2022 IPL තරගාවලියේ පළමු වටයේ තරග ගෙවුණු සතියේ දී නිමාවට පත් වුණා. එම තරගවල දී ඉහළ දස්කම් දැක්වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 20ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තා. ඔවුන්ට කරට කර සටනක් ලබා දුන් රාජස්තාන් රෝයල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ලකුණු 18 බැගින් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්තා.
තියුණු සටනකින් පසුව ලකුණු 16ක් ලබා ගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනා ගනිමින් අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අයුරින් නිමාවට පත්වුණු IPL තරගාවලියේ පළමු වටයේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.
IPL තරග බිමේ තොරතුරු
IPL තරගාවලියේ මූලික වටයේ තරග 7ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් ද්විත්වය ජයග්‍රහණ 2ක බැගින් වාර්තා කළා. පහතින් දක්වා තිබෙන්නේ ගෙවුණු සතියේ පැවති IPL තරගවල ප්‍රතිඵල විසඳුණු ආකාරය යි.
1). 64 වන තරගය- දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කිංග්ස් - දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 17ක ජයක්
2). 65 වන තරගය- සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස්- සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 3ක ජයක්
3). 66 වන තරගය- ලක්නව් සුපර් ජයන්ට්ස් සහ කොල්කටා නයිට් රයිඩරස්- ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 2ක ජයක්
4). 67 වන තරගය- රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් - රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 8ක ජයක්
5). 68 වන තරගය- රාජස්තාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස්- රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
6). 69 වන තරගය- මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස්- මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
7). 70 වන තරගය- පන්ජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් - පන්ජබ් කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

2022 IPL තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ යුස්වේන්ද්‍ර චහාල් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා බවට පත් ව සිටිනවා. මේ දැනට තරගාවලිය තුළ වැඩි ම කඩුලු සහ ලකුණු ලබා ගෙන සිටින ක්‍රීඩකයනු යි.
වැඩි ම ලකුණු ලාභියෝ
1). ජෝස් බට්ලර් (රාජස්තාන් රෝයල්ස්)- ලකුණු 629 (ඉනිම්- 14)
2). ලෝකේෂ් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 537 (ඉනිම්- 14)
3). කුයින්ටන් ද කොක් (ලක්නව් සුපර් ජයන්ට්ස්)- ලකුණු 502 (ඉනිම්- 14)
4). ෂිකර් ධවාන් (පන්ජාබ් කිංග්ස්)- ලකුණු 460 (ඉනිම්- 14)
5). ෆාෆ් ඩූ ප්ලෙසිස් (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- ලකුණු 443 (ඉනිම්- 14)

වැඩි ම කඩුලු ලාභීහු
1). යුස්වේන්ද්‍ර චහාල් (රාජස්තාන් රෝයල්ස්)- කඩුලු 26 (ඉනිම්- 14)
2). වනිඳු හසරංග (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- කඩුලු 24 (ඉනිම්- 14)
3). කගීසෝ රබාඩා (පන්ජාබ් කිංග්ස්)- කඩුලු 23 (ඉනිම්- 13)
4). උම්රන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්) - කඩුලු 22 (ඉනිම්- 14)
5). කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)- කඩුලු 21 (ඉනිම්- 14)

තරගාවලියේ ලකුණු සටහන
2022 IPL තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තා. මේ මූලික තරග වටය අවසන් වෙද්දී එක් එක් කණ්ඩායම ලකුණු ලබා ගෙන සිටි ආකාරය යි.
1). ගුජරාට් ටයිටන්ස්- ලකුණු 20 (තරග- 14)
2). රාජස්තාන් රෝයල්ස්- ලකුණු 18 (තරග- 14)
3). ලක්නව් සුපර් ජයන්ට්ස්- ලකුණු 18 (තරග- 14)
4). රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- ලකුණු 16 (තරග- 14)
5). දිල්ලි කැපිටල්ස්- ලකුණු 14 (තරග- 14)
6). පන්ජාබ් කිංග්ස්- ලකුණු 14 (තරග- 14)
7). කොල්කටා නයිට් රයිඩර්ස්- ලකුණු 12 (තරග- 14)
8). සන්රයිසස් හයිද්‍රාබාද්- ලකුණු 12 (තරග- 12)
9). චෙන්නායි සුපර් කිංග්ස්- ලකුණු 8 (තරග- 14)
10). මුම්බායි ඉන්දියන්ස්- ලකුණු 8 (තරග- 14)

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය
2021-2023 ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය මේ දිනවල බංග්ලාදේශයේ දී ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ චිතගොං හිදී පැවති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොර ව නිමාවට පත් වුණා. පිතිකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණු එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199කට දැවී යාම සුවිශේෂී සිදුවීමක් වුණා.

