➤ චොක්ලට් ගැන ඔබ නොදත් තොරතුරු රැසක්
චොක්ලට් කියන්නෙ ඉතා ප්රණීත අහාරයක් පමණයි කියලා කෙනෙක් හිතුවත් ඊට වඩා දෙයක් චොක්ලට් වල අන්තර්ගත වන බව ඔබ දන්නවාද? ඉතිං අපි මේ ලිපියෙන් අද ඔබට ගෙන එන්නෙ චොක්ලට් ගැන ඔබ නොදත් කරුණු කිහිපයකුයි.
🍫01. ශරීරයේ බර අඩු කර ගැනීමට හොදම ආහාරයක්.
ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි මේ අධික තරබාරුව. ඉතිං කෙට්ටු වෙන්න නොයෙකුත් දේ කරන ඔයා දැනගෙන හිටියද චොක්ලට් කියන්නෙ තරබාරුවට හොඳ විසඳුමක් කියලා. ඒ වගේම තමයි ඩාර්ක් චොක්ලට් වලට හැකියාව තියෙනවා ඔබේ ශරීරයේ සීනි මට්ටමත් අවම කිරීමට. ඉතිං ඔයත් අධික තරබාරුව නිසා පසුතැවෙන කෙනෙක්නම් දැන් ඔයාට පුළුවන් දිනකට චොක්ලට් කැබැලි 4ක් 5ක් පමණ ආහාරයට ගැනීමෙන් මේ තරබාරුවෙන් මිදෙන්න.
🍫02. හෘද රෝග අඩු කරයි.
චොක්ලට් වල කොකෝවා වල අන්තර්ගත flavonoids සංගටය අඩංගු වෙන බැවින් චොක්ලට් ආහාරයට ගැනීමෙන් විශාල වශයෙන් හෘර්ද සනීපාරක්ෂාව වැඩි දියුණු වෙනවා. මේ හේතුවෙන් රුධිර කැටි ගැසීම වලක්වා රුධිර පීඩනය අවම කිරීමේ හැකියාව චොක්ලට් සතුව තියෙනaවා. ඉතිං චොක්ලට් ආහාරයට ගැනීමෙන් විශාල වශයෙන් හෘර්ද සනීපාරක්ෂාව වැඩි දියුණු වෙනවා.
🍫03. සම රැක ගැනීමට හොදම ආහාරයක්.
චොක්ලට් වල flavonoids අඩංගු වන බැවින් චොක්ලට් වලට හැකියාව තියෙනවා ඔබගේ සම හිරු එළියේ පවත්නා uv කිරණයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට. ඒ විතරක් නෙමෙයි චොක්ලට් වලට හැකියාව තියෙනවා සම මතුපිටට රුධිරය ගලා ඒම වැඩි කොට සමේ තෙතමනය ආරක්ෂා කරන්නත්.
🍫04. චොක්ලට් පානය
අපි දන්නවා චොක්ලට් වල අඩංගු කොකෝවා රුධිර වහනයට මනා දායකත්වයක් සපයන බව. නමුත් ඔබ දැන සිටියාද චොක්ලට් කැබලි ආහාරයට ගන්නවාට වඩා දියරයක් ලෙස ගැනීමෙන් ශරීරයට ඉතා ගුණදායක බව.ඒ වගේම තමයි චොක්ලට් අහාරයට ගැනීමේදී අපි ගන්න ඕනෙ වඩාත් තද පාට චොක්ලටුයි. මොකද සුදු චොක්ලට් වල කොකෝවා අන්තර්ගත නොවන නිසා එය එතරම් ගුණදායක නොවේ.
🍫05. ඔබට යහපත් මානසිකත්වයක් ගෙන දෙයි.
චොක්ලට් ගත්තම චොක්ලට්වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා ඔබේ මූඩ් එක එහෙම නැත්නම් ඔබේ මානසික මට්ටම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඒ වගේම තමයි චොක්ලට් අතරින් වඩාත් තද පැහැති චොක්ලට් වලට ඔබේ හැඟීම් උද්දීපනය කරන්නත් හැකියාව තියෙනවා.