දෙවියන්ගේ ආහාරය වන "චොකලට් "🍫


 දෙවියන්ගේ ආහාරය වන "චොකලට් "🍫

  චොකලට් කියන්නෙම නම ඇසූ පමණින් රස නහර පිනා යන ආහාරයක්...... 

🔷 චොකලට් ගස් හෙවත් කොකෝවා ගස්..........  
📌 චොකලට් නිෂ්පාදනය සඳහා  ගනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේ කොකෝවාය. මෙම කොකෝවා ඇට තිබෙන්නේ කොකෝවා ගස්වල දරන ඵල තුළය. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම ගස් කැකෝ ( Cacao) යනුවෙන් හඳුන්වයි....... රසම රස චොකලට් නිපදවීමට උපකාරී වන මැජික් ඵල බදු මෙම කොකෝවා ගස් වල  විද්‍යාත්මක නාමය වන වනුයේ Theobroma Cacao යන්නයි. මෙම නම ලබා දී තිබෙන්නේ ස්වීඩන් ජාතික විද්‍යාඥ Linnaeus  විසින් 1753 දීය..... ලතින් භාෂාවෙන් මෙහි තේරුම වන්නේ " දෙවිවරුන්ගේ ආහාරය " යන්නයි .. දෙවිවරුන් පවා ආහාරයට ගැනීමට  ප්‍රිය කරන තරමට චොකලට් රසවත් යන්න එහි අදහසයි .... කොකෝවා ගස් සෑදෙන්නේ නිවර්තන කලාපීය රටවලය.......  විශේෂයෙන් දකුණු සහ මධ්‍යම ඇමෙරිකානු රටවල ය . පුරාණයේ දී මෙක්සිකෝවේ විසූ මායාවරුන් ලොව පළමුවරට කොකෝවා  ගස් වගා කොට කොකෝවා ඇට වියළා ජලය සමඟ මිශ්‍ර කොට ඒවායින් පානයක් සාදා ගත්හ........ මෙය මායාවරුන් ගෙන් පුරාණ ඇස්ටෙක්වරුන් වෙත ද ව්‍යාප්තව ඇත.... මායාවරුන් මෙම පානය උණුවෙන් පානය කළ අතර ඇස්ටෙක්වරුන් එය සිසිල් කොට පානය කළහ . ඇස්ටෙක් භාෂාවෙන් මෙම පානය හැඳින්වූයේ Xocolatl  යනුවෙනි......... එහි තේරුම  තිත්ත ජලය යන්නයි. මෙය විශේෂිත උත්සවවලදී සහ ආගමික චාරිත්‍ර වලදී විශේෂ පානයක් ලෙස භාවිතා කරන ලදී . ඔවුහු කොකෝවා ඇට දෙවියන්ට  පූජා කරන විශේෂ ද්‍රව්‍යයක් ලෙසද , මුදල් ඒකකයක් ලෙසද භාවිතා කළහ . ඇස්ටෙක් අධිරාජයකු වූ මොන්ටෙසුමා සතුව කොකෝවා ඇට ගබඩා කරන ලද විශාල ගබඩා කාමරයක් ද තිබුණි........  ඉන්පසු යුරෝපයේ සිට පැමිණි ස්පාඤ්ඤ ජාතික දේශගවේෂකයින් නව ලොවක් සොයා රටින් රටට දේශගවේශනය කරද්දි මෙක්සිකෝවට ද පැමිණි අතර එහිදී මෙම අපූරු පානය ගැන ඔවුන්ට දැනගැනීමට ලැබුණි ........ ඔවුන් මගින් ස්පාඤ්ඤ රජුට මෙම කොකෝවා  ලැබුණි. ඔවුහු කොකෝවා පානයේ තිත්ත  රස අඩු කර ගැනීමට සීනි ද එක් කළහ...... ඉන්පසු ඔවුහු මධ්‍යම ඇමරිකානු නිවර්තන වැසි වනාන්තර වල පිහිටි කොකෝවා ඇට තම රටට ආනයනය කර ගත්හ. මෙම රස රහස අනෙකුත් යුරෝපානු රටවලට දැනගැනීමට ලැබුණේ ස්පාඤ්ඤය එය භාවිත කිරීම අරඹා වසර සියයක් පමණ ගතවූ පසුය...... ස්පාඤ්ඤයේ මරියා තෙරේසා කුමරිය ප්‍රංශයේ 14 වන ලුවී රජු සමඟ විවාහ වී ප්‍රංශයට ගිය පසු ඇය සමග මෙම අපූරු  පානයද ප්‍රංශයට ලැබුණි...... ඉන්පසු තවත් යුරෝපානු රටවල ද ,ඇමරිකානු රටවලට ද, මෙම පානය ව්‍යාප්ත විය. ස්කොට්ලන්තය,නෙදර්ලන්තය, ඇමරිකාව හරහා චොක්ලට් පානය තව තවත් වැඩි දියුණු විය.ලොව පළමුවරට ආහාරයට ගත ගතහැකි ආකාරයෙන් ඝනකමින් යුක්තව චොක්ලට් නිපදවූයේ එංගලන්තයේ ජෝසප්ෆ්‍රයි ප්‍රමුඛ ෆ්‍රයිස් නැමැති චොක්ලට් සමාගමයි. නෙදර්ලන්ත  ජාතික කොන්රාඩ් වැන් හූටන් නැමැත්තා විසින් කොකෝවා පවුඩර් සෑදීමට  හැකි යන්ත්‍රයක් නිර්මාණය කරන ලදි. ඉන්පසු තවත් විවිධ ද්‍රව්‍යද ,( ආමන්ඩ්,රටකජු ආදිය) ඊට මිශ්‍ර කොට ඉතා රසවත්ව චොක්ලට් නිපදවීම ලොව පුරා රටවලද ඇරඹුනි.............