ඔහුට පෙර එවැනි ඉරණමකට මුහුණදුන් එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට පත්වුණේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය යි. 1997 වසරේ ඉන්දියාවට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී ඔහු එම ඉරණමට ගොදුරු වුණා. ඒ අයුරින් පිත්තෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා මැතිව්ස්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. ජය පැරදුමෙන් තොරව අවසන් වුණු ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුවයි මේ.
කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පළමු ඉනිම- 397/10, (මැතිව්ස්- 199, චන්දිමාල්- 66, කුසල්- 54, නයීම්- 105/5, ශකිබ්- 60/3)
බංග්ලාදේශ පළමු ඉනිම- 465/10, (ටමීම්- 133, මුෂ්ෆිකර්- 105, ලිටන්- 88, රාජිත- 60/4, අසිත- 72/3)
ශ්‍රී ලංකා දෙවන ඉනිම- 260/6, (දික්වැල්ල- 61*, දිමුත්- 52, කුසල්- 48, චන්දිමාල්- 39*, ටයිජුල්- 82/4)
තරගය ජය පැරදුමෙන් තොර ව නිමාවට පත් වුණා
තරගයේ වීරයා- ඇන්ජලෝ මැතිව්ස්

යුපුන්ගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්
ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ගෙවුණු සතියේ දී තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ ඉතාලියේ පැවති Castiglione International Meeting 2022 මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 200 අවසන් තරගයේ දී යි. එම තරගය තත්පර 20.37ක කාලයකින් නිම කළ යුපුන් නව දකුණු ආසියාතික වාර්තාවක් බිහි කළා.
එහි දී ඔහු බිඳ දැමුවේ ඉන්දීය ධාවන ශූර අම්ලන් බොර්ගොහයින් තත්පර 20.52ක් ලෙස තබා තිබුණු වාර්තාව යි. ඊට අමතර ව විනෝජ් සුරංජය තත්පර 20.68ක කාලයකින් මීටර් 200 ඉසව්ව නිම කර තබා තිබුණු ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද එහි දී බිඳ වැටුණා.

යුරෝපයේ ප්‍රධාන පාපන්දු ලීග් තරගාවලි 5ක් අවසන්
පසුගිය මාස 10ක කාලය පුරාවට යුරෝපයේ ප්‍රධාන රටවල් 5ක් ආශ්‍රිත ව ලීග් පාපන්දු තරගාවලි ක්‍රියාත්මක වුණා. ගෙවුණු සතියේ දී එම පාපන්දු තරගාවලි නිමාවට පත් වුණා. ඒවායේ අවසන් ප්‍රතිඵල සටහන් වුණු ආකාරයයි මේ.
ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය
* ශූරතාව- රියාල් මැඩ්‍රිඩ් (ප්‍රසාද ලකුණු- 86)
* අනුශූරතාව- බාර්සිලෝනා (ප්‍රසාද ලකුණු- 73)
*වැඩි ම ගෝල ලාභියා- කරීම් බෙන්සිමා (රියාල් මැඩ්‍රිඩ්)- ගෝල 27

ජර්මනියේ Bundesliga තරගාවලිය
* ශූරතාව- බයර්න් මියුනික් (ප්‍රසාද ලකුණු- 77)
* අනුශූරතාව- බොරුසියා ඩෝර්ට්මන්ඩ් (ප්‍රසාද ලකුණු- 69)
*වැඩි ම ගෝල ලාභියා- රොබට් ලෙවොන්ඩොස්කි (බයර්න් මියුනික්)- ගෝල 35

ඉතාලියේ Serie A තරගාවලිය
* ශූරතාව- AC මිලාන් (ප්‍රසාද ලකුණු- 86)
* අනුශූරතාව- ඉන්ටර්නැෂනල් (ප්‍රසාද ලකුණු- 84)
*වැඩි ම ගෝල ලාභියා- සිරෝ ඉමොබයිල් (ලාසියෝ)- ගෝල 27

ප්‍රංශයේ Ligue 1 තරගාවලිය
* ශූරතාව- PSG (ප්‍රසාද ලකුණු- 86)
* අනුශූරතාව- මාර්සෙල්ලී (ප්‍රසාද ලකුණු- 71)
*වැඩි ම ගෝල ලාභියා- කිලියම් එම්බාපේ (PSG)- ගෝල 28

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය
* ශූරතාව- මැංචෙස්ටර් සිටි (ප්‍රසාද ලකුණු- 93)
* අනුශූරතාව- ලිවර්පූල් (ප්‍රසාද ලකුණු- 92)
*වැඩි ම ගෝල ලාභීහු- මොහොමඩ් සලා (ලිවර්පූල්) - ගෝල 23
සොන් හියුං-මින් (ටොටෙන්හැම් හොට්ස්පර්)- ගෝල 23
එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩි ම ගෝල ප්‍රමාණයක් ලබා ගත් පළමු ආසියාතික ක්‍රීඩකයා වීමේ ගෞරවය දකුණු කොරියානු ක්‍රීඩක සොන්-හියුං-මින්ට හිමි වුණා.
