ලංකාවෙ අපිට රස බලන්න නොලැබෙන ෆාස්ට් ෆුඩ් අවන්හල් කෑම 7ක් හදාගන්න රෙසිපි
මේ වෙනකොට ගොඩක් දෙනා කැමති, ගොඩක් ජනප්‍රිය වෙලා තියන ආහාර රටාවක් තමයි මේ ෆාස්ට් ෆුඩ් කියන්නෙ. ලංකාවෙ තියෙන සමහර ෆ්‍රැන්චයිස් වල වෙන රටවල් වල තියෙන මෙනූ එකම නෙවෙයි තියෙන්නෙ. ඉතින් අද අපි අරන් ආවෙ ඉක්මණින්, වැඩි වැඩ නැතුව හදාගන්න වගේම බිසී අයට ටක් ටික් ටුක් ගාලා හදලා රස විඳින්න පුළුවන් රෙසිපි ටිකක්. මේ සමහර ඒවා ලංකාවෙ අපිට මෙහෙ තියෙන ෆාස්ට් ෆුඩ් ෆ්‍රැන්චයිස් වලින් ගන්න නම් නැහැ.
1. McDonald’s Strawberry Shake
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෝසන් ස්ට්‍රෝබෙරි කෝප්ප 1/2
- කිරි කෝප්ප 1
- වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 2
- ස්ට්‍රෝබෙරි ප්‍රිසව්ස් මේස හැඳි 1
- මේ සියල්ලම බ්ලෙන්ඩ් එකට දාලා ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
2. Panda Express Chow Mein
අවශ්‍ය ද්‍රව්‍ය
- නූඩ්ල්ස් පැක් 1
- සුදුළූණු බික් 3
- ඉඟුරු කෑල්ලක්
- ළූණු ගෙඩි 1
- සැල්දිරි කෑල්ලක්
- ගෝවා කෑල්ලක්
- සෝයාසෝස් ටිකක්
- විනාකිරි ටිකක්
- සෙසමි ඔයිල් ටිකක්
- සුදු ගම්මිරිස්කුඩු ටිකක්
- පොල්තෙල් ටිකක්
- රතු සීනි මේස හැඳි 2
- තලාගත් ඉඟුරු තේ හැඳි 1
- තලාගත් සුදුළූණු තේ හැඳි 2
- නූඩ්ල්ස් ටික තම්බගන්න. සෝයාසෝස් වලට විනාකිරි, සෙසමි ඔයිල්, රතු සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා, ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු ටික දාලා ලියාගත් ළූණු හා සැල්දිරි ටික දාගන්න. ළූණු මැලවෙනකොට ලියාගත් ගෝවා ටික දාගන්න.
- ටිකකින් තම්බාගත් නූඩ්ල්ස් ටික දාගන්න. හොඳට කලවම් කරගන්න. සාදාගත් සෝස් එක දාලා කලවම් කරගන්න.
3. Wisconsin Butter-Basted Burgers
අවශ්‍ය ද්‍රව්‍ය
- අඹරාගත් බීෆ් ග්‍රෑම් 400
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බට්න් මෂ්රූම් ග්‍රෑම් 200
- බර්ගර් බන් 4
- අයිස් බර්ග් ලෙට්‍යුස් ටිකක්
- කෙචප්
- මස්ටඩ් සෝස්
- චීස් ස්ලයිසස් 4
- බටර් මේස හැඳි 4 (බැදීමට)
- වෙනම බටර් තේ හැඳි 4
- බෝල් එකකට බීෆ් ටික දාගන්න. බට්න් මෂ්රූම් ටික හොඳට චොප් කරගන්න. මේකත් බීෆ් එකට දාලා, ලුණු සහ ගම්මිරිස් රස අනුව දාලා හොඳට කලවම් කරලා මිශ්‍රණය 4ට බෙදාගන්න.
- එක කොටසක් අරන් පැතලි කරලා රවුම් පැටේ හදාගන්න. පෑන් එකකට බටර් මේස හැන්දක් දාලා එක පැටේ එකක් දෙපැත්තම හොඳට බැදගන්න. පැටේ 4ම මේ විදියට බටර් වලින් බැදගන්න.
- බර්ගර් බන් එක දෙකට කපලා පැටේ බැදගත්ත පෑන් එකේම බන් එකේ මැද තියලා පොඩ්ඩක් ග්‍රිල් කරගන්න.
- පැටේ එක බන් එකේ යට කොටස උඩින් තියන්න. ඒක උඩින් බටර් තේ හැන්දක් දාලා චීස් ස්ලයිස්, අයිස් බර්ග් තියලා උඩින් සෝස් වර්ග දාගෙන බර්ගර් එක හදාගන්න. මේ වගේ බර්ගර් 4ම හදාගන්න.
