ලංකාවේ ගෞරවනීය විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්

 

ලංකාවේ ගෞරවනීය විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්


මෑත කාලයේදී රජය විසින් පත් කරනු ලැබූ කුලපති තනතුරු දෙකක් නිසා විශ්වවිද්යාලවල කුලපති සහ උප කුලපති තනතුරු පිළිබඳව විශාල සංවාදයක් රට තුළ ඇති වුණාමේ නිසා අපි හිතුවා ලංකාවේ ප්රධාන පෙළේ විශ්වවිද්යාල කීපයක උපකුලපති ධුරයේ කටයුතු කරපු ලංකාවේ විශිෂ්ට ගණයේ විද්වතුන් කිහිප දෙනෙක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

 

1. ශ්රීමත් අයිවෝ ජෙනින්ග්ස් 

ලීඩ්ස් සරසවියේ සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් යන ආයතනවල නීතිය පිළිබඳව දේශකයෙකු ලෙස කටයුතු කළ ශ්රීමත් අයිවෝ ජෙනින්ග්ස් ලංකාව වෙත එවීමට බ්රිතාන් ආණ්ඩුව තීරණය කළේ ශ්රී ලංකාවේ විශ්ව විද්යාලයක් ඇති කිරීම සඳහා මූලිකත්වය ගැනීම සඳහායිමුලදී කොළඹදී  විශ්ව විද්යාලය ආරම්භ වූ අතර පසුව එය පේරාදෙණියේ ස්ථාපිත කරනු ලැබුවාලන්ඩන් විශ්ව විද්යාලය අනුගමනය කරමින් පේරාදෙණිය සරසවිය සකස් කිරීමට ඔහු මැදිහත් වුණා. මෙරට තුළදී ඔහුට විවිධ විවේචන එල්ල වුණත් ඔහු විසින් මෙරට විශ්වවිද්යාල පද්ධතියට සුවිශාල මෙහෙයක් සිදු කරනු ලැබුවා.

 

2. ශ්රීමත් නිකලස් ආටිගල

මුල්කාලීන මෙරට දේශපාලනයේ කැපී පෙනෙන පවුලක් වූ ආටිගල පවුලේ සාමාජිකයෙකු වූ ශ්රීමත් නිකලස් ආටිගල වෘත්තියෙන් වෛද්යවේදියෙක්. 1952 දී සෙනෙට් සභාව නියෝජනය කළ ඔහුට ලංකා විශ්ව විද්යාලයේ උපකුලපති ධූරයට පත් වීම් ලැබුණාබැතිමත් බෞද්ධයෙකු වූ ඔහු විද්යාලංකාර සභාවේ සභාපතිවරයා හැටියටද කලක් කටයුතු කළාවිශ්ව විද්යාලය තුළ දැඩි පරිපාලනයක් ගෙන ගිය ඔහුට මේ නිසාම “යකඩ උපකුලපති” යන නමද පටබැඳුණා

 

3. එස්ජේ. වල්පිට

පානදුර ශාන්ත ජෝන් විද්යාලයෙන් මූලික අධ්යාපනය ලැබූ එස්ජේ වල්පිට ලංකා විශ්ව විද්යාලයේ භෞතික විද්යා පර්යේෂකයකු ලෙස සේවයට එක් වුණාපසුව ශ්රී ලංකා රාජ් සේවයට එකතු වූ ඔහු විවිධ වැදගත් තනතුරු රැසක් හොබවනු ලැබුවා. ඉන් අනතුරුව රජය මගින් ශ්රී ලංකා විශ්ව විද්යාලයේ උපකුලපතිවරයා ලෙස ඔහුව පත් කරනු ලැබූ අතර ඔහුගේ සේවා කාලය වසර දෙකක් වැනි කෙටි කාලයකට සීමා වුණාඉන් අනතුරුව ඔහු තානාපති සේවයට පිවිසුණා.

