සාමාන්‍යයෙන් ශ්‍රි ලංකාවේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බියුටේන් (Butane) හා ප්‍රෝපේන් (Propane) මිශ්‍රණයක් අන්තර්ගත වෙනවා. මේ කාබනික සංයෝග දෙකම හයිඩ්‍රොකාබන වන අතර, ඇල්කේන (alkane) වර්ගයට අයත් වෙනවා. ප්‍රොපේන් (C₃H₈ ) යනු කාබන් 3ක් හා හයිඩ්‍රජන් 8ක් එකතු වීමෙන් නිර්මාණය වූ හයිඩ්‍රෝකාබනයක් වන අතර බියුටේන් (C₄H₁₀) යනු කාබන් 4ක් හා හයිඩ්‍රජන් 10 ක් එකතු වීමෙන් නිර්මාණය වූ හයිඩ්‍රෝකාබනයකි. මේ හයිඩ්‍රොකාබන වල ශක්ති ජනක අගය ගැන සලකා බලන විට, බියුටේන්වල එම අගය 120 MJ/m³ පමණ වන අතර, ප්‍රොපේන්වල එම 95 MJ/m³ අගය වේ. ශ්‍රී ලංකාව යනු උෂ්ණාධික රටක් වන නිසා, එයට ගැලපෙන පරිදි ගෑස් සිලින්ඩරයේ සංයුතිය බියුටේන් 80% කුත්, ප්‍රෝපේන් 20% කුත් වන ලෙස සකස් කරලා තියෙනවා. නමුත් මේ ඇල්කේන සංයුතිය මිලෙන් වැඩි බියුටේන් 50% ක් ලෙස හා ලභදායී ප්‍රෝපේන් 50% ක් විදියට වෙනස කලහොත් 20% ක පමණ මිල අඩුවීමක් ලගාකරගත හැකි වනවා. කෙසේ නමුත් එකම තත්ව යටතේදී බියුටේන්ට සාපේක්ශව වැඩි වාශ්ප පීඩනයක් ඇති ප්‍රොපේන් වැඩිකිරීම නිසා සැලකිය යුතු ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අභ්‍යන්තර පීඩනය වැඩි කිරීමට සමත් වෙනවා. නිසි ලෙස ක්‍රියාත්මක නොවන nozzle සහිත නිසි තත්ව පාලන පරීක්ශණයකට භාජනය නොවුණු සිලින්ඩරයක් මෙම තත්ව යටතේ කාන්දුවක් ඇතිකර නිසි සාන්ද්‍රණයක් සංවෘත අවකාශයක් තුල ජනිත කලවිට දහනයට අවශ්‍ය ආරම්භය සැකසීමත් සමග පිපිරීමක් සිදු නොවන්නේනම් පමණක් අප කලබල විය යුතු වෙනවා.
Copied