ලෝකයේ සිටින පිලිහුඩුවන්ගේ තොරතුරු ..................
📍මසුන් දඩයම් කරන්නන් අතර රජු හෙවත් kingfisher යනුවෙන් මෙම පිළිහිඩුවන් හැඳින්වෙති. ලොව පුරා බොහෝ ස්ථානවල දී පිළිහුඩුවන් දැකගත හැකිය. එහෙත් මොවුන් අතරින් තිදෙනෙකු මසුන් දඩයම් නො කිරීම ද විශේෂත්වයකි.දිය යට සිටින මසුන් ඇල්ලීම සඳහා විශේෂිත වූ සිරුරක් ඔවුන්ට ලැබී ඇත............
☘️ නීලවර්ණ පිලිහුඩුවා
සිරුරේ නිල් පැහැයට හුරු පැහැය නිසා පක්ෂියාට මෙම නම ලැබී ඇත. කුඩා නිල් පිලිහුඩුවා යන නමින්ද, හදුන්වයි.පපුවේ සුදු පැහැති සලකුණක් දැක ගත හැකිය. සාමාන්‍ය පිලිහුඩුවාට බොහෝ සෙයින් සමානය...........
▫️ ප්‍රදේශ - ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු කලාපයේ .
▫️ ආහාර - ජලජ කෘමින්, ක්‍රස්ටේෂියාවන් ,කුඩා මසුන්.
▫️ දිග - සෙන්ටිමීටර 13 ක් පමණ .
▫️ බර - ග්‍රෑම් 34 - 46ක් පමණ.
☘️ බෙල්ටඩ් කින්ෆිෂර්
අලු පැහැය පදනම් කරගත් ශරීර වර්ණයක් ඇත. හිස විශාලය. ඔටුන්නක් වැනි පිහාටු පිහිටා ඇත.කුරුල්ලා කිරිල්ලියට වඩා දීප්තිමත්ය.පපුවේ නිල් පැහැ පටියක් ඇත............
▫️ ප්‍රදේශ - ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව.
▫️ ආහාර - උභය ජීවීන්, කෘමීන්, මත්ස්‍යයන්, උරගයන්
▫️ දිග - සෙන්ටිමීටර 48 - 58.
▫️ බර - ග්‍රෑම් 113 - 178
☘️ සුදු උගුරක් ඇති පිලිහුඩුවා
සුදු පැහැ පපුවක් ඇති පිලිහුඩුවා ලෙසින්ද හඳුන්වයි.දැනට උප විශේෂ හයක් හඳුනාගෙන ඇත.පිහාටු නිල් පැහැතිය.ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ එක් උප විශේෂයකි. හිස දුඹුරු පැහැතිය. හොට රතු පැහැතිය.
▫️ ප්‍රදේශ - තුර්කිය, ඉන්දියා උප මහද්වීපයේ සිට අග්නිදිග ආසියාව.
▫️ ආහාර - කුඩා මසුන් , ගොඩබිම වෙසෙන කෘමීන් .
▫️ දිග - සෙන්ටිමීටර 27 - 28 පමණ .
▫️ බර - ග්‍රෑම් 65 - 81
☘️ කොල පිලිහුඩුවා
අනෙකුත් පිළිහුඩුවන් මෙන් නොව සිරුර කොළ පැහැයට හුරුය. කුරුල්ලාට වඩා කුඩා කිරිල්ලියගේ පපුවේ තැඹිලි පැහැ සළකුණක් ඇත.උප විශේෂ පහක් හඳුනාගෙන තිබේ. වනාන්තරයේ සහ කඩොලාන ආශ්‍රිතව වාසය කරයි.
▫️ ප්‍රදේශ - ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාව.
▫️ ආහාර - මසුන්, ජලයේ වෙසෙන කෘමීන්.
▫️ දිග - සෙන්ටිමීටර 20 පමණ
▫️ බර - ග්‍රෑම් 33 - 35 පමණ .
☘️ අළු හිස ඇති පිලිහුඩුවා
අළු පැහැයට හුරු හිසක් ඇත . දීප්තිමත් නිල් පැහැ වලිගයක් පිහිටා ඇත .වියලි බිම් ආශ්‍රිතව වාසය කරයි . තනිව හෝ ජෝඩු වශයෙන් දැකගත හැකිය .
▫️ ප්‍රදේශ - අප්‍රිකා සහ අරාබි නිවර්තන කලාපයේ .
▫️ ආහාර - මාළුන්, කුඩා කෘමීන් වර්ග .
▫️ දිග - සෙන්ටිමීටර 21
▫️ බර - ග්‍රෑම් 41- 60
☘️ මල් පිලිහුඩුවා
කුඩා පිලිහුඩුවෙකු වන මොහුගේ උප විශේෂ හතක් සිටී.කෙටි වලිගයක් සහ ලොකු හිසක් ඇත. සිරුරේ ඉහළ කොටස නිල් පැහැතිය. යට කොටස තැඹිලි පැහැතිය.හොද දෘෂ්ටියක් ඇත.
▫️ ප්‍රදේශ - යුරේසියානු කලාපය සහ උතුරු අප්‍රිකානු ගංගා.
▫️ ආහාර - මාළුන්, කුඩා කෘමීන් වර්ග.
▫️ දිග - සෙන්ටිමීටර 25
▫️ බර - ග්‍රෑම් 34 - 46
☘️ පුල්ලි වැටුන පිලිහුඩුවා
දැනට ලොව උප විශේෂ 5 ක් හඳුනාගෙන ඇත.කළු සහ සුදු පැහැ සිරුරක් ඇත.කුරුල්ලන්ගේ පපුවේ කළු පැහැ පටි දෙකක් ඇත. කිරිල්ලියන්ගේ ඇත්තේ එක පටියකි.එයද මැදින් බෙදී ඇත.
▫️ ප්‍රදේශ - අප්‍රිකාව සහ ආසියානු ගංගා ආශ්‍රිතව.
▫️ ආහාර - මසුන්, කෘමීන් ,උරගයන්.
▫️ දිග - සෙන්ටිමීටර 25
▫️ බර - ග්‍රෑම් 35 - 45
Supiri
ReplyDelete👍👍
ReplyDelete