- වසර 2009 පසු අද දින දෙවන කුඹල් පෙරහැරේ දෑල ගමනට සූදානම් වන "කැළණියේ කණ්ඩුල ඇතු" 🙏🐘❤️
කැලණිය රජ මහා විහාරස්ථානයේ පෙරහර මංගල්‍යයට ඇතෙකුගේ පැවති අඩුව මගහරවා ගැනීම පිණිස තායිලන්ත රාජකීය පවුල විසින් මෙම හස්තියා ශ්‍රී ලංකාවට රැගෙන එන ලද්දේ 2001 වසරේදීය. මේ වන විට කණ්ඩුල හස්තියාට වයස අවුරුදු 30කට ආසන්න වනවා. ඉතාමත් අලංකාර සමමිතික දල යුගලක් පිහිටා ඇත.
ඇතු මෙරටට හිමි වී මුල් කාලයේ මහනුවර දළදා පෙරහැරට සම්බන්ධ වුවත් අවාසනාවකට පසුගිය වසර වල මදකිපිම හේතුවෙන් මහනුවර ඇසල පෙරහර මංගල්‍යයට සහභාගී වූයේ නැත. මේ ඇතු බොහෝ විට වසරේ වැඩි කාලයක් මද කිපීම හේතුවෙන් පෙරහැර වලට සම්බන්ධ වන්නේ අවම වශයෙන් ය.
එය එසේ වුවත් දිවයිනේ බොහෝ ස්ථානවල පෙරහැරමංගල්යයන් සදහා තම දායකත්වය මෙම තේජාන්විත හස්තියා ලදි.2019 / 2020 වසර වල රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහෝත්සවයේ මුල් පෙරහැර කීපයේම දේවාභරණ වැඩමවීමේ භාග්‍ය කැළණියේ කණ්ඩුල හස්තියා ට හිමි වීම විශේෂ වූ කාරණයකි.
අලංකාර දල යුගලයකට හිමිකම් කියන මේ ඇතු එම කාර්ය ඉතා තේජාන්විත ලෙස සිදුකල බව සදහන් කිරීමට පිලිවන.කෙසේ වුවද වරෂ 2014න් පසුව කණ්ඩුල හස්තියා මහනුවර පෙරහැරට සම්බන්ධ වන්නේ මේ (2019 හා 2020 )වසරේ දීය. එයට බොහෝ විට වෙනත් වර්ෂ වල වසරේ වැඩි කාලයක් මද කිපීම හේතුවෙන් පෙරහැර කාර්ය වලින් ඈත් කොට තැබීමයි.මේ වසරේ ඇතු බොහෝ විට දෑල ඇතෙකු ලෙස පෙරහැර කීපයකම සහභාගී වන බවයි අපට වාර්තා වන්නේ..
අවසන් වරට මේ ඇතු දෑල ඇතෙකු ලෙස ගමන් කරනු ලැබුයේ 2009 වසරේ බෝතලේ ගාමිණී ඇතු සමගය.ඒ නැදුන්ගමුව රාජා කරඩුව වැඩම කරන අවස්ථාවකදීය.නමුත් අද වන විට බෝතලේ ගාමිණී හස්ථියා අප අතර ජීවත් වන්නේ නැත.
ලාංකීය පෙරහැර සංස්කෘතිය සෝබාවමත් කිරීමට උර දෙන මෙම ඇතාට දීඝායු ප්‍රාර්ථනා කරමු.