ඇෆ්ගන් වැසියන් 640ක් සමඟ පියාසර කළ යානය ✈️ 🇦🇫


 ඇෆ්ගන් වැසියන් 640ක් සමඟ පියාසර කළ යානය 

✈️ 🇦🇫 


ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ සිට ඉරිදා රාත්‍රියේ ඇෆ්ගන් වැසියන් 640ක් එකවර ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානකින් කටාර් හී ඇමරිකානු හමුදා කඳවුරක් වෙත ගෙන ඒමට සමත්ව තිබේ.


ඇමරිකානු ගුවන් හමුදාවට අයත් C-17 Globemaster III වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානකින් මෙම පිරිස ගෙන ගොස් ඇති බව ඩිෆෙන්ස් වන් වෙබ් අඩවිය වර්තා කර තිබේ.


මෙහිදී සියලුම ඇෆ්ගන් වැසියන් ගුවන්යානයේ බිම වාඩි වී එකිනෙකට පොරකිමින් ගුවන් යානයේ ගමන් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ඇමරිකානු හමුදාවන්ට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ගමන් කළ වැඩිම මගීන් පිරිස බවද අදාල වෙබ් අඩවිය පෙන්වා දෙයි.


අදාල ගුවන් යානය මෙතරම් මගීන් පිරිසක් ගෙන යාමේ අරමුණින් පැමිණි ගුවන් යානක් නොවන අතර යානය ගුවන් ගතවීමට පෙර ඇෆ්ගනිස්ථානයේ ඉවත්වීමට අවසර ලැබුණු පිරිස් බලහත්කාරයෙන් මෙන් ගුවන් යානටය ඇතුලු වී ඇති බව අදාල වෙබ් අඩවිය වාර්තා කරයි.


කෙසේ වෙතත් අදාල පිරිස ගුවන් යානයෙන් ඉවත්කිරීම වෙනුවට ඔවුන්වද රැගෙන කටාර්වෙත පියාසර කිරීමට ඇමරිකානු හමුදාවන් තීරණය කර ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසයි.


විශාල බරක් ගෙනයාමට මෙම ගුවන් යානා වර්ගයට හැකියාව පවතින බැවින් මෙවැනි විශාල පිරිසක් රැගෙන යාම ගැටලුවක්වී නොමැත.


  එම වර්ගයේ ගුවන් යානකින් රැගෙන ගිය දෙවැනියට වැඩිම මගීන් පිරිසද මෙය බව ඩිෆෙන්ස් වන් වෙබ් අඩවිය පෙන්වා දෙයි.


මීට පෙර 2013 වර්ෂයේදී පිලිපීනයේ ඇති වූ කුණාටුවකට මැදිවූ වැසියන් 670ක් මෙවැනිම යානයකින් රැගෙන යාමට සමත්ව තිබේ.


කෙසේ වෙතත් ලෝක ඉතිහාසයේ ගුවන් යානකින් වැඩිම පිරිසක් ගමන් කළ අවස්ථාව ලෙස ඊශ්‍රයාලය 1991 දී දියත් කළ සොලමන් මෙහෙයුමෙන් ඉතියෝපියා යුදෙව් වැසියන් 1088 මුදා ගැනීම සඳහන් වනු ඇත. 


සටහන නුවන් සේනාරත්න 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form