🤔වශ්වය යනු කුමක්ද ???

 

🤔වශ්වය යනු කුමක්ද ???


බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ ඇති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය.


විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට ඇත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන ඇතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන.


විශ්වය නිර්මාණය වී අති ප්‍රධාන කොටස් ලෙස විද්‍යාඥයින් සලකන්නේ චක්‍රාවාටයි(Galaxy)  අප වෙසෙන පෘථිවිය අයත් වන්නේද එවන් චක්‍රාවාටයකටය. චක්‍රාවාටයකට තාරකා බිලියන ගණනක් ඇතුලත්ය. අප වෙසෙන පෘථිවිය අයත් චක්‍රාවාටයේ තරු බිලියන සියයක් පමණ ඇතයි පැවසේ. ඊට ක්ෂීරපථය(milky way)  යන නම භාවිතා කරයි.


විද්‍යාඥයන් පවසන පරිදී චක්‍රාවාට කිහිපයක් එක්ව තැනුණු චක්‍රාවාට පොකුරු ඇත. ගෝලාකාර, විවෘත, ඉලිප්සාකාර, සර්පිලාකාර, ලිහිල්, සලාවැටුම් ආකාර වැනි විවිධ කාණ්ඩ වලට අයත් චක්‍රාවාට පොකුරු අතැයි විද්‍යාඥයින් පවසයි.✨

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form