#අලි_කුලප්පුව ඊයේ මොකක්ද උනේ කියලා මෙන්න කියලා තියනවා හරියටම දැනගන්න..! 😲
හැමෝටම හොදයි කියලා හිතනවා ඊය දවසෙ වුනු දේ ඇසින්දුටු කෙනෙක් කියපු එක දාන එක...
"කතරගම දේවාලෙ කරඩුව වඩම්මන ඇතා කුලප්පු වෙලා දෑලෙ ඇත්තු දෙන්නට වලි දැම්මා ඒකෙනුයි සිද්දිය පටන් ගත්තෙ කියල තමයි ආරංචි උනේ . කොහොමහරි දෑලෙ අලි දෙන්න කොටුගොඩැල්ල වීදියෙන් දුවගෙන ආව දලදා වීදියට. ඇතා රන්සිවිගෙයත් බැදගෙනම පන්නගෙන ආව. දලදා කරඩුව එතකොට හරියටම එතන. දෑලෙ අලි දෙන්න කඩාගෙන ආව පෙරහැර මැද්දට. මිනිස්සු සීසීකඩ දිවුවා. දලදා කරඩුවෙ දෑලෙ ඇත්තු දෙන්න පැත්තකට අයින් උනා. රාජා හරියටම පාරෙ මැද්දෙ පාවඩේ උඩම හිටිය හෙල්ලෙන්නෙවත් නැතුව නිකන් මට නෙවෙයි වගේ. අරුන් දෙන්න රාජ දැකල එතනම ගැහුව බ්රේක්. ඊට පස්සෙ ඇත් ගොව්වො උන් දෙන්න අල්ලලා ගැට ගැහුව. කාටවත් කරදරයක් නෑ. බයට දුවන්න ගිහින් හයහත් දෙනෙක්ට පොඩ්ඩක් තුවාල. හැබැයි ඒක නිකන් යුද්ධයක් මැද්දට හාමුදුරු නමක් වැඩිය වගේ. දලදා වහන්සේ දැක්ක ගමන් අරුන් දෙන්න හා පැටවු වගේ උනා...."🙏🙏🙏❤️❤️❤️
"අපි මේ දවස් දහයම දලදා හාමුදුරුවන්ව රකිනවා... කලින් දෙපාරක්ම කතරගම දේවාලෙ අලි කුලප්පු උනා. මෙංච්චර ලොකුවට ගියෙ නෑ. අදනම් එක යුද්දයයි. ඒක නිකන් ඇත්තටම හාස්කමක් වගේ. අරුන් දෙන්න එසැනින් නැවතුනා. රාජ හිටිය නිකන් සිංහයා වගේ.... පෙරහැර එකෙන් පැය බාගයක් විතර පරක්කු උනා. ආයම අලුතින් දෑලෙ අලි දෙන්නෙක් අන්දවාගෙන තමා ආවෙ. "🙏🙏❤️❤️
සිද්ධිය ඇසින්දුටු Niranthara viraj (STF) (මේ එතන සිද්ධිය වෙද්දි ඒ point එකේ රාජකාරි කරපු police stf නිලධාරියා.