🔷 චොකලට් නිපදවන්නේ කොහොමද ?
📌 කොකෝවා ගස්වල හටගන්නා කොකෝවා ගෙඩි කහ පැහැගැන්වී ඉදුණු පසු ඒවා ගස්වලින් නෙලාගනු ලැබේ.........

📌 ඉන්පසු කොකෝවා ගෙඩි පලා ඇතුලත ඇති සුදු පැහැති මද වලින් කොකෝවා ඇට වෙන්කර ගනී.....

📌  ඉන්පසුව එම ඇට එළිමහනේ හොඳින් අතුරා අව්වේ වියළා ගනී.......

📌 දුඹුරු පැහැවන තුරු හොඳින් වියළුණු කොකෝවා ඇට යන්ත්‍රානුසාරයෙන් එහි රසය මතු කර ගනී........

📌 ඉන්පසු යන්ත්‍රානුසාරයෙන් මෙම ඇට අඹරා ඉතා ප්‍රණීත චොකලට් දියර සාදා ගනී......

📌  ඉන්පසු එම චොකලට් දියර සමග කිරි, සීනි පදමට මිශ්‍ර කොට  යන්ත්‍රානුසාරයෙන් එය ඝනකම් වනතුරු කලතයි. ඉන් පසු සෑදෙන මිශ්‍රණය හඳුන්වන්නේ කොකෝවා බටර්  යනුවෙනි...... 

📌 එසේ සෑදුනු චොකලට් මිශ්‍රණය  උණුසුම් සහ සිසිල් කර ගන්නේ එයට අලංකාර  දිලිසෙන පෙනුමක් ලබා දීමටයි. ඉන්පසු යන්ත්‍රානුසාරයෙන් හතරැස් හැඩැති කුඩා ආච්චු තුළට මෙම චොකලට් මිශ්‍රණය  පුරවනු ලැබේ. එම අච්චු තුළදී ඝනකම් වී චොක්ලට් පෙති බවට ඒවා සෑදෙයි..........

📌 ඉන්පසු යන්ත්‍ර මගින් එම රසවත් චොකලට් පෙති වලට අලංකාර දවටන යොදුනු ලැබේ.........

🔷 කොකෝවා වගා කරන ප්‍රධාන රටවල්

🌀 කෝට් ඩි අයිවරි
🌀 ඝානාව 
🌀ඉන්දුනීසියාව
🌀 නයිජීරියාව
🌀කැමරූන්
🌀බ්‍රසීලය
🌀 ඉක්වදෝරය
🌀මෙක්සිකෝව
🌀 ඩොමිනිකන් ජනරජය
🌀 පේරූ

🔷 චොකලට් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් 

🌀 ඇමරිකා එක්සත් ජනපදය
🌀 බෙල්ජියම 
🌀 ස්විට්සර්ලන්තය
🌀 මෙක්සිකෝව
🌀 ස්පාඤ්ඤය
🌀 ජර්මනිය 
🌀ප්‍රංශය
🌀ඉතාලිය
🌀එක්සත් රාජධානිය 
🌀 ඩෙන්මාර්කය 

🔻 චොකලට් පිලිබද දැනුමට යමක්................. 

📍 ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා චොක්ලට් වර්ල්ඩ් නමින් ඉතා දැවැන්ත චොකලට් ප්‍රදර්ශනාගාරයක් තිබේ.විනෝද චාරිකාවක් යනවා මෙන් මෙහි ඇතුළත ඇවිද යමින් චොකලට් නිෂ්පාදන ක්‍රියාවලිය නැරඹීමටද තමන්ට කුඩා චොකලට්ටුවක් සාදා අත් හදා බැලීමටද ඉඩ කඩ ලැබේ.මෙය නැරඹීමට වසරකට සංචාරකයෝ මිලියන ගණනක් ඇදෙති..........

📍 චොක්ලට්වල මුඛයේ හටගන්නා බැක්ටීරියා වලට  එරෙහිව සටන් කළ හැකි රසායනිකයක් අඩංගුය.මේ නිසා චොක්ලට් ආහාරයට ගැනීම දන්ත සෞඛ්‍යයට හිතකර බව පැවසේ....... 

📍 චොකලට්  අනුභවයෙන් හෘදයාබාධ වැලැඳීමේ අවදානම අඩු වන බව ද පර්යේෂණ මගින් සොයාගෙන ඇත......

📍 චොකලට්  වල සුවඳ මගින් මනසට සැහැල්ලුවක් ගෙන දෙන මොලේයේ තීටා තරංග වැඩි දියුණු කරන බව ද පර්යේෂණ  මගින් සොයාගෙන තිබේ .....

📍 ලොව ලොකුම චොකලට්ටු 2015 වසරේ දී ක්‍රොයේෂියාවේදී නිපදවන ලද අතර එහි බර කිලෝ ග්‍රෑම් 5792ක් විය.......

📍 ඇමරිකානු සහ රුසියානු ගගනගාමින් අභ්‍යවකාශයට ගෙන ගිය ද්‍රව්‍ය අතරට චොක්ලට්ද එක් වූ බව පැවසේ .......

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form