- කියවන්න 👇👇 විද්‍යාඥයාට ඔහුගේ න්‍යාය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය වූ අතර, මිය යාම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට අයෙකු සොයාගත නොහැකිව කලක් ගතව තිබින.


 - කියවන්න 👇👇

විද්‍යාඥයාට ඔහුගේ න්‍යාය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය වූ අතර, මිය යාම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට අයෙකු සොයාගත නොහැකිව කලක් ගතව තිබින.


 නමුත් අවසානයේ ඔහු ඒ සඳහා පුද්ගලයෙකු සොයා ගන්නා ලදී. හෙතෙම විදුලි පුටුවේ හිඳුවීමට නියම වූ වරදකරුවෙකු විය.

 

  විද්‍යාඥයා ඔහුට යෝජනා කරන ලද්දේ, හදවතේ රිද්මය ක්‍රමයෙන් අඩු කිරීමේ විද්‍යාත්මක අත්හදා බැලීමකට ඔහු සහභාගී කරගන්නා අතර ඔහුගේ ලේ ඉතා සෙමෙන් අන්තිම බින්දුව දක්වා ගලා යාමට සැලැස්වීමක්  එහිදී  සිදුකෙරෙන බවයි. 


  ඒ අනුව වරදකරු වූ තැනැත්තාට දිවි ගලවා ගැනීමේ අවම සම්භාවිතාව පමණක් ඇති බවද, වේදනාවෙන් විලාප නැගීමක් නොමැතිව ඔහු මාරාන්තික තත්වයට පත්වනු ඇතැයිද ඔහු පැහැදිලි කළේය.


  විදුලි පුටුවට වඩා එසේ මියයාම හොඳ යැයි තීරණය කල ඔහු එයට එකඟ වූයෙන්, ඔවුහු  ඔහුව යම් සැකිල්ලක තබා අතපය චලනය නොවන පරිදි ශරීරය බැඳ දමන ලදී. අනතුරුව ඔහුගේ මැණික් කටුවේ කුඩා කැපුමක් සිදු කර, ඇලුමිනියම්  භාජනයක් ඔහුගේ අතට යටින් තබා තිබින.


  ඔහු සැකිල්ලට බරව වැතිරුනු අතර, සමෙහි කපා තිබුනේ මතුපිට පළමු ස්ථර පමණක් වුවද ඔහු නහරයක් කපා දමා ඇතැයි විශ්වාස කළේය. එක් කෙලවරක් බඳුනට ඇතුළු කල, බිංදු ආකාරයෙන් දියර ගලායාම පාලනය කලහැකි කුඩා කපාටයක් සහිත බටයක් තවත් දියර  භාජනයක සිට පැමිනි අතර එහි කපාටය තරමක් විවෘත කරන ලදී.


  ඔහුට දැන් භාජනයට රුධිරය වෑස්සෙන සේ හඬක් ඇසෙන අතර ඒවා බිංදු ගනනින් ගනන් කලහැකි වූයෙන්, ඔහු ඒවා ඔහුගේ රුධිරය ලෙස සැලකීය.


  සිදුවන්නේ කුමක්දැයි නොපෙනුනත්, රුධිරය නැති වී යන බව ඔහුට විශ්වාස කරවීමේ  අදහසින්, බිංදු වැටෙන කාල පරාසය වැඩිවන පරිදි කපාටය තරමක් වසා දමන ලදී. 

විනාඩි කිහිපයකට පසු වරදකරුගේ මුහුණ සුදුමැලි වී, හෘද ස්පන්දනය වේගවත් විය. බලාපොරොත්තු සුන්වීම උච්චතම ස්ථානයට පැමිණෙන විට කපාටය සම්පූර්ණයෙන්ම වසා දැමූ අතර, ඔහුගේ හදවත නතර වීමෙන් ඔහු මිය ගියේය.


 රිනාත්මක හෝ ධනාත්මක හෝ වේවා, අප දකින සෑම දෙයක්ම අපේ සමස්ත වාචික හා ගණිතමය සෝමැටික් යන්ත්‍රය කෙරෙහි බලපාන බව ඔප්පු කිරීමට  විද්‍යාඥයාට හැකි විය.


 මිනිසුන් පවසන්නේ තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව වන අතර ඔවුන් එයට බිය වී මිය යති.


  දිවා රෑ නොබලා ජනමාධ්‍ය තුළින් තොරතුරු මූර්තිමත් කරමින් පෙන්වීම තුළින් අපි බියෙන් පිරී සිටින අතර ප්‍රතිශක්තිකරණය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වේ.

වෛරසයකින් ඇති අවදානම ඇත්තෙන්ම කුඩා  එකක් බව දන්නා නමුත් ඔබේ මනස වෙනත් දෙයක් කරයි. සංකූලතා ඇති විය හැක්කේ ප්‍රතිශක්ති පද්ධතිය ඉතා දුර්වල නම් පමණි.


  සෞඛ්‍යය යහපත් නම් වෛරසය පරාජය වන බවද, ආසාදිතයන් අතරින් මිය යන්නේ ප්‍රතිශක්තිය හීන ඉතා සුලු පිරිසක් බවද, අස්ථානයේ බිය වියයුතු නැති බවද අප දනිමු.


 මරණයට ඇති බිය ගැන ඔවුන්ගේ මනස නොදන්නා, බොහෝ දරුවන් ඉතා නරක අවස්ථා යටතේ පවා ජීවත් වීමට එකම හේතුව වන්නේද මෙයයි.


 සාමාන්‍යය මිනිසුන්ගේ ක්‍රමය නම් යම් විපතක් සිදුවන තෙක් ඒ ගැන නොසිතා ඉතා නිර්භීත ලෙස සිට විපත පැමිනි පසු ඉතා බියපත්ව කටයුතු කිරීමයි. නමුත් විපත පැමිනීමට පෙර ඒ ගැන බියෙන් පසුවී විපත පැමිනි විට ඉතා නිර්භයව කටයුතු කිරීම නියම මිනිසුන්ගේ ක්‍රමයයි.


 වෛරසයද එසේමය, ආසාදනය වූවකු බියවීමෙන් ඇති පලක් නැත. නොබියව සිටීමෙන් තමාගේ මානසික තත්වය යහපත් වන අතර මොලය නිසිලෙස ක්‍රියාත්මක වීමෙන් ප්‍රතිශක්තියද වර්ධනය වනු ඇත.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form