*කිතුලේ වගතුග🌳
🫐කිරි ටිකක් කන්න කියාපු දේ පැණියි. පැණිවලිනුත් වඩාත් ගැලපෙන්නෙ කිතුල් පැණියි. කිතුල් පැණිවල තියෙන ඉමිහිරි රසය වෙනත් පැණි වර්ග වල නැත. පැණි වගේම හකුරුත් එසේමයි. කිතුල් හකුරු කෑල්ලක් එක්ක බොන තේ එකේ රස දන්නේ එහෙම තේ බීපු අය විතරමයි.අපේ රටේ තියෙන ඉස්තරම්ම පැණි හදන්නේ කිතුල් ගසෙන්. ඒක කර්මාන්තයක්.අද අභාවයට යමින් තිබුනත් මීට දශක කිහිපයකට පෙරත් ගම්බදව තිබුණු හොදම කර්මාන්තයක් .
🍁 කිතුල් ගසේ වග
🫐 කිතුල් ආසියානු කලාපයේ බොහෝ රටවල දක්නට ලැබෙන ශාකයක්.පැල්මේ කුලයට අයත් මෙම ශාකය ඉංග්‍රීසි බසින් Fish tail palm නමින් හදුන්වනවා. උද්භිද විද්‍යාත්මක නාමය ( Caryota urens ) වේ. ග්‍රීක බසින් කිරියෝටා ලෙස හදුන්වන්නෙ රටඉදි වර්ගයක්.යුරේනස් ලෙස හදුන්වන්නෙ වැඩි වශයෙන් උණු කිරීමෙන් ලබා ගන්නා රසවත් ද්‍රව්‍යක් . රටඉඳි ගසත් මෙන් සෘජුව වැඩෙන නිසාත් මලෙන් වැගිරෙන සාරය උනු කළ විට ලැබෙන පැණි නිසා මෙසේ හඳුන්වනු බවට මතයක් ඇත.තාල වර්ගයට අයත් කිතුල් ගස, පොල් ගසට සමාන බවක් දක්වනවා. සාමාන්‍යයෙන් කිතුල් ගසක් අඩි 40-50 ත් අතර උසකට වර්දනය වන අතර තෙත් කලාපීය දේශගුනයක් සහිත ප්‍රදේශවල සරුවට වැඩෙනවා.
🍁 වැඩෙන ප්‍රදේශ.
🫐 ආසියාවේ නිවර්තන ප්‍රදේශවල බහුලව වර්ධනය වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 3000 පමණ උස ප්රදේශවලද දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල බහුලයි. පාරිසරික බලපෑම් අනුව ව්‍යාප්තිය සිදු වෙනවා.
🍁 කිතුල් මල
🫐 කිතුල් ගසේ වැදගත්ම කොටස කිතුල් මලයි.මලේ නටුව ඉතා ම ශක්තිමත් ය .නටුව කදේ සිට මීටරයක් පමණ දිගට ඇදී අගින් සිය ගණනක් වූ රෑන් වලින් නිර්මාණය වී පහළට එල්ලා වැටෙයි. කිතුල් මලක් සාමාන්‍යයෙන් මීටර් 3 ක් හෝ 4 ක් දිගයි.රැහැන්වල ළා දම් පැහැති පෙති තුනක් සහිත කුඩා මල් සිය ගනනක් හට ගනියි.මල් පෙති ඉතා ඝනකමය.මල පිපෙන විට සුදු පැහැතිය.මල මෝරන විට ක්‍රමයෙන් කලු පාටට හැරෙයි.
🍁 හකුරු නිෂ්පාදන
🫐 හකුරු නිෂ්පාදනය කරන්නේ කිතුල් මලෙන් ලබා ගන්නා යුෂෙන්.එම යුෂ තෙලිදිය නමින් හදුන්වයි.තෙලිදිය ලිප තබා පදම එනතුරු හැදි ගෑ යුතුය. පසුව ඝන වන විට පිරිසිදු කරගත් පොල් කටු වලට දමා නිවෙන්නට තබයි. පොල් කටුවට වත් කළ හකුරු බෑ දෙකක් එක් කොට කෙසෙල් පරඬලාක ඔතා හකුරු මුලක් සකස් කරයි.
🍁 කිතුල් පැණි
🫐 හකුරු නිපදවන ආකාරයටම තෙලිදිය පදමට උණුකොට පැණි නිෂ්පාදනය කරයි. බොහෝවිට පැණි වත් කරන්නේ බෝතල් වලටය. නැතිනම් පුවක් කොළයක යටි පැත්තේ ගොරෝසු කොටස ඉවත් කර පිරිසිදු කර එය මල්ලක් සේ සකස් කර පැණි වත් කරයි. එය හැදින් වූයේ පැණි මුල නමින් .
🍁 හකුරු වර්ග.
🫐 සුදු හකුරු - සාමාන්‍ය හකුරු වලට වඩා මෘදුය.
🫐 ඉටි හකුරු - තෙලි දියෙන් සාදාගන්නා හකුරු විශේෂයක්.තද බවින් වැඩියි. කැබලි කිරීමට අපහසුයි.
🫐 වැලි හකුරු - මුල් බැද කලක් තිස්සේ දුම්මැස්සේ එල්ලා තබන හකුරු.
🍁 කිතුල් වලට වෙළෙඳ පොළ.
🫐 ශ්‍රී ලංකාවේ කිතුල් නිෂ්පාදන වලට ලෝකයේ හොඳ ඉල්ලුමක් ඇත. විශේෂයෙන් පැණි හා හකුරු වලට ඇති ඉල්ලුම අධිකයි.
🍁 කිතුල් අපනයන කරන රටවල්.
🫐 එක්සත් රාජධානිය
🫐බෙල්ජියම
🫐ජර්මනිය
🫐 නෙදර්ලන්තය
🫐 ප්‍රංශය
🍁 කිතුලේ ප්‍රයෝජන.
කිතුල් ගසෙන් ලබා ගන්නා ප්‍රයෝජන රැසකි. කිතුල් ගසේ සෑම කොටසකින්ම පාහේ ප්‍රයෝජනවත් දේ සාදාගත හැකියි .
🫐 කිතුල් මල - තෙලිදිය ලබා ගැනීම. ඒ මගින් හකුරු, පැණි, රා, විනාකිරි නිෂ්පාදනය කිරීම.
🫐 කිතුල් බඩය - කිතුල් කදේ කිතුල් පිටි තැන්පත්ව ඇත. ගස කපා දැමීමෙන් පසුව කද පලා මදය කොටා පිටි වෙන්කර ගනී .
🫐 කිතුල් පිටි - ඉතා පෝෂ්‍යදායක මෙන්ම සිසිලස සිසිලස වැඩි ආහාරයක් ද වෙයි. කිතුල් පිටිවලින් තලප, කැඳ ,පිළියෙල කරගත හැකිය. ගිනියමට, පිතට, අර්ශස් රෝගයට ගුණදායකය.
🫐 සුඹුල - පොත්ත සූරා ගන්නා සුඹුලේ ඖෂධීය ගුණයක් ඇත.
🫐 කිතුල් රැහැන් - අලංකරනය කිරීමට භාවිතා කරයි .විවිධ නිර්මාණ සදහා යොදා ගනියි .
🫐 කද - ගෘහ භාණ්ඩ සෑදීමට ගන්නා අතර පරාල,රීප්ප ආදියටද ගනී.අමතරව පඩි පෙලවල් සෑදිමට හා මෝල් ගස් සෑදීමට ද ගනී.