ලොව උසම ගොඩනැගිලි

 

ලොව උසම ගොඩනැගිලි 


 01.    Burj Khalifa 


   බර්ජ් කලීෆා ලෙස හැඳින්වෙන  මෙම ගොඩනැගිල්ල  දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස වාර්තා පිහිටුවා ඇත. මෙම ගොඩනැගිල්ල උසින් මීටර 828ක් වන අතර අඩි 2723ක් වේ. එය ගොඩනැගීම සඳහා වසර 5ක් ගත වී ඇත. ඩුබායිහි ප්‍රසිධ්ද ව්‍යාපාරික දිස්ත්‍රික්කයක 2009 දී නිම වැඩ නිමා කරණ ලදි. Skidmore, Owings, Merrill විසින් මෙම ගොඩනැගිල්ල නිර්මාණය කරන ලදි. 


02.Shanghai Tower 


 ෂැංහයි කුළුන, ඩුබායි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට වඩා මීටර 200ක් කෙටි වේ. සත්‍ය වශයෙන්ම මෙම කුළුන දැනට ලෝකයේ පවතින උසම ගොඩනැගිලි අතරින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත. මෙම ගොඩනැගිල්ල උසින් මීටර 632 කි. අඩි 2073 ක් වේ. මෙම ගොඩනැගිල්ලෙ චීනයේ ෂැංහයි නගරයේ පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ල 2008 වර්ශයේදී ඉදිකිරීම් ආරම්භ කල අතර  2015 වන විට ඉදිකිරීම් වැඩ කටයුතු අවසන් වී ඇත.


 03.     Abraj Al Bait Towers 


 ලෝකයේ පවතින උසම ගොඩනැගිලි අතර තෙවන ස්ථානය හිමි වී ඇත්තේ මෙම ගොඩ නැගිල්ලටයි.. මෙම ගොඩනැගිල්ල අනිත් ගොඩනැගිලි අතරින් වඩාත් කැපී පෙනෙන ලක්ෂනයක් වන්නේ මෙහි ඇති ඔරලෝසුවයි. මෙම ගොඩනැගිල්ල උසින් මීටර 601 ක් ද අඩි 1972ක් වේ. සෞදි අරාබියේ මක්කමෙහි පිටා තිබෙන මෙම ගොඩනැගිල්ල 2012 වර්ශය වන විට සියලු වැඩ අවසන් විය. මක්කම යන ශුද්ධ නගය නවීකරණය කිරීමට දැරූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස මෙය හැඬිහ්න්විය හැක, මෙම ගොඩනැගිල්ල මහල් 120 කින් සමන්විත ලොව උසම හෝටලයද වේ. මෙහි ඔරලෝසු මුහුණත කිලෝමීටර 25ක සිට පැහැදිලිව දැකගතහැකි වීම විශේෂ ලක්ෂනයකි.


04     One World Trade Center 


 මෙම ගොඩනැගිල්ල ලොව සිව්වන උසම ගොඩනැගිල්ල පමණක්ම නොව, නිව්යෝක් නගරයේ උසම ගොඩනැගිල්ලද මෙය වේ. මෙම ගොඩනැගිල්ල උසින් මීටර 541ක් වන අතර අඩි 1776ක් වේ. මෙය නිව්යෝක් නගරයේ ඇති ලෝක වෙළඳ මද්‍යස්ථානයකි. තවද මෙම ගොඩනැගිල්ල බටහිර අර්ධගෝලයේ උසම ගොඩනැගිල්ල වේ.


05. CTF Finance Centre 


 2014 වර්ශයේ ඉදිකිරීමට පටන් ගත් මෙම ගොඩනැගිල්ල උසින් මීටර 530 ක් වේ. අඩි 1740ක් වේ. මෙය ලොව උසම ගොඩනැගිලි අතර පස්වන ස්ථානය හිමි කරගෙන ඇත,මෙම ගොඩනැගිල්ල කාර්යාල, මහල් නිවාස, හෝටල් සහ සාප්පු සන්කීර්න වලින් සමන්විත වේ. මෙහි තට්ටු 112ක් වේ. තවමත් ඉදිකිරීම් කටයුතු අවසන් වී නැති අතර 2016 වර්ශය වන විට සියලු වැඩ කටයුතු නිමා කිරීමට සැලසුම් කර ඇත.


06. Taipei 101 


 ලොව උසම ගොඩනැහිලි අතර හයවන ස්ථානය ගත් මෙම ගොඩනැගිල්ල තායිවානයේ තායිපේ අගනුවර පිහිටා ඇත. උසින් මීටර 508ක් වන අතර අඩි 1667ක් වේ. මෙම ගොඩනැගිල්ල 2004 සිට 2007 දක්වා ලොව උසම ගොඩනැගිල්ලට හිමිකම් කියා ඇත. මෙය ලොව විශාලතම හරිත ගොඩනැගිල්ල ලෙස ප්‍රචලිත වේ. 1999 දී ඉදිකිරීම් ආරම්භ කල මෙය 2004 වසර වන විට නිමා විය. මෙහි ආපන ශාල සිය ගනනක් පිහිටා ඇත.


07. Shanghai World Financial Center 


 චීනයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල උසින් මීටර 4921 ක් ද අඩි 1614ක් වන මෙම ගොඩනැගිල්ල ලොව උසම ගොඩනැගිලි ලැයිස්තුවේ හත්වන ස්ථානය හිමි කරගෙන ඇත. කාර්යාල, හෝටල්, සම්මන්ත්රණ ශාලා, නිරීක්ෂණ තට්ටු, සහ බිම මහලේ සාප්පු සංකීර්ණ සමන්විත ගොඩනැගිල්ලකි. මෙහි මහල් 101ක් පිහිටා ඇත හෝටල් කාමර 174කින්  සමන්විත මෙය ගොඩනැගිල්ල ලෝකයේ දෙවන වැඩිම හෝටල් සමන්විත වාණිජ මධ්යස්ථානය වේ.  


 08. International Commerce Centre 


 උසින් මීටර 484ක් ද, අඩි 1587ක් වන මෙම ගොඩනැගිල්ල ලොව උසම ගොඩනැගිලි අතර 8 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම ගොඩනැගිල්ලද හෝටල් වාණිජ මධ්‍යස්ථානයකි. මෙම ගොඩනැගිල්ල මහල් 108කින් සමන්විත වේ.  මෙම ගොඩනැගිල්ල චීනයේ හොංකොං නගරයේ පිහිටා ඇති අතර හොංකොං හි උසම ගොඩනැගිල්ලද වේ.


 9. Petronas Towers 


 ලොව උසම ගොඩනැගිලි අතර දහ වැනි ස්ථානය හිමි කරගෙන ඇති මෙම ගොඩනැගිල්ල ඉතා අලංකාර නිව්න් ගොඩනැගිල්ලකි. මැලේසියාවේ ක්වලම්පූර් හි පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල උසින් මීටර 451.9 ක් ද අඩි 1483ක් වේ. 1992 ඉදිකිරීම් ආරම්භ උන මෙම ගොඩනැගිල්ල 1997 වසර වන විට වැඩ අවසන් විය. 1998 සිට 2004 දක්වා ලොව උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා සිටි පෙට්‍රෝනාස් ගොඩනැගිල්ල තවමත් ලෝකයේ උසම නිවුන් ගොඩනැගිල්ල වේ.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form