ලේකයේ උසම පාම් වර්ගය* 🌱
📌 වැක්ස් පාම් එහෙම නැත්නම් Palma de cer කියන්නේ කොලොම්බියාව ජාතික වෘක්ෂයයි...... මේ පාම් ගස් ලෝකයේ උසම පාම් ගස් විශේෂය ලෙස ද සැලකෙනවා. මේ පාම් විශේෂය බහුලවම දකින්න ලැබෙන්නේ වයඹ දිග කොලොම්බියාවේ ඇන්ඩීස් කඳුකරයේ මීටර් 1,800 ත් 2,400 ත් අතර උන්නතාංශය තියෙන කොකෝරා නමින් හැඳින්වෙන මිටියාවතේ ය.මේ වගේ උසක තියෙන හින්දා කොකෝරා මිටියාවත හැමවෙලේම තියෙන්නෙ වලාකුළු වලින් වැසී ගිහින්.........ඉතින් මේ සුදෝ සුදු වළාකුළු මැදින් උසට උසේ පෙනෙන පෙනෙන වැක්ස් පාම් ගස් මේ නිම්නයට ඇති කරන්නේ ඇදහිය නොහැකි සුන්දරත්වයකි.......... වැක්ස් පාම් ගසක් මීටර් 50 ක් විතර උස යනවා ......... ඒ වගේම මේ ගසක් අවුරුදු 120 ක් විතර කාලයක් ජීවත් වෙනවා............. මේ ගසේ කඳ සිලින්ඩරාකාර වන අතර කඳ ඉටි සහිතය....... මේ ඉටි ඉස්සර සබන් සහ ඉටිපන්දම් හදන්න පාවිච්චි කරලා තිබෙනවා. සියවස් ගණනාවක් පුරාවට කිතුනු බැතිමතුන් විසින් පාම් ඉරිදා සැමරීමට මෙම පාම් ගස් වල අතු යොදාගෙන තියෙනවා.එම නිසාම මෙම ගස් වලට නරක දසාව කුත් ලබලා තියෙනවා ......... කිතු සමිඳුන් ජයග්‍රාහී ලීලාවෙන් ජෙරුසෙලම නගරයට පාම් අතු රැගෙන ඇතුළු වූ අයුරු පාම් ඉරිදා සැමරීමෙන් සිහිපත් කෙරෙනවා.එලෙස විනාශ වෙමින් පැවති මෙම වැක්ස් පාම් ගස් රැක ගැනීමේ අරමුණෙන් කතෝලික දේවස්ථාන සහ කොලොම්බියා රජය විසින් ඇති කරගත් එකඟතාවයක් මත මෙම ගස් කැපීම තහනම් කර ඇත....... වර්තමානයේ මෙම ගසක් සැපයීම දඬුවම් ලැබිය හැකි වරදකි.........