Angler fish( ඇන්ග්ලර් ෆිෂ් )●

 Angler fish( ඇන්ග්ලර් ෆිෂ් )●


☆Lophiformes පවුලේ සාමාජිකයකු වන ඇන්ග්ලර් ෆිෂ් වර්ගය බිහිවීමේ කාල වකවානුව මීට වසර මිලියන 150 සිට 130 කාලයකට අයත් වන බව පැවසේ.මාංශ භක්ෂක සත්ත්ව විශේෂයක් වන මොවුන්ගේ හිස විශාලය.අඩ සඳක හැඩයක් ඇති මුඛය පුරා තියුණු දිග උල් දත් පිහිටා ඇත.අවානක හැඩය ඇති මේ දත් නිසා ඉතා පහසුවෙන් ගොදුරු ග්‍රහණය කර ගත හැකිය. කිලෝ ග්‍රෑම් 32 ක තරම් ශරීර බරකින් යත් ඇන්ග්ලර් ෆිෂ් ගේ සිරුරේ දිග සෙන්ටිමීටර 18 ක් තරම්ය.මොවුන් ගැඹුරැ මුහුදේ සැරිසරන නිසා පර්යේෂකයන් හට අධ්‍යයනය කිරීමට එතරම් ලෙහෙසි දෙයක් නොවේ.ශාරීරික ශක්තිය වැය නොකර ගොදුරු ග්‍රහණය කර ගැනීමේ උපායශීලිත්වය නිසාම මෙම මාළුවා හට පිහිනීම සදහා වැය වන්නේ සියයට 2ක ශක්ති ප්‍රමාණයක් පමණි.ගැඹුරු නිවැසි මේ මාළුන් විසින් ආලෝකය විහිදුවන අතර එය ගොදුරු ආකර්ෂණය වෙනුවෙන් යොදන උපායකි. මොවුන්ගේ හිස මධ්‍යයේ සිහින් කේශරයක් පිහිටා ඇත. එහි අග lillcium නමින් හදුන්වන උපාන්ගයකි. පිටුපස වරලේ පිහිටි නාරටි 3 ක් සමග සම්බන්ධිත මෙම අවයවය සතුනට රිසි සේ හැරවිය හැකිය.මොවුන්ගේ ප්‍රියතම ආහාරය වන්නේ කවචයන් සහ ටෙලාස්ට් වැනි මත්ස්‍යයන්ය. ( මොවුන් මරියානා ආගාදයේද දැකිය හැක)

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form