 

 

4. එම්.ජේ. පෙරේරා

 වසරකට අඩු කාලයක් ශ්රී ලංකා විශ්වවිද්යාලයේ උපකුලපති ධූරය දැරූ එම්ජේපෙරේරා සැලකෙන්නේ මෙරට විශිෂ්ටතම රාජ් සේවකයෙකු ලෙසටයිශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමු ශ්‍රී ලාංකික අධ්යක්ෂ ජනරාල්වරයා වූ ඔහු පසුව ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු සභාපතිවරයා බවටද පත් වුණාතමන් පත් වූ සෑම තනතුරකම පාහේ කැපීපෙනෙන වෙනසක් කිරීමට ඔහු සමත් වූ අතර, වී අලෙවි මණ්ඩලයේ කටයුතු කරන අවධියේ දී එතෙක් ලංකාවේ පැවති  බුසල් ක්රමය වෙනුවට මෙට්රික් ක්රමයට වී අස්වැන්න ගණනය කිරීමට ඔහු මුල  පුරනු ලැබුවා.

 

5. ඊඊ. පෙරෙයිරා

ලංකාවේ නවීන ඉංජිනේරු අධ්යාපනයේ පියා ලෙස ඊ. පෙරෙයිරා මහතා ගෞරවාදරයට ලක් වෙනවාශ්රී ලංකා විශ්වවිද්යාලයෙහි පළමු සිවිල් ඉංජිනේරුවේදය පිළිබඳව මහාචාර්යවරයා ලෙස පත්වීම් ලැබූ ඔහු  විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ කිරීමට මූලික වුණාමෙය ලංකාවේ විශ්ව විද්යාල පද්ධතියේ විප්ලවකාරී වෙනසක් ලෙස සැලකීමට පුළුවන්ඉන් පසුව ශ්රී ලංකා විශ්ව විද්යාලයේ උප කුලපති තනතුරින්  ඔහු පිදුම් ලැබුවා.

 

6. ස්ටැන්ලි විජේසුන්දර

කොළඹ විශ්වවිද්යාලයේ පළමු උපකුලපතිවරයා වූ ස්ටැන්ලි විජේසුන්දර පේරාදෙණිය විශ්ව විද්යාලයලන්ඩන් විශ්ව විද්යාලයඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය යන විශ්ව විද්යාලවලින් සිය උසස් අධ්යාපන කටයුතු නිම කොට තිබුණාස්වාධීන විශ්ව විද්යාලයක් ලෙස කොළඹ විශ්ව විද්යාලය ස්ථාපිත වීමෙන් අනතුරුව එහි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කිරීම ඔහුගේ මූලික අභිප්රාය වුණාකෙසේ නමුත් එවකට රටේ පැවැති භීෂණකාරී වාතාවරණය යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්ව විද්යාලය වසා දැමිය යුතු බවට දිගින් දිගටම ඔහුට බලපෑම් කරනු ලැබුවාඑම බලපෑම් වලට ඔහු  අවනත නොවීම නිසා ස්ටැන්ලි විජේසුන්දර මහතාව ඝාතනය කරනු ලැබුවා.

 

7. නන්දදාස කෝදාගොඩ

 මෙරට සිටි ‍ප්රමුඛතම සෞඛ් සන්නිවේදකයෙකු විදිහට නන්දදාස කෝදාගොඩ මහතා මුළු රටේම ගෞරවාදරයට ලක් වුණාදේශකයෙකු ලෙස කොළඹ විශ්ව විද්යාලයට එක් වූ ඔහු කෙමෙන් කෙමෙන් වෛද් විද්යා අංශ ප්රධානී තනතුරට පත් වුණාඑම තනතුරේ දෙවැනි ධුර කාලය හොබවමින් සිටියදී ඔහුව උපකුලපති ධුරයට පත් කරනු ලැබුවාඔහු සැලකෙන්නේ කොළඹ විශ්ව විද්යාලයේ ශිෂ්යයන් විසින් දැඩි ලෙස ප්රිය කළ උපකුලපතිවරයෙකු ලෙසටයි.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form