සත්ත්ව ලෝකයේ අසිරිය


විසිඑක්වැනි සියවසට පිවිස සිටියදීත් සොබාදමේ අසිරිය මිනිසාගේ නුවණැසට අභියෝගයකි. දෑස වශීකරන මේ සොබා සිත්තම් අපට පවසන්නේ ඒ සත්‍ය කතාවය. බායා වීවර් පිරිමි කුරුල්ලා තම වර්ගයෙන් කිරිල්ලියක සොයා ගැනීමට සිතක් ‍පහළ වූ විට කරන්නේ අලංකාර කූඩුවක් නිර්මාණය කිරීමය. කුඩා වුවත් සවිමත් හොටෙන් සහ ඇඟිලි තුඩුවලින් වියළි තණකොළ පාම් කොළ ගෙනැවිත් ඌ මේ අලංකාර කූඩුව ඉඳි කරයි. මේ සඳහා සිය දහස් ගණනක වියළි ශාක කෙඳි අවශ්‍යය. ලගින්නට, බිත්තර සුරැකීමට වෙන් වෙන් වශයෙන් මෙහි කුටි ඉදි වේ.


එපමණක් නොවේ අලංකාර බසා කූඩුව නිමවී ඇත්තේ සුළඟින්ද ආරක්ෂා වන ලෙසය. පෙම්වත් සිතැති යොවුන් පක්ෂියා කූඩුව හොඳින් නිමවා ඇත්දැයි බැලීමට නාබර කිරිල්ලිය කූඩුවට පිවිස පූර්ණ අධීක්ෂණයක් සිදු කරන්නීය.


සියොත් පෙම්වතා කූඩුව නිම කර ඇති අන්දමත් එය තනා ඇති පරිසරයත් සිත් ගත්තේ නම්, මිහිරි නාදයකින් කුරුලු බසින් මුමුණා ඇය මනාපය ලබා දෙන්නීය. සතුරන්ට එනම් විලෝපිකයන්ට ගොදුරු කරගත නොහැකි ආකාරයෙන් සවිමත් කොළයක කූඩුව නිමකර තිබීමද මෙහිදී අනිවාර්යය.


බීවරයෝ වැඩකරුවෝ


බීවරයන් ලෝක ප්‍රසිද්ධ සත්ත්ව ගෘහ නිර්මාණ ශිල්පීන්ය. ගස් බිම දමා අතුරිකිලි රැගෙන ගොස් මඩ හා මුසුකර උන් සදන පාලම් පුදුමාකාරය.





අස්වනු මීයෝ (හාවස්ට් මයිස්)


ලොව සිටින ඉතාම කුඩා ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් වන අස්වනු මීයකුගේ බර ග්‍රෑම් 4 - 11ක් පමණ වේ. ප්‍රමාණයෙන් කුඩා වුවත් අස්වනු මීයාගේ වැඩ නම් කුඩා නැත.


උන් කෙතරම් කුඩා ද යත් තණ කොළ ගසක ඉහළට ගමන් කර කූඩුවක් සෑදීමට උන්ට පුළුවන. මිනිසාට සිතන්න නොහැකි බොහෝ දේ සත්තු සිදු කරති. තණ කොළයක් මත ඇවිදීමට අස්වනු මීයාට ඇති හැකියාව ඉන් එකක් පමණි. ඊට වඩා පුදුම විය යුත්තේ උන් තණ පඳුරේ මැද සාදන නිවාසයයි. මෙය ඉදි කරන්නේ ගැහැනු මීයන් විසිනි. මේ නිසා වැඩිදුර නොයා අස්වැන්න නෙළා ගැනීමේ වාසිය මී පවුල අත්පත්කරගනී. තණමල් පීදී තෘණ කරල් බර වෙද්දී උන් ඉතා පහසුවෙන් අතේ දුරින් ඇති තෘණ ඇට රස විඳිති.