4. Burger King French Fries
අවශ්‍ය ද්‍රව්‍ය
- තීරු කපාගත් අල කප් 6
- කෝන් ෆ්ලා ටිකක්
- පාමසන් චීස් කුඩු කප් ½
- ඉටැලියන් සීසනින් තේ හැඳි 2
- ලුණු තේ හැඳි ½
- අල තීරු ටික හොඳින් සෝදා තෙත පිහිදලා කෝන්ෆ්ලා තවරලා රැයක් ෆ්‍රීස් කරගන්න.
- සෙල්සියස් 180ට ප්‍රීහීට් කරගත් අවන් එකක අල තීරු විනාඩි 8ක් බේක් කරගන්න.
- අනෙක් සියල්ලම එකට මිශ්‍ර කරලා බේක් කරගත් අල තීරු වලට කලවම් කරගෙන නැවත විනාඩි 4-5ක් හෝ අල ටික ක්‍රිස්පි වෙනකම් බේක් කරන්න.
5. Wendy’s Loaded Grilled Chicken Sandwich
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත චිකන් බ්‍රෙස්ට් භාග 4
- වියළි ඔරිගානො/ තයිම්/ බේසිල්/ සේජ්/ රෝස්මරි තේ හැඳි ¼ බැගින්
- පෙපර් ජැක් චීස් පෙති 4
- මයෝනේස් මේස හැඳි 2
- Dijon මස්ටර්ඩ් තේ හැඳි ¾
- පිසගත් බේකන් තීරු 4
- තක්කාලි පෙති 4
- තීරු කපාගත් ඉදුණු අලිගැටපේර භාගයක්
- සාදාගත් කෝල්ස්ලෝ සැලඩ් කෝප්ප ½
- කපාගත් බර්ගර් බන් එකක්
- චිකන් බ්‍රෙස්ට් ටික මීට් මොලට් එකකින් හරි කුඩා මෝල් ගහකින් හරි ටිකක් තලාගන්න. වියළි ඔරිගානෝ සහ ස්පයිසස් ටික එකට මිශ්‍ර කරගන්න. බ්‍රෙස්ට් වල දෙපැත්තෙම සීසනින් ඩ්‍රසින් එක හොඳට ගාගන්න.
- පෑන් එකකට තෙල් ටිකක් දාලා චිකන් ටික ග්‍රිල් කරගන්න. හොඳට ග්‍රිල් වුණාම එක බ්‍රෙස්ට් කොටසක් උඩින් චීස් ස්ලයිස් එක බැගින් තියලා චීස් මෙල්ට් කරගන්න.
- මස්ටර්ඩ් සහ මයෝ එකට මිශ්‍ර කරලා බර්ගර් බන් එක මැද ගාගන්න. හදාගත් චිකන් ඊට උඩින් තියලා කෝල්ස්ලෝ, අලිගැටපේර, තක්කාලි සහ බේකන් තියලා සැන්ඩ්විච් කරගන්න.
6. Pizza hut Herbed Cheese Sticks
අවශ්‍ය ද්‍රව්‍ය
- පීසා ඩෝ එක
- ගාලික් පව්ඩර් තේ හැඳි 1 1/2
- ඔලිව්තෙල් මේස හැඳි 1
- ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
- ග්‍රේට්කරගත් පාමසාන් චීස් කෝප්ප 1/4
- ඉටැලියන් සීසනින් පව්ඩර් තේ හැඳි 1
- පීසා සෝස්
- අවන් එක ප්‍රීහීට් කරගන්න. පීසා ඩෝ එකට ගාලික්
- පව්ඩර් දාලා ටිකක් නීඩ් කරගන්න. අතේ තෙල් ටිකක් ගාගෙන මේක තුනී කරලා අඟල් 8ක වගේ සමචතුරස්‍ර කෑලි කපාගන්න.
- ඔයිල් බ්‍රශ් කරලා ඊට උඩින් චීස් වර්ග දෙකම ඉසගන්න. සීසනින් පව්ඩර් ටිකත් ඉසගන්න. මේ ටික බේකින් ට්‍රේ එකක දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් වගේ බේක් කරගන්න. පීසා සෝස් එක්ක කෑමට ගන්න.
7. Taco Bell Nachos
අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර කෝප්ප 1
- හාල්පිටි කෝප්ප 1 ½
- ලුණු
- පෑන් එකක් ලිපේ තියලා වතුර ටික දාගන්න. ලුණු ටිකක් දාගන්න. ටිකකින් හාල්පිටි ටික දාගන්න. මද ගින්නෙ හෙමින් කලවම් කරගන්න. විනාඩි 2ක් විතර වහලා පිසගන්න. අඩිය අල්ලන්න දෙන්න එපා.
- දැන් මේක බෝල් එකකට දාලා හොඳට නීඩ් කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
- දැන් අතේ හා ලෑල්ලෙ පිටි ගාලා මේකෙන් ටිකක් අරන් තුනී කරගන්න. ත්‍රිකෝණ හැඩ කපලා ගෑරැප්පුවෙන් පොඩ්ඩක් හිල් විදගන්න. දැන් මේ ටික ගැඹුරු තෙලේ බැදගන්න.
Tags
Recipie