බිම වැටිලා අහක යන බිලිං වලින් මුද්දරංපලන් (වියලි මිදි) හදමුද.. හරිම ලේසි.. බිලිං ගෙඩි දෙකොන කපලා බුලත් විට කන හුනු ස්වල්පයක් දිය කර ගත් වතුරේ පැය දොලහක් විතර තියලා පසුව රත්කරගත් සීනි ද්‍රාවණයක දින පහක් තියලා අව්වේ වේලලා ගත්තම රසම රස මුද්දරංපලන් වගේම බිලිං කන්න පුළුවන්..
මේවායේ ළපටි බිලිං ගෙඩි ලුණු දාලා හොදට තම්බගෙන වතුර අයින් කරලා අව්වේ වේලලා මිරිස් ලූනු කරපිංචා දාලා තෙම්පරාදු කරලා ගත්තම අව්රුද්දක් උනත් තියාගෙන කන්න පුළුවන් රස කෑමක් හදාගන්නත් පුළුවන්.. ආමාශයට ඉතා හිතකර කෑමක්.. ඖෂධීය ගුණයෙන් අනූනයි..ඒත් බිලිං ගස් යට මොන තරම් නම් ගෙඩි වැටිලා අහක යනවද..