලැබෙන සත්ව විශේෂයකි. අනෙකුත් බොහෝ විශාල බළලුන් මෙන්, ඔවුන් ද ප්‍රාදේශික හා හුදෙකලාව ජිවත්වන්නන් වේ. රතු පැහැයට හුරු තැඹිලි පැහැයෙන් ආවරණය වූ මතුපිට සමත්, ඒ සම මත විහිදුණු අඳුරු පැහැ, සිරස් ඉරිත් කොටියාගේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණයකි. පුරාණ මිථ්‍යා කථා වලට අනුව ඒවාට විවිධාකාර වූ කතා ද දක්නට ලැබේ. සාමාන්‍යයෙන් වනාන්තර තුළ ජීවත් වන කොටින් මී හරකුන්, ඌරන් , මුවන් සහ ඇතැම් අවස්ථාවන් වලදී දිවියන් සහ පිඹුරන් වැනි සර්පයින් වැනි සතුන් ද ගොදුරු කර ගනී.

කොටින්ට අඩි 16 ක් පමණ උස පිම්මක් පැනීමේ සුවිශේෂී හැකියාවද ඇත. ඔවුන් සෑම විටම ජලයට සමීපව ජීවත් වීමට උත්සහ ගන්නා අතර එහිදී ඔවුන් නිතරම ස්නානය කිරීමෙන් සතුටක් ලබන බව කියවේ. කොටියා ආසියාව තුල දරුණුවටම දඩයම සඳහා ඉලක්කවූ සතුන්ගෙන් එකෙක් වීම අවාසනාවකට කරුණකි.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form