ස්වාභාවික සබන් ගස...............
🌳 සබන් යනු , වර්තමාන මනුෂ්‍ය වර්ගයා සමඟ බැඳී පවතින්නකි. එදිනෙදා ජීවිතයේ දී ඇඳුම් පිරිසිදු කිරීම , ස්නානය කිරීම සහ මුළුතැන්ගෙයි උපකරණ ආදී නොයෙකුත් දෑ සේදීම සඳහා සබන් භාවිතා කරන බව අපි දනිමු......... අපි දැන් භාවිතා කරන රසායනික සංයෝග අඩංගු කෘතිම සබන් භාවිතයට ඒමට පෙර, පුරාණ කාලයේ සබන් ලෙස භාවිතා කරන්නට ඇත්තේ මොනවාද ? ( බැබලෝනියානු වැනි ඉපැරණි ශිෂ්ඨාචාරවලදී සත්ත්ව මේදය, ශාක තෙල්,ශාක අළු සහ ලවණ මිශ්‍ර කිරීමෙන් සබන් වැනි ද්‍රව්‍ය නිපදවා තිබේ) මහාවංශයට අනුව ක්‍රිස්තු පූර්ව 5 වන සියවසයේ දී විජය කුමරු ශ්‍රී ලංකාවට ගොඩ බසින විට කුවේණි ගසක් යට කපු කටිමින් සිටිය බව පැවසේ.... ඉතින්, අපේ මුතුන් මිත්තන් මෙන්ම ආදිවාසීන්ද මේ ඇඳුම් සේදීමට මෙන්ම සිය ශරීරය පිරිසිදු කිරීමට භාවිතා කළේ මොනවාද ? මෙම පුරාණ ජනයා ශාක කොටස් සබන් ලෙස භාවිතා කර ඇති බව ඔබ දන්නවාද ? සබන් ගස නමින් හඳුන්වනු ලබන ඉතා වැදගත් ශාකයක් මෙහිදී අපට හමු වේ ..... සබන් ගස නමින් පොදුවේ හැදින්වුව ද, එහි විශේෂ ගණනාවක් ඇති අතර ඒවා ඉන්දියාව , නේපාලය, ඉන්දුනීසියාව,චීනය, ජපානය ,උතුරු සහ දකුණු ඇමරිකාව ඇතුළු බොහෝ රටවල දක්නට ලැබේ.... පුරාණ ආසියානු ජනතාව මෙන්ම ස්වදේශික ඇමරිකානුවන් විසින්ද සේදීම සහ පිරිසිදු කිරීම සඳහා මෙම ශාකයේ ඵල භාවිතා කර ඇත ........ සැපින්ඩේසියේ ( sapindaceae ) කුලයේ , සැපින්ඩස් ( Sapindus ) ගණයට අයත් ශාක පොදුවේ සබන් ගස් ලෙස හැඳින්වේ ...... ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙන්ම අතරමැදි කලාපයේ දකින්නට ලැබෙන්නේ සැපින්ඩස් එමාර්ජිනේටස් ( Sapindus emarginatus ) සහ සැපින්ඩස් ට්රයිෆෝලිඒටස් ( Sapindus trifoliatus ) විශේෂ දෙකක් වෙයි........ දේශීයව ඒවා ගස් පෙනෙල සහ කහ පෙනෙල ලෙස පිළිවලින් හඳුන්වයි ........ එසේ වුවද, පවිත්‍රතා කටයුතු සඳහා වඩාත්ම භාවිතා කර ඇත්තේ ඉන් පළමු වැන්න හෙවත් ගස් පෙනෙල ශාකය වෙයි ....... නිවර්තන කලාපීය , මීටර් 18 ක් පමණ උසින් වැඩෙන ගස් පෙනෙල මධ්‍යම සිට විශාල ප්‍රමාණයේ පතනශීලී ගසක් වන අතර මීටර්1.5 ක කඳ වට ප්‍රමාණයකින් යුක්ත වේ ..... මෙම ශාකයේ ඵලයේ, ඵලාවරණය සැපොනින් ( saponin ) නම් ස්වාභාවික සංයෝගයේ ප්‍රධාන ප්රභවය වෙයි.... Sapo යන ලතින් වදනේ සිංහල තේරුම සබන් යන්නයි ..... සැපොනින් ජලයේ දිය වන විට පෙණ දමයි ...... එමගින් මතුපිට ඇති අපිරිසිදු කොටස් සහ දුර්ගන්ධය ඉවත් කරයි....... වර්තමානයේ දී ද සැපොනින් සබන් සහ පවිත්රකාරක නිෂ්පාදන සඳහා යොදා ගනී....... ඇඳුම් සේදීමේදී සබන් වෙනුවට ආදේශකයක් ලෙස එය භාවිතා කරන අතර ෂැම්පු ලෙස ද භාවිතා කරයි....... මීට අමතරව රන් සහ රිදී පළදනා සහ ආයිත්තම් ආදියේ මලින වීම ඉවත්කර ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහාද යොදා ගනී........ අස්වැන්න නෙලා ගත් පසු බීජ වියළා ගනු ලැබේ ..... වියලි බීජ වල වර්ණය කලු සිට දුඹුරු පැහැය දක්වා වෙයි .... වියළි බීජයේ ඇටය ඉවත්කර ඵලාවරණය පමණක් රැස්කරගනු ලැබේ..... වියළි ඵලාවරණය ජලයේ පොඟවා මිරිකූ විට පෙණ නගින්නට ගනී.... පවිත්‍රතා කටයුතු සඳහා යොදා ගන්නේ මෙම දියර යයි..........