~ 1 ශ්‍රී 1 ~🛸
... 1 ශ්‍රී 1 කියන්නේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී මුලින් තිබුණු ඉංග්‍රීසි අකුරු ක්‍රමය අවසන් කරලා මුලින්ම ශ්‍රී නොම්මර නිකුත් කරන්න ගත්තු තීරණය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී නොම්මරයක් දුන්නු පළවෙනි කාර් එක...
මේ කාර් එක Cadillac Series 62 කියන මොඩ්ල් එකේ 4 door වර්ෂන් එකක්. හැබැයි චන්ද්‍ර තිලක එදිරිසූරිය කියන මහත්මයාගේ ලිපියක ලියලා තිබුණා මේක Cadillac Eldorado එකක් කියලා. ඉස්සර කාලේ කාර් වල Trim Levels එහෙම හඳුන්වන්න පාවිච්චි කරමු යෙදුම් සමහර වෙලාවට පැටලිලි සහගතයි. මොඩ්ල් එක මොකක් වුණත් වාහනේ Cadillac....
මේ කාර් එකේ මුල්ම අයිතිකාරයා තමයි 1953 ඉඳන් 1956 දක්වා ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැති විදිහට කටයුතු කරපු සර් ජෝන් කොතලාවල මහත්මයා. ඒ වගේම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මයත් මේක සමහර වෙලාවට පාව්ච්චි කරලා තියෙනවා..කාර් එක දැන් තියෙන්නේ රත්මලානේ කඳවල පාරේ තියන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ..සර් ජෝන් කොතලාවල අනුස්මරණ කෞතුකාගාරය විවෘත කරන අවස්ථාව වෙද්දී මේ කාර් එක තිබිලා තියෙන්නේ ඇතුල්කෝට්ටේ හිටපු විශ්ව වීරසූරිය කියන මහත්මයා ගාව. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉල්ලීමක් මත ඒ මහත්මයා මේ කාර් එක කෞතුකාගාරයට පරිත්‍යාග කළාලු...
... කොහොම වුණත් මේ කාර් එක අද අපි 'නවීන තාක්ෂණය' කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් ඒ කාලේ තාක්ෂණයට අනුව ඇතුළත් වුණු කාර් එකක්...