ලොව මිල අධිකම ගව මස් 🐄🐂

 

ලොව මිල අධිකම ගව මස් 🐄🐂

ජපානයේ වැග්යු හරක් මස් (Wagyu beef) ලොව වටිනාම ගවමස් වේ. එහි ඇති ඉහළ මේද ප්‍රතිශතය නිසා මෙම මස් පිසූ විට බටර් රසයක් මිශ්‍ර ආවේණික රසයක් දැනෙන බව පවසයි. වෙලදපොලේ දී ඉහළ ශ්‍රේණියේ වැග්යු සඳහා රාත්තලකට ඩොලර් 200 දක්වා වැය විය හැකිය. ලොව දුර්ලභ පිච්චීම සදහා කැපූ මස් වන ඔලිව් වගියු සඳහා ඩොලර් 120 සිට 300 දක්වා වැඩි මුදලක් වැය විය හැකිය.  මෙම සතුන් වර්ධනය කිරීමේ දී ඔලිව් ඇඹරූ තලපයක් ආහාර සමඟ මිශ්‍ර කර ලබාදෙයි. වැග්යු පැටවුන් එක්සත් ජනපදයේ ගවයින්ගේ මිල මෙන් 40 ගුණයක් වැඩිය. මෙම ගවයින් විශේෂණ ලෙස තෝරා වෙන් කරගත් සතුන් අතර කැලරි හා තන්තු බහුල ආහාර කවා හරියට බරෙන් 50% ක් පමණ මේදය, වන තෙක් පෝෂණය කරයි.

වගියු හරක් මස් වල මොනොසැටරේටඩ් මේද අම්ල අතිශයින් පොහොසත් වන අතර ඔමේගා -3 සහ ඔමේගා -6 මේද අම්ල ඇතුළු අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වේ.  අත්‍යවශ්‍ය මේද අම්ල වැනි හෘද වාහිනී රෝග, පිළිකා, ඇල්සයිමර් සහ වෙනත් තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරන බව විශ්වාස කෙරේ.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form