ඔයාලත් අද එක Google පැත්තේ ගියානම් මෙහෙම එකක් දකින්න ඇති🙄


 ඔයාලත් අද එක Google පැත්තේ ගියානම් මෙහෙම එකක් දකින්න ඇති🙄


අද November 04 Charles K. Kao(4 November 1933 – 23 September 2018) ගේ උපන්දිනය සිහි වීම පිනිස තමා Google සමාගම මෙසේ කර තිබෙන්නේ. කවුද මේ Charles K. Kao කියන්නේ? 🤔 චනයේ උපන් බ්‍රිතාන්‍ය-ඇමරිකානු විදුලි ඉංජිනේරුවෙක් සහ භෞතික විද්‍යාඥයෙක් වන අතර ඔහුව "Father of Fiberoptic" යන අනුවර්ථ නාමයෙන් හදුන්වයි. 1960 ගණන් වලදී, Kao විසින් ඩිජිටල් දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා ලේසර් සමඟ වීදුරු කෙඳි ඒකාබද්ධ කිරීමට විවිධ ක්‍රම නිර්මාණය කරන ලද අතර එය අන්තර්ජාලයේ පරිණාමය සඳහා අඩිතාලම දැමීමක් විය. ඔහු විසින් 2009 භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය "ප්‍රකාශ සන්නිවේදනය සඳහා තන්තු වල ආලෝකය සම්ප්‍රේෂණය කිරීම" සඳහා පිරිනමන ලදී. 2010 දී දෙවන එලිසබෙත් රැජින විසින් ඔහුට "ප්‍රකාශ තන්තු සන්නිවේදනය සඳහා වූ සේවාවන්" සඳහා නයිට් පදවිය පිරිනමීය.🎖

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form