කපු වගාව.... Cultivatin of Cotton..


 කපු වගාව.... 

 Cultivatin of Cotton.. 


🫐 ස්වාභාවික කෙඳි ලබාගැනීම සඳහා ලොව මහාපරිමානව වගාකරන, ඉහල වාණිජ වටිනාකමකින් යුතු භෝගයක් තමයි කපු. කපු කෙඳි, යනු සුපිරිසිදු සෙලියුලෝස්ය. කපු විවිධාකාරයෙන් ප්‍රයෝජනයට ගනී. රෙදිපිලි නිෂ්පාදනය (ඩෙනිම් ,කොඩ්‍රොයි වැනි), මාලු අල්ලන දැල් නිර්මානය, පුපුරන ද්‍රව්‍ය (nitro cellulose) නිෂ්පාදනය මින් කීපයකි. උද්භිද විද්‍යානුකූලව මෙම කෙඳි පවතින්නේ සුළඟ මගින් බීජ ව්‍යාප්ත වීමටය. කපු කෙඳි ලබාගැනීමට ලොවපුරා ප්‍රධාන වශයෙන් කපු විශේෂ 4 ක් වගාකරයි. සමස්ත නිෂ්පාදනයෙන් 90% ක් පමණ සැපයෙන්නේ Gossypium hirsutum

 නමැති කපු විශේෂයෙනි.  


🫐2011 දී ලොව කපු නිෂ්පාදනය කල ප්‍රධාන රටවල් 10 


🫐නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල බහුලව කපු වගාකරයි. හොඳින් හිරුඑළිය වැටෙන, හිම නොවැටෙන වර්ෂාපතනය (600mm- 1200mm) යම් පමනකට පවතින කාලයන් කපු වගාවට වඩාත් සුදුසුය. හොඳින් ජලය බැසයන නමුත් යම් පමනකට ජලය රඳවා ගැනීමේ හැකියාවක්  ඇති සාරවත් පසේ සාර්ථකව මෙය වගාකළ හැක. ලොව සම්පූර්ණ වගාබිම්වලින් 2.5% ක් පමණ කපු වගාවට වෙන්කර ඇත. චීනය විශාලතම කපු නිෂ්පාදකයා වුවද විශාලතම අපනයනකරු ඇ.එ.ජ. වේ. කපු නියඟවලට ඔරොත්තුදෙන භෝගයකි. හොඳින් පැතිරුණු මූල පද්ධතියක් පැවතීම මීට හේතුවයි. ලොව කපු වගා බිම් බහුතරයකට ජලසම්පාදනයෙන් ජලය සැපයේ. 


🫐කපු වාර්ෂික භෝගයකි. එනම් වසරක් හෝ ඊට අඩු කාලයකදී අස්වනු නෙලිය හැක. සාමාන්‍යයෙන් ගසක් අඩි 2 ත් 5 ත් අතර උසකින් යුක්තය. වද, බණ්ඩක්කා වැනි ශාක අයත් වන ශාඛ පවුලටම කපු ද අයත් වේ.  බීජ මගින් ප්‍රචාරණය සිදුවන අතර පැල අතර පරතරය 60cm*30cm හෝ 60cm*60cm වේ. ඇට සිටවු දිනයේ සිට අස්වනු නෙලන කාලය දක්වා දින 180 ක් 200 ක් පමණ

 කාලයක් ගතවේ. 


🫐කපු කෙඳි ගැන තවදුරටත් හදාරමු..  නියම විදියට කියනවනම් කපු කෙඳි (links) තනි සෛලයකි. බීජයේ පිටතින් මතුවන මෙහි ඇතුලත ඇත්තේ හිස් කුහරයකි. කෙඳි දික්වීම සහ කෙඳි  මහතින් වැඩිවීම ලෙස අදියර දෙකකින් කෙන්දක පරිනතවීම සිදුවේ. මල් පිපී මුල්දින 20 තුල කෙඳි දික්වීම සිදුවේ.  මහතින් වැඩිවීම සිදුවන්නේ මල් පිපී දින 15 ත් 20 ත් අතරදීය. මෙය දින 30 ක් දක්වා සිදුවේ. කාලගුණික තත්ත්ව, කපු ප්‍රභේදය, වගාවේ කළමනාකාරිත්වය, කපු ඇට වලින් කෙඳි වෙන්කරගැනීමේ (ginning) ක්‍රියාවලිය වැනි සාධක මත කෙඳිවල ගුණාත්මක බව රඳා පවතී.


🫐 කපු වගාවේදී නිසි කළමනාකරණයකින් යුතුව පොහොර යෙදීම කල යුතුය, (විශේෂයෙන්ම නයිට්‍රජන් පොහොර). යොදන නයිට්‍රජන් පොහොර ප්‍රමාණවත් නොවූ විට අස්වැන්න ප්‍රමාණාත්මකව මෙන්ම ගුනාත්මකවද අඩුවේ. එසේම  නයිට්‍රජන් පොහොර අධික ප්‍රමාණවලින් යෙදුවිට පරිනතවීමට පමාවීම, කපු ගෙඩි කුණුවීම, අස්වැන්න ගුණාත්මකව අඩුවීම සිදුවේ. වගාවට අවශ්‍ය නිවැරදි නයිට්‍රජන් පොහොර  ප්‍රමාණය තීරණය කිරීමට පාංශු තත්ත්ව , කලින් වගාකළ භෝගය, පසේ අස්වනු විභවය, වගාකරන කපු ප්‍රභේදය වැනි සාධක බලපායි. 


🫐කෙඳි වල ගුණාත්මක බව සාධක 3 ක් මත රඳා පවතී....


🫐කෙන්දක දිග (length of a link)  : කෙටි, මධ්‍යස්ත, මධ්‍යස්ත දිගු, දිගු 

සුමටබව (fineness)

ශක්තිය (strength)


🫐මෙම සාධක අතුරින් කෙඳි වල දිග වෙළඳපල මිල තීරණය කිරීමට වැඩිවශයෙන් බලපායි. මේ වනවිට ජාන වෙනස් කල කපු ප්‍රභේද බහුලව වගා කරයි. ඇතැම් කෘමි විශේෂ මර්ධනය කිරීමේ සුවිශේෂී හැකියාවක් මෙම ප්‍රභේද වලට ලබාදී ඇත...

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form