වතුර වෙනුවට ගල් ගලන අරුම පුදුම ගංඟාව
⚫🌀 රුසියාවේ Taganay කදු පාමුල තියන බිග් ස්ටෝන් රිවර් ( Big Stone River ) කියන්නේ ජලය වෙනුවට විශාල පාෂාණ ගලාගෙන යන අපූරු ගංඟාවක්.
🌀⚫ මේ ගල් ගඟේ දිග කි.මී 6 ක් වන අතර සාමාන්‍ය පළල මීටර් 200 ක් වුනත් සමහර තැන්වල පළල මීටර් 700 ක් දක්වා විහිදෙනවා.
⚫⚫ මේ යෝධ ගල් ගග ඇතිවෙලා තියෙන්නේ මීට අවුරුදු 10,000 විතර කලින් කියල තමයි හොයාගෙන තියෙන්නේ.
🌀🌀 ඒ කාලේ Taganay කදුවැටිය මීටර් 4,800ක උසක් දක්වාම වැහිලා තිබිලා තියෙන්නේ ග්ලැසියර් වලින්.
🌀⚫ ඉතින් මේ ග්ලැසියරේ තිබ්බ අයිස් දිය වෙලා යද්දි මේ පාෂාණ සෙමෙන් කන්දෙන් ලිස්සාගෙන ගිහිල්ලා තමයි මේ විශාල ගල් ගඟ නිර්මාණය වෙන්නෙ.
⚫🌀 හැබැයි මේක ගංගාවක් කියල නම් කරන්නෙ එය හරියටම ගගකට සමාන වන නිසා මිසක් ගලාගෙන යන නිසා නම් නෙවෙයි.
Tags
amazing things