අන් දෙයක් නොවේ මේ වේ තුඹස් ය. එහෙත් බැලූ බැල්මට එය පෙනෙන්නේ අලංකාර කඳු ශිඛරයක් ලෙසය. ඔස්ට්‍රේලියාවේ මෙවැනි කඳු ඕනෑ තරම් දැකිය හැකිය. මේවා ඉදිකර ඇත්තේ මිනිසාට කෙසේවත් ප්‍රියමනාප සතකු නොවන වේයාය. මැටි කන්දක උස මීටර් හයක් හෝ ඊට වැඩි විය හැකිය. සාදා ඇත්තේ මැටියෙන් වුවත් සිමෙන්තිවලටත් වඩා සවිමත් බව රහසක් නොවේ. එවැනි සවියක් මැටි කන්දට ලැබී ඇත්තේ වේයන්ගේ ඛේටය මිශ්‍රවීම නිසාය.

 කඳුවැටියේ අපූර්වත්ය වැඩිකරන තවත් කරුණක් වන්නේ මෙහි ඇති සියුම් කුහරයි. ඒ නිසා වේයන්ගේ මේ මැටි මාලිගය තුළ මිනිසා විසින් වායුසමීකරණය කළ ගොඩනැඟිල්ලකට වැඩි සිසිලසක් පවතී. ක්ෂුද්‍ර කුහරවලින් නැවුම් වාතය ඇතුළුවන්නේ සෙල්සියස් අංශක 30ක තරම් සිසිලසක් ලබා දෙමිනි.


සැරසීමට දක්ෂ වොගෙල්කොප් බොවර් කුරුල්ලා ද සත්ත්ව ලෝකයේ විස්මකර්මයෙකි.


නිව්ගිනියාවේ සිටින බොවර් කුරුල්ලා පෙම්වතියගේ සිත දිනා ගන්නේ කැදැල්ල මාලිගාවක් ලෙසින් සැරසීමෙනි. ‍කෝටු, එක දෙක කුරුලු තුඩට ගෙනැවිත් සාදන කෝටු මාලිගයේ විශාලත්වය වැඩිවන තරමට සහ කූඩුව ආශ්‍රිත භූමිය පලතුරු, කොළ, මල් ආදියෙන් සරසන තරමට කිරිල්ලියගේ සිතෙහි කුරුල්ලා කෙරෙහි ඇතිවන සෙනෙහසද වැඩේ. නූතන බොගෙල්කොප් බොවර් කුරුල්ලන් නම් ප්ලාස්ටික් බෝතල් වැනි දේ ද මල්, පලතුරු ගොඩවල් අතර ගොඩ ගසන්නේ තමන් කාලයේ තාලයේ මනාලයකු බව පෙන්වීමටය. බොවර් කුරුල්ලන්ගේ විශේෂත්වය එක් වර්ගයක් පමණක් එක් ගොඩක තැබීමය.


දිමි ලෝකයේ සමගි බලේ


එකමුතුකමට සටන්කාමිත්ය එක්කරගත් දිමියන් කූඩු තනන්නට ද සැබෑ දක්ෂයන්ය.


එහෙත් ඔවුන් මේ මනහර කූඩු තනන්නේ විශාල කැපවීමකිනි. උන් කොළයකට කොළයක් එක් කරන්නේ තම පිලවුන් යොදාගනිමිනි. දිගු පාද සහිත මේ කෘමීන් පිලවුන්ගේ ඛේටය සිල්ක් නූල් මෙන් යොදාගෙන කොළ එකින් එක සම්බන්ධ කරති. සිල්ක් නූල් වැනි ද්‍රව්‍ය දිමියන්ට සාදා ගත හැක්කේ පිලවුන් අවස්ථාවේ පසුවන සාමාජිකයන්ගේ ඛේට ග්‍රනථිවලින් පමණි.


කූඩුව තැනූ පසු දිමියන් අවධානය යොමු කරන්නේ තම කූඹි ප්‍රජාවගේ හිසට සෙවණක් තනාදීමට ඛේටය පරිත්‍යාග කළ පිලවුන් හදා වඩා ලොකු මහත්කර ගැනීමටය. උන්ද ලොකු මහත් වී පිලවුන් හදාවඩා යළිත් කූඩු තනති.


#09th June 2008

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form