විද්‍යාවේ නොමැකෙන ලකුණ – මාරි කියුරි

 විද්‍යාවේ නොමැකෙන ලකුණ – මාරි කියුරි






➤ 1867 නොවැ. 07 වැනිදා උපත ලබා පෝලන්තයේ වෝර්සෝ නුවර හැදී වැඩුණු මාරි පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තා. මාරි කියුරි කථිකාචාර්ය විලද්සිලෝව් ක්ලෝඩ්විස්කි ගේ බාලම දියණිය ‍යි. අවුරුදු 9 දී ඇයගේ මව ක්‍ෂය රෝගයෙන් මිය ගිය අතර වැඩිමහල් සොයුරිය ද වයස අවුරුදු 15 දී මිය ගොස් තිබෙනවා. කුඩා කාලයේ නගරයේ පාසලකින් මෙන්ම පියාගෙන් ද අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ ඉමහත් ආශාවකින් පසු වුනා. පෝලන්තයේ දී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තිබුණු බාධක නිසා වෙනත් යුරෝපීය රටකට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගන්න ඇය තීරණය කළා.


➤ මාරි හා අගේ සැමියා වන පියෙරේ දෙදෙනා නිවසේ ම සාදා ගත් රසායනාගාරයක විද්‍යා පර්යේෂණ සිදු කරන්න පටන් ගත් අතර එහිදී ඔවුන් දෙදෙනාට ‘රේඩියම්’ නමැති අලුත් ද්‍රව්‍යයක් මෙන්ම පොලෝනියම් නමැති රසායනික ද්‍රව්‍යයකුත් සොයා ගන්න පුළුවන් වුනා.1903 දී 1911 දීත් දෙදෙනාම දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීම විශිෂ්‍ටම  දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

➤ දුර්ලභ යුරේනියම් වලින් පිටවෙන බලයක් ඇතිබව ඒ කාලයේ දී නව සොයාගැනීමක් බවට පත් වුනා. ඒ පිළිබඳව සිත් ඇදී යන ඇය මේ “දීප්තිය” ගෙනෙන ප්‍රභවය ගැන තවදුරටත් හදාරන්නට තීරණය කළා. අන්තිමේ දී ඒ සඳහා ඇය ‘රේඩියෝ ඇක්ටිවිටි’ -විකිරණශ්‍රීලතාව යන පදය නිර්මාණය කළා.

➤ මේ කිරණ වල ස්වභාවය කුමක් ද? එය කුමක් සඳහා යොදා ගන්නවා ද? යන ප්‍රශ්නවලට ඔවුන් දෙදෙනාම පිළිතුරු සොයන්න පටන් ගත්තා. පියෙර් සිය වැඩ කටයුතු පැත්තකට තමා මාරිගේ මූලික සොයා ගැනීම්වලට සහාය දෙන්නට පටන් ගත් බව චරිතපදානය ලියන ලද රොබට් විලියම් රීඩ් සටහන් තබා තිබෙනවා. කළ යුතු දේ කුමක්දැයි තීරණය කරන ලද්දේ ඇයයි.

➤ කියුරිලා දෙදෙනා සිය පර්යේෂණයන්හි නියැළෙන ලද “විද්‍යාගාරය” මඩුවක් වැනි විය. එය වෛද්‍ය විද්‍යාලයේ මිනී කපන කාමරය ලෙස භාවිත වූවකි. වැස්ස ඇදහැලෙද්දී එයට වතුර කාන්දු විය. තනි දොරෙන් හමා එන සුළඟ හැරෙන්නට වෙනත් වායු සැරිසරණයට තැනක් එහි නොවී ය. ඒත් එහි සිටියේ මාරි ඇයගේ සහායට වූ පියෙරේ පමණයි.

➤ භෞතික විද්‍යාවේ උන්නතිය සඳහා රේඩියම් සහ පොලොනියම් මූලධාතු සොයාගැනීමත්, රේඩියම් වියෝජක කිරීමට සමත් වීම සඳහා, මේ සුවිශේෂී මූල ධාතුවේ ස්වභාවය සහ සම්මිශ්‍රණය අධ්‍යයනට සමත්වීම යන කාරනාවලට මාරි නොබෙල් ත්‍යාගය ලැබුනු වතර එම සොයා ගැනීම් විද්‍යාවේ ඉදිරි දියුණුවට මහත් රුකුළක් වුනා.

➤ දෙවැනි ලෝක යුද්ධයේ දී තුවාල ලත් සොල්දාදුවන් මිලියනයකට වඩා සංඛ්‍යාවක් ඇය විසින් ප්‍රවර්ධනය කරන ලද එක්ස්-රේ උපකරණ වලින් ප්‍රතිකාර ලබා තියෙනවා.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form