ලෝකයේ වැඩිම කාලයක් ජිවත් වන සතුන් හා ඔවුන්ගේ තොරතුරු.🐎🐋🐚🦜🦎🐢🍀🌼🌼🌼

 ලෝකයේ වැඩිම කාලයක් ජිවත් වන සතුන් හා ඔවුන්ගේ තොරතුරු.🐎🐋🐚🦜🦎🐢🍀🌼🌼🌼


🌼🌷ලෝකේ වැඩිම කාලයක් රජ කරන්නේ මිනිස්සු කියලා හිතන් හිටියට අපේ ජිවිත කලේ ජිවත් වෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයක් . මං එහෙම කිවේ ඉස්සර අපේ පැරැන්නෝ එහෙමත් නැත්තන් ආච්චි සීයලා ගේ ආයුකාලයන් අපිට වඩා වැඩි කියලා සමීක්ෂණ වලින් හොයා ගෙන තියෙනවා.


🌼🌷එත් නිකමටවත් හිතුවද මේ ලෝකේ අපි ඇරුනහම අනික් ඉන්න ‍ජීවීන් ගැන. අපි දැකලා තියන දන්න සතුන් ඒ වගේම අහල තියෙන සතුන් වර්ග කෙතරම් කාලයක් ජිවත් වෙනවාද කියලා ඔබ දැනන් සිටියාද?


🌼🌷හරි නොදැන හිටියනම් දුක්වෙන්න දෙයක් නැ . අද මම සතුන් කිහිපදෙනෙක්ගේ ආ‍‍යු කාලය එහෙම නැත්තන් ඔවුන් කොතරම් කල් ජිවත් වෙනවද කියලා කියලා දෙන්නම්.


🌼🌷මං කියන්න යන්නේ ලෝකයේ වැඩිම කාලයක් ජිවත් වන සතුන් හා ඔවුන්ගේ තොරතුරු ගැන.


✨️🌻අශ්වයින් - ( Horses)


🌟🌀වර්ගය, පරිසර පද්ධතිය හා කළණාකරණය යන කරුණු මත වර්ථමානයේ ගෘහාශ්‍රිතව ජිවත් වන අශ්වයින් අවුරුදු 25ත් 30ක් අතර කාලයක් ජිවත් වනවා. ඒ වගේම කලාතුරකින් අවුරුදු 40ය හෝ ඊට වැඩි කාලයක් ජිවත් වූ සිද්ධීන්ද වාර්ථා වන බවත් මතක් කරන්න ඔන . 19 වන සියවසේ දී ජිවත් වුනු OLD BILLY නම් අශ්වයා වසර 62ක් ජීවත් වූ  බව‍ට තොරතුරු වාර්ථා වනවා.😍


 

✨️🌻මැකෝව් - (macaws )


🌟🌀මැකෝ කිව්වහම අපිට මතක් වෙන්නේ පාට පාට ලස්සන ගිරව් විශේෂයක් ඒ වගේම පොඩිත්තන්ටනම් REIO කාටූන් එක නැත්තන් පොලී චිත්‍රපටය මතක් වනවා නිසැකයි . ඉතින් දිග නැට්ටක් සහිත මෙම ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයටද ඇති කරනවා. මොවුන් අවුරුදු 80ත් 100ක් අතර කාලයක් ජියත් වන බවයි පැවසෙන්නේ.😍


✨️🌻ආදා - (Eels)


🌟🌀ආදා කියපු ගමන් අපිට මතක් වෙන්නේ ලිස්සලා යන ගතියනේ. එක‍නේ කියන්‍නේ ආදා වගේ ලිස්සලා ගියා කියලා. කොහොම උනත් මේ ආදා කියන සතාට අවුරුදු 150ක් ජිවත් වෙන්න පුලුවන් කියලා තමයි වාර්ථාවන්නේ.😍


✨️🌻මුහුදු බෙල්ලන් (Arctica Islandica /Ocean Quahog )


🌟🌀ඉහත සදහන් ‍වන්නේ අපි ආහාරයට ගන්නා බෙල්ලන් විශේෂයක්. මෙම සත්ව විශේෂයට වසර 405ක් 410ක් අතර කාලයක් ජිවත් වීමට වාසනාව තියෙනවා. දැනට වාර්ථා වන වැඩිම ආයු කාලය වන්නේ අවුරුදු 507ක් . අවාසනාවකට අපි ඔවුන්වත් කාලා දානවා. මොනවා උනත් ‍ඉතා විශාල කාලයක ආයු කාලයක් මොවුන් සතුයි.😍


 

✨️🌻තල්මසුන් - (Bowhead Whales )


🌟🌀මෙම තල්මසුන් විශේෂය වසර 200ක් පමණ ජිවත් වන බව පැවසෙන අතර මෑත කාලයකදී කල පර්යේෂණ වලට අනුව මෙම තල්මසුන්ගේ ශරීර තුල තිබී වර්ෂ 1890 කාලසීමාවට අයත් බිලි කොකු වල කැබලිත් හමු වෙලා තියෙනවා. එමෙන්ම ඇම‍යිනෝ අම්ල පරික්ෂාවය ලක් කිරීමෙන්ද ඔවුන්ගේ ආයු කාලය වසර 177 සිට 245 ක් තරමි දිවෙන බවයි පැවසෙන්නේ.😍


 

✨️🌻මෝර විශේෂය - ( Greenland Shark )


🌟🌀මෙම මෝරුන් විශේෂය උතුරු අත්ලාන්තික් සාගරය තම නිජභූමිය කරගෙන ජිවත් වනවා . අවුරුදු 200ක් පමණ ජිවත් වන බවයි වාර්ථාවන්නේ.😍


 

✨️🌻කටුස්සන් - ( Tuataras )


🌟🌀මෙම උරග විශේෂය නවසීලන්තයටම ආවේණික වි‍ශේෂයක්. ලොව ජිවත් වන බොහෝ කටුසු වර්ග වලට සමානකම් දක්වයි. මෙම විශ්මිත කටුසු විශේෂය වසර 100ත් 200ත් අතර කාලයක් ජිවත් වන බවට සැලකේ.😍


 

✨️🌻යෝධ ඉබ්බන් (Galapagos Giant Tortoise)


🌟🌀ගැලපගොස් හී යෝධ ඉබ්බන් ගැන අප අසා තිබේ . ගැලපගොස් දූපත් වල ජිවත් වන මෙම යෝධ ඉබ්බන් දැකබලා ගැනීමට නන්දෙසින් සංචාරකයින් පැමිනෙනවා. ‍ඒ වගේම ‍මේ ඉබ්බන් වදවීයාමේ තරජනයටද මුහුණ පා සිටින බව කිය යුතුයි. අවුරුදු 190ක ආයු කාලයක් මොවුන් සතුයි .😍

1 Comments

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form