ජපානයේ ආකර්ෂනීය පොකුණ
🌀 ජපානයේ ගිෆු පළාතේ සේකි නගරයට මදක් ඔබ්බෙන් වූ වනාන්තරයේ දුටුවන් මවිත කරවන සුළු ආකර්ෂණීය පොකුණක් දක්නට ලැබේ.......
මිනිස් ක්‍රියාකාරකම් වලින් නොකිලිටි , කැඩපතක් බඳු ජලය ඇති මෙම පොකුණ සිහි ගන්වන්නේ අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බොහෝ කාලයක් වැයකොට අඳින ලද මනරම් සිතුවමකට ය........
සැබැවින් මෙම පොකුණ ප්‍රංශ චිත්‍ර ශිල්පී ක්ලෝඩ් මොනෙට්(1840 - 1926) විසින් චිත්‍රණය කළ සිතුවම් මාලාවක් වන ලිලී පොකුණේ ඇති පොකුණු වලට බෙහෙවින්ම සමානය ......... මේ නිසාම මෙම පොකුණ මොනෙට්ගේ පොකුණ නමින් ද, ප්‍රචලිතය.......
මෙම පොකුණ මුලින්ම තිබී ඇත්තේ ජරාවාස වී ය ... 90 දශකයේ එය වන උද්‍යානයක භාරකරුවකු විසින් පිරිසිදු කර මානෙල් මල් සිටුවා ඇත ...... පසුව එයට අවට ගම්වාසීන් විසින් Koi නම් සුරතල් මසුන් ගෙනැවිත් දමා ඇත ....... ක්ලෝඩ් මොනෙට් වයස අවුරුදු 60 දී ලිලී පොකුණ සිතුවම් පින්තාරු කිරීමට පටන් ගත්තේය .......... මොනේට්, දකුණු ඇමරිකාවෙන් සහ ඊජිප්තුවෙන් මානෙල් මල් ආනයනය කර සිය උද්‍යානයේ පොකුණුවල වගා කරමින් ඒවා නරඹමින් ලිලී පොකුණ සිතුවමට නැගීය.......... මොනෙට් සිය ජීවිතයේ අවසාන 26 වසර තුළම සිදුකළේ ලිලී පොකුණ චිත්‍ර මාලාව සිතුවම් කිරීමය........ මෙම චිත්‍ර මාලාවට තෙල් සිතුවම් 250 කට වඩා අයත්ය....... මේවා මොනෙට්ගේ වඩාත්ම ප්‍රසිද්ධ කලා කෘතිය .......
ජපානයේ මොනෙට්ගේ පොකුණ අසලට ළඟා වීම ලෙහෙසි නැත . එය තිබෙන්නේ මිනිස් වාසයෙන් බොහෝ දුරකය.... එම නිසා වසර ගණනාවක් එය මිනිස් පහසින් වසන්ව තිබී ඇත...... නමුත් දැන් දැන් බොහෝ පිරිස් මෙම පොකුණ නැරඹීමට යති....... මොනෙට්ගේ සිතුවම් නිසා මෙම පොකුණට මහත් ප්‍රසිද්ධියක් ලැබී ඇත..........