මුඛ ආවරණ තැනූ වෛද්‍ය " වූ ලියන් ටෙක් "


 මුඛ ආවරණ තැනූ වෛද්‍ය " වූ ලියන් ටෙක් "


🔸 ඒ 1910 වසරයි.චීනය පුරා වසංගතයක් පැතිරණි.හාර්බින් නමැති  නගරය දැවැන්ත ලෙස මෙම රෝගයට ගොදුරු විය. දකින දකින මිනිස්සුන් කහින්නට විය. කැස්ස සමග ලේ පිට විය. අවසානයේ සැමගේ උරුමය වූයේ මරණයයි................

සිය දහස් ගණන් ජනතාව මිය ගියහ.එහෙත් එයට හේතුව කිසිවෙක් දැන සිටියේ නැත.....නොයෙක් කටකතා ලොව පුරා පැතිර යන්නට වූයේය...... රෝගය පාලනය කරගන්නට මගක් සොයන්නට උත්සාහ කලහ. වෛද්‍ය කාර්ය මණ්ඩලයද සොහොන් ගැබට තල්ලු කෙරුනි......... 


🟣 මුව ආවරණ සුව සේවා මණ්ඩලයට අනිවාර්ය වේ...........

🍀මෙය ශ්වසන  ආබාධයකි. වෛද්‍ය වූ ලියන් ටෙක් මළ සිරුරු කපා පරීක්ෂණ කරන්නට විය. මෙය බැක්ටීරියාවක් නිසා ඇතිවන්නක් බව සොයා ගන්නට හේ සමත් විය.........    තවද මෙම රෝගය පැතිර යාම වළක්වා ගැනීමට මුඛ ආවරණයක් දමන්නට යෝජනා  කළේය .සුව සේවා කාර්ය මණ්ඩලය මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය කරන නීතියක්  ගෙන එන ලෙස ඔහු රජයෙන්  ඉල්ලා සිටි අතර එයට අනුමැතිය  ලැබුණි....... ඒ අනුව අදත්  මුව ආවරණ පැලදීම සුව සේවා  කාර්ය මණ්ඩල වලට අනිවාර්යය ඇත ...... ඉන් නොනැවතී  සාමාන්‍ය ජනතාවද , මුව ආවරණ පළඳින්නට පටන් ගත් හෙයින් එවක එම වසංගතය පාලනය විය.... මේ නිසාම වෛද්‍ය  වූ ලියන් ටෙක්   ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර විය..... Covid 19 වසංගතය පාලනය කරන්නට චීනය මෙම අත්දැකීම යොදා ගන්නට ඇතැයි කියති.....   


🟣 කවුද මේ වූ ලියන් ටෙක් 

🍀 අද කවුරුත් කතා කරන මුහුණු ආවරණ නිරෝධායනය ලොවට හඳුන්වා දෙන ලද මෙම වෛද්‍යවරයා 1879 මාර්තු මස 10 වැනි දින මැලේසියාවට අයත් දූපතක උපත ලද්දෙකි...... වයස අවුරුදු දාහතේදී එමානුවෙල් විද්‍යාලයේ  අධ්‍යාපනය ලබන්නට ශිෂ්‍යත්වයක්  දිනා ගත්තේය......... ඉන් පසු ලන්ඩනයේ  ශාන්ත මරියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව වෛද්‍යවරයකු වන්නට වාසනාව උදාවිය.......  


🟣 නිරෝධායන සංකල්පය 

🍀  රෝගීන් අන් අයගෙන් වෙන්කර තබා ගැනීම ඉතා හොඳ උපක්‍රමයක් වන බව ඔහු පෙන්වා දුන්නේය...... නිරෝධායන සංකල්පය චීන ජනතාව අතරට පැමිණියේ ඒ ආකාරයෙනි.මෙම කරුණ පිළිබඳව මනාව වටහාගත් එවක චීන ආණ්ඩුව සංචරණ සීමා උල්ලංඝනය කරන තැනැත්තන් මරා දමන බව ප්‍රචාරය කරන ලදී ...... ඉන් නොනැවතී එලෙස සංචරණ සීමා උල්ලංඝනය කරන තැනැත්තන්ට වෙඩි තැබුවේය ........ මෙම තීරණය නිසා රෝගය පාලනය එරට සමත් වූ බව සඳහන්ය ......... 


🟣 කපු කටින්නන්ගෙන් ආදර්ශයක්

🍀 ඔහු මෙම අදහස ලබාගෙන ඇත්තේ  කපුකටින තැනැත්තන්ගේ සිරිත් අනුසාරයට ගනිමිනි . කපු කැටීමේදී කපු අංශු නාසයට යාම වලක්වා ගන්නට මුව ආවරණ සමත් වනු ඇතැයි මෙම වෛද්‍යවරයාට සිතුනි....... එය අද මල් ඵල දරා ඇත...... මෙම කරුණ නිසා මුව ආවරණ තැනූ මිනිසා යන නාමයෙන් මෙම වෛද්‍යවරයාට බුහුමන් දක්වයි..... මුහුණු ආවරණ පැලැඳීමෙන් රෝග පාලනය කිරීම 1880දී ප්‍රංශයේ අතිශයින්ම සාර්ථක වූ බව සඳහන්ය.... 1928 පමණ කාලයේ මුහුණු ආවරණ යන්න  උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. ස්පාඤ්ඤය ද ඉන් පසු කලෙක මෙය යොදාගෙන ඇති අතර බලහත්කාරයෙන්  ප්‍රදේශ අගුළු දමන්නටද  කටයුතු කළ ඇත..... නමුත් ජනතාව කියා ඇත්තේ තමන්ට එරෙහි ව බලය යොදාගත් බවයි.......